The Leader News
BREAKING
Top Ad
Opinion

සලේ ; 'අපි හැමෝටම අපේ ජීවිත වෙනස්කළ ඒ සිද්ධිය ගැන ඇත්තම ඇත්ත - දැනගන්න ඕනි. එච්චරයි' | Mahesh Hapugoda

T

The Leader Desk

March 15, 2026 • 11:28 AM

සලේ ; 'අපි හැමෝටම අපේ ජීවිත වෙනස්කළ ඒ සිද්ධිය ගැන ඇත්තම ඇත්ත - දැනගන්න ඕනි. එච්චරයි' | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සුරේෂ් සලේ වෙනුවෙන් දැන් අත්සන් ව්‍යපාරයක් පටන් අරගෙන. ඒ සුරේෂ් සලේ කියන්නේ යුධ වීරයෙක් ඒ නිසා සලේ යුධ වීරයෙක් වීම නිසාම වෙනත් දෙයකට සම්බන්දයි කියල හිතන්න එපා කියන පදනමෙන්.
  • නමුත් වෛද්‍යවරයා පොලිසියෙන් නවත්වල වරද ගැන සඳහන් කලාම තමන් වෛද්‍යවරයෙක් වීම නිසා ඉර කැපීම වරදක් ලෙස සලකන්න එපා යනුවෙන් තර්ක කිරීම එතරම් අදාල දෙයක් නෙවෙයි.
  • ඊට එහායින් යන ලංකාවේ සිද්දවෙච්ච ඉතාම සාහසික, ම්ලේච්ඡ, අපරාධමය සහ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණකාරී චෝදනාවක්.
  • මේ රටේ ඉතිහාසය නැවත නොවෙනස්වන ලෙස වෙනස් වූ සිද්ධියක් ගැන කතාවක්.
අකුරු ප්‍රමාණය (Font Size):


මේක පොදුවේ රාජපක්ෂල විසින් අපිට හිතන්න යෝජනා කරන එක විදියක්. එයාල ඒක හැමදාම පාවිච්චි කළා. යුද්දේ අවසන් කළ නිසා සහ ඒ නිසාම වෙනත් වරදක් ඔවුන් අතින් සිදුවීමේ හැකියාවක් නැහැ කියල හිතන්න සලසන එක.

මම හිතන්නේ ඒක එතරම් සාධාරණ තර්කයක් නෙවෙයි. මොකද යුද වීරයෙක් වීම නිසාම කෙනෙක් වෙනත් වරදක් කරන්න හැකියාවක් නැහැ කියල හිතීම අභාෂ සහිත තර්කයක් වීම. ඒක සලේ සම්බන්දයෙන් විතරක් නෙවෙයි හැමෝම සම්බන්දයෙන් සත්‍යයක්.

 

suresh 12 11 24 1000x600
යමෙක් භික්ෂුන් වහන්සේ කෙනෙක් වීම නිසාම වරදක් වීමේ හැකියාවක් නැහැ කියල හිතන්න බැහැ. හැකියාව අවම වෙන්න පුළුවන්. හැබැයි සම්පුර්ණයෙන් වෙන්නේ නැහැ කියන්න බැහැ.

යමෙක් වෛද්‍යවරයෙක් වන නිසාම පාරේ ඉරි කපන්න හැකියාවක් නැහැ කියල හිතනවා වගේ දෙයක් ඒක. යමෙක් වෛද්‍යවරයෙක් වීම එක දෙයක්. ඔහු හෝ ඇය හදිසි හේතුවක් නිසා පාරේ ඩබල් ඉර කැපීම වෙනත් දෙයක්. ඒ දෙක දෙකක්. නමුත් වෛද්‍යවරයා පොලිසියෙන් නවත්වල වරද ගැන සඳහන් කලාම තමන් වෛද්‍යවරයෙක් වීම නිසා ඉර කැපීම වරදක් ලෙස සලකන්න එපා යනුවෙන් තර්ක කිරීම එතරම් අදාල දෙයක් නෙවෙයි. හැබැයි පොලිසියේ අය ඔය දෙවැනි හේතුව නිසා යන්න දෙන වෙලාවල් තියනවා.

ඒක වෙනම එකක්.

1139833890

හැබැයි සලේට නැගෙන චෝදනාව ඉරි කැපුවා වගේ සුළු සිවිල් වරදක් නෙවෙයි. ඊට එහායින් යන ලංකාවේ සිද්දවෙච්ච ඉතාම සාහසික, ම්ලේච්ඡ, අපරාධමය සහ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණකාරී චෝදනාවක්. මිනිස් ජීවිත දෙසිය ගණනක ජීවිත සහ කඳුළු ගැන කතාවක්. මව පියා දරුවන් ඥාතීන් අහිමිවීම ගැන කතාවක්. රටේ කිර්තිනාමය ගැන කතාවක්. ආර්ථිකය ගැන කතාවක්. මේ රටේ ඉතිහාසය නැවත නොවෙනස්වන ලෙස වෙනස් වූ සිද්ධියක් ගැන කතාවක්. මේ රටෙන් ඔබ්බට ගිය ඉන්ටනැෂනල් කතාවක්. දේශපාලනය උඩු යටිකුරු වීම ගැන කතාවක්. ඒ කතාව කවුරු අවසන් කියල කිව්වත් අවසන් නැහැ කියල අපි හැමෝටම තේරෙනවා. සාක්ෂි ගැන නැවත හිතන්න වෙලා කියල කියනවා. තාමත් ඒ පුළුටු ගඳ මැකිලා නැහැ. වින්දිතයින්ට සාධාරණයක් වෙලත් නැහැ. ඒකයි.

ඒ නිසා මේ සිද්ධිය එහෙම ආවට ගියාට සලකන්න බැහැ. සලේට චෝදනා නැගෙනවා. හරි වැරදි අධිකරණයක් ඉදිරියේ ඔප්පු වූවා වේ. සලේටම පවා ඒ චෝදනා වලින් නිදහස් වෙන්න අවශ්‍යයි කියල මට හිතෙනවා.

අපි හැමෝටම අපේ ජීවිත වෙනස්කළ ඒ සිද්ධිය ගැන ඇත්ත - ඇත්තම ඇත්ත - දැනගන්න ඕනි. එච්චරයි.

Mahesh Hapugoda 1 1(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...