The Leader News
BREAKING
Top Ad
Opinion

පරණ විදියට හුරුවෙමු...! | Mahesh Hapugoda

T

The Leader Desk

March 16, 2026 • 8:43 AM

 පරණ විදියට හුරුවෙමු...! | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද ආණ්ඩුව හදිසියේ ඉන්ධන සීමා කරලා. QR කේතය ගෙනල්ල. ඉස්සර තිබ්බටත් වඩා අඩුවෙන් තමයි දැන් ඉන්ධන දෙන්නේ. තව වෙනකල් QR එක ගන්නත් බැහැ.
  • ලෝකයේ බල තුලනය ව්‍යුහාත්මක ලෙස වෙනස් වෙන්න යන මොහොතක් මේක.
  • නමුත් පරක්කු වෙලා ඒකම කරලා තියනවා.
  • ඇත්තටම දුරගමන් බස් වලට මේ සීමාව එක්ක යන්න බැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):


අනික මේ සියල්ලෙන් පෙනෙන්නේ මේක කරන්නේ ඉතාම හදිසියෙන්. ඒ කියන්නේ ගිය සතියේ QR ඕනි නැහැ කියල නලින්ද ජයතිස්ස ඇමතිවරයා වගේම ඛණිජ තෙල් ඇමැතිත් කිව්වා. ඒ වගේම සංචිත තියනවා කියලත් කිව්වා. ඒ සියල්ල කියලත් ඉන්ධන සීමාකරන්නේ ඉතාම හදිසි තත්වයක් නිසා වෙන්න ඕනි.

ඒ කියන්නේ ඉල්ලුමට තරම් සැපයුමක් දෙන්න බැරිවීම. විශේෂයෙන් යුධ තත්වය එක්ක. ලෝකයේ බල තුලනය ව්‍යුහාත්මක ලෙස වෙනස් වෙන්න යන මොහොතක් මේක. ඒක සරල නැහැ තමයි. ඒ නිසා ලොකු සූදානමක් අවශ්‍යයි.

මීට කලින් මේක (QR) දාන්න කියල කිව්වත් ආණ්ඩුව ඒක කලේ නැහැ. නමුත් පරක්කු වෙලා ඒකම කරලා තියනවා. එහෙමනම කලින් ආණ්ඩුව මේ ප්‍රශ්නේ වෙනුවෙන් ගත්ත සියලු ක්‍රියාමාර්ග දැනුත් ගන්න වෙයි.

හදිසි තත්වයක් නිසා ඒකෙ කිසිම අවුලක් මට පේන්නේ නැහැ. ඒකෙ ගෞරවය කාට ගියත් කමක් නැහැ.

ඇත්තටම දුරගමන් බස් වලට මේ සීමාව එක්ක යන්න බැහැ. පුද්ගලික කාර් එකක ගියත් දුර වැඩ ස්ථානයකට යන්න බැහැ. ගියොත් එන්න බැහැ. ඒ නිසා ප්‍රශ්නේ තවත් නරක පැත්තට යන්න කලින් 'ගෙදර සිට රාජකාරි' (work from home) කිරීමේ පැරණි ක්‍රමවේදය ගැන නැවත හිතන්න වෙනවා.

අවම වශයෙන් මේ යුධ තත්වේ ඉවර වෙනකල්....

(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...