The Leader News
BREAKING
Top Ad
Opinion

අනුරට වඩා අර්බුදය ලොකු වීම....| Mahesh Hapugoda

T

The Leader Desk

March 18, 2026 • 9:51 AM

අනුරට වඩා අර්බුදය ලොකු වීම....| Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තැන් කීපයක දැක්ක ඊළඟට ආයේ රනිල්ට කොටයක් අදින්න වෙයිද වගේ කතාවක් යනවා. ඒක විහිළුවක් උනත් යම් වෙලාවක ඇත්තක් වෙන්නත් පුළුවන්. මොකද ඊයේ පෙරේදා QR එක එක්ක හිටපු ඇමති කංචන ආයේ උඩට ආව.
  • මොකද මේ ආණ්ඩුව ඇතිවෙලා තියන බැරෑරුම් ප්‍රශ්න සම්බන්දයෙන් ප්‍රතිචාර දක්වන විදිය ගත්තම ඇත්තටම තව මාස කීපයක් ට්‍රම්ප් - බෙන්ජා - ඉරාන් යුද්දය අදුනොත් මීට වඩා අර්බුදයකට අපි යන්න පුළුවන්.
  • ඇත්තටම ජනාධිපතිතුමා කොච්චර සූදානම් කිව්වත් ඒක දැන් කවුරුත් විශ්වාස කරන්නේ නැහැ.
  • ඒ නිසා පෝලිම් ඉවරවෙන්නේ නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):


පැරදිලා ගෙදර ගිය එයාල උඩට එන්නේ මෙයාල පොඩි නිසා කියලයි මට හිතෙන්නේ.

මේ යන විදියට රනිල්, නාමල්, චම්පික වගේ ඔය ඕනෑම එකක් වෙන්නත් පුළුවන්. මොකද මේ ආණ්ඩුව ඇතිවෙලා තියන බැරෑරුම් ප්‍රශ්න සම්බන්දයෙන් ප්‍රතිචාර දක්වන විදිය ගත්තම ඇත්තටම තව මාස කීපයක් ට්‍රම්ප් - බෙන්ජා - ඉරාන් යුද්දය අදුනොත් මීට වඩා අර්බුදයකට අපි යන්න පුළුවන්.

 

power cut 25.02.10
බලශක්ති අර්බුදය එක්ක විදුලිය කප්පාදුව සහ ඉන්ධන නැති නිසාම ස්වභාවික ලොක් ඩවුන් එකක් දක්වා යන්නත් පුළුවන්. මොනවා සම්බන්දයෙන්වත් ටයිම් ලයින් එකක් නැහැ.

දැනටත් දවසක් නිවාඩු. කාටවත් අදහසක් නැහැ මොකද කරන්නේ කියල. උදාහරණ වශයෙන් කැම්පස් බදාදා නිවාඩු නම් ඔන්ලයින් යනවද නැද්ද යන්න සම්බන්දයෙන් තවමත් තීරණයක් නැහැ. එන එන විදියට තමයි කරන්නේ. මම කියන්නේ එක උදාහරණයක්.

ඇත්තටම ජනාධිපතිතුමා කොච්චර සූදානම් කිව්වත් ඒක දැන් කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. ඒකට හොදම උදාහරණය තෙල් පෝලිම්.


akd meeting
තෙල් පෝලිම්වල මල්ලිලා ආණ්ඩුවට වඩා සූදානමින් ඉන්නේ. දැන් දවස් ගානක් තිස්සේ එයාල සූදානම්. හයර් දුවන්නෙත් නැහැ පෝලිම්වල ඉඳල තෙල් එකතු කරනවා. ඒ නිසා පෝලිම් ඉවරවෙන්නේ නැහැ. අනිවා කළු කඩයක් එන්න නියමිතයි.

ඊයේ ජනාධිපතිතුමාගේ කතාවෙන් එහෙම ලොකු අදහසක් රටට දුන්නෙත් නැහැ. ඇත්තටම දෙන්නත් බැහැ. ඒක ඇත්ත. අනික මේ ආණ්ඩුව ඇත්ත කියනවා කියල කිසිම සහතිකයක් නැහැ. ඒ නිසා මිනිස්සු ඉන්නේ එයාලගේ පුද්ගලික තීරණවල. ඒකට කරන්න දෙයක් නැහැ. ලොකු හැඟවුමක් (collective signifier) නැති වෙනකොට තියෙන්නේ පුද්ගලික ඒවා තමයි.

gas polim 2 1000px

අර්බුදය වෙනුවෙන් ආණ්ඩුව පැත්තෙන් පුරෝකතනය කරන සහ සූදානම් වෙන ස්මාට්බවක් නම් දැක්කෙම නැහැ. ඒ නිසා රට අවුල්වෙමින් යන්නේ. හරියටම නිකම් ගෝඨාභයගේ කාලේ වගේ හැඟීමක් එනවා.

හේතුව හැමවිටම පවතින ආණ්ඩුවට වඩා අපිට මුහුණදෙන්න යෙදෙන අර්බුදය ලොකුයි....ඒක අපේ අවාසනාවක්.

එකම ප්‍රාර්තනාව බෙන්ජගේ යුද්දේ ඉක්මණට ඉවරවෙන්න කියන එක විතරයි.

 



Mahesh Hapugoda
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...