මෙවර ජනධිපතිවරණ කැම්පේන් එක වෙලාවේ පවා මේ වාර්තාව ගැන සහ ඒ සම්බන්දයෙන් ලියවුන කවිපොත් ගැන බුකියේ සමහර තැන්වල කතාවෙනවා මම දැකල තියනවා.
මගේ ජීවිත කාලේ හරි අඩකට වඩා වැඩි කාලයක් තිස්සේ මැතිවරණ අවස්ථාවල සහ ඒ මැතිවරණවලට රනිල් වික්‍රමසිංහ ගෑවුන ඕනෑම අවස්ථාවක ඔය බටලන්ද කතාව ඉදිරියට එනවා මම දැකල තියනවා. ඇවිල්ල ආපහු යනවා. 'එනවා පේනවා මැණිකා යනවා පේනවා' වගේ. ඒ නිසා මේකට තියෙන්නේ දේශපාලන ප්‍රොපගැන්ඩාමය වැදගත් කමක්.
ආයිත් බටලන්ද උඩට එන්නේ ලංකාවේ කාටවත් ඕක උවමනා වෙච්ච නිසා නෙවෙයි. ඒ ගැන වීදි සටන් කරලා නෙවෙයි. මේ සිද්දවෙන්නේ අර අල්ජසීරා සාකච්චාව එක්ක එන ජනප්‍රිය ඉස්මතු වීමක්.
දැන් ඕක සභාගත කරන්න යන්නෙත් අර අල්ජසීරා එකේ රනිල්ම කිව්ව වචනයක් අල්ලාගෙන. ඒ තමයි එහෙම වාර්තාවක් 'ටේබල් වෙලා' නැහැ කියන එක. ඒ කියන්නේ සභාගත වෙලා නැහැ කියන එක.
දැන් සභාගත කරනවා ඉතිං. රනිල් ඔස්සේම ගිහිල්ල. නැතුව ඓන්ද්‍රීයව කාටවත් ඕනි නිසා නෙවෙයි. අල්ජසීරා එකට ඕනි නිසා. රනිල් එහෙම කිව්ව නිසා. ඒ කිව්ව එකට මොනවා හරි කරන්න ඕනි නිසා.
ඉතින් මේ වාර්තාවේ දෛවය මේකද? මෙහෙ කිසිම දේශපාලන ව්‍යාපාරයකට මේක ඉස්සරහට ගේන්න අවශ්‍ය උණේ නැහැ. හැබැයි යම් මාධ්‍යයක යමක් කිව්ව නිසා එහෙම කරනවා නම් ඒ මොකක්ද එතකොට? ඒකත් ඒ කතානායකයා විසින්ම කිව්ව නිසා.
කිව්වේ නැත්නම් මේ මුකුත් නැහැ. ඒ කියන්නේ එහෙම වාර්තාවක් නැහැ කියන එක.
වැඩ සිද්දවෙන්නේ ඒ විදියට නම් මට හිතෙන්නේ ආයිත් ඉන්නේ රනිල් කියල. ආයේ ආයෙත්.
(සටහන | ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)



