The Leader News
BREAKING
ආණ්ඩුව ගැන මිථ්‍යාවන් දහයක්: ප්‍රචාරණයෙන් ඔබ්බට දේශපාලන ප්‍රගතිය විමසීම●දුම්රියේදී නඩු ගැන කතා කළ බ්‍රිතාන්‍ය විනිසුරුවරයාට අවවාද●2035 දී ලොව විශාලතම ආගම බවට පත්වන ඉස්ලාමය ගැන ඇත්ත කතාව●ADB හි ඩොලර් මිලියන 200 ණයෙන් මෙරට සුළු ව්‍යාපාරවලට පණ ලැබෙයිද?●ගුවන් තොටුපළේ ලිස්සා වැටී මැලේසියා අමාත්‍යවරයෙකුට තුවාල●සැබෑවටම, නාගරික මැදපංතියට අවුලක් තියේද? | කුසල් පෙරේරා●දින 11ක නාටකීය නිහැඬියාවකින් පසු ජෙන්සන් හුවාන් යළි Nvidia මුල් පුටුවට●රහස් කියන කඳු, කලණ ගේ අත් කොටය සහ මනුවර්ණගේ දේශපාලනය●කළු සල්ලි පරීක්ෂාවේ හිඩැස් මතුවෙයි; මූල්‍ය ආයතන රැසකට මහ බැංකුවෙන් දඩ●ඉරාන ගායිකාවකට සහ කණ්ඩායමට කස පහර දඬුවම්●
Top Ad
Opinion

මෙතන නැත්තේ කවුද? | Mahesh Hapugoda

T

The Leader Desk

April 2, 2026 • 6:00 AM

මෙතන නැත්තේ කවුද? | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ කියන්නේ අදහස සැලසුම සහ සැලසුම ක්‍රියාත්මක කිරීම කියන කරුණු තුනම මියගිය සහරාන්ගෙන් නවත්වල අපිටත් කියනවා එතැනින් පස්සේ සිතීම නතර කරන්න කියල.
  • ඇත්තටම අපිට (මට) කරන්න බැරිම දේත් ඒක.
  • නමුත් එහෙම යම් සීමාවක් ඇතුලේ හිතන්න සහ ඉන් පස්සේ හිතීම නවත්වන්න කියල ඒ වෙනුවෙන් පොත් ලියන මේ සෙට් එක මේ මොළ ගෙඩි උඩ ඉඳගෙන ඉන්නේ පාස්කු මඟුලක් නිසා නෙවෙයි කියල සිතීම නතර කරන්න හිතෙන්නේ නැති මගේ හිතට හිතෙනවා.
  • ඒ නිසා මම හිතන්නේ නැහැ මෙයාල බලයට ආවත් මින් පස්සේ ඒ ගැන හොයයි කියලත්.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ කියන්නේ අදහස සැලසුම සහ සැලසුම ක්‍රියාත්මක කිරීම කියන කරුණු තුනම මියගිය සහරාන්ගෙන් නවත්වල අපිටත් කියනවා එතැනින් පස්සේ සිතීම නතර කරන්න කියල. ඇත්තටම අපිට (මට) කරන්න බැරිම දේත් ඒක.

මම වැරදි වෙන්න පුළුවන්. හැබැයි මගේ හිත කියනවා සහරාන් හෂීම්ගෙන් ඔබ්බට මේ සිද්දිය යන්න පුළුවන් කියල. එහෙම හිතෙන්නේ ඒ සියලු දේවල් වෙච්ච විදිය ගැන සිතාබලන කොට. ඒක හරියන්නත් පුළුවන්. වරදින්නත් පුළුවන්. ඔප්පු වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්.

 

pasku 2
ඒක හරියට තජුඩීන් බීල එළවල හැප්පිලා ගිණිගෙන මැරුණා කියල හිතන්න හිත නොදෙනවා වගේ දෙයක්. නමුත් සමහරු කැමතියි එහෙම අපි හිතල ඉන් ඔබ්බට නොසිතා නිකම් ඉන්නවා නම්.

නමුත් එහෙම යම් සීමාවක් ඇතුලේ හිතන්න සහ ඉන් පස්සේ හිතීම නවත්වන්න කියල ඒ වෙනුවෙන් පොත් ලියන මේ සෙට් එක මේ මොළ ගෙඩි උඩ ඉඳගෙන ඉන්නේ පාස්කු මඟුලක් නිසා නෙවෙයි කියල සිතීම නතර කරන්න හිතෙන්නේ නැති මගේ හිතට හිතෙනවා.

මේ ඉස්සරහ පේලියේ ඔක්කොම වගේ එක දවසක් හරි මේ ලංකාවේ බලයේ හිටිය. හැබැයි මොන පාස්කුවක් ගැනවත් හෙව්වේ නැහැ. ඒ නිසා මම හිතන්නේ නැහැ මෙයාල බලයට ආවත් මින් පස්සේ ඒ ගැන හොයයි කියලත්.

ganmanpila book louch
මේ ඉන්නේ පාස්කු නිසා නෙවෙයි. මෙයාලට දැන් දැනිල තියනවා අනුරගේ මේ මෙලෝ රහක් නැති ආණ්ඩුව එළඹෙන යම් මොහොතක කුල්ල කුජීත වෙන්න නියමිතයි කියල. හැබැයි තනියම ගන්නත් බැහැ. ඒ නිසා පොදුවේ එකතුවෙමින් ඉන්නවා.

දැන් මෙතන නැත්තේ කවුද? ඉන්නම ඕනි කෙනෙක් නැහැ. ඒ තමයි අර උස හීන්දෑරි ජාතික ඇඳුම අඳින මහත්තයා. මේ දවස්වල විද්‍යාත්මක විදියට විදුලි - ගල්අඟුරු ප්‍රශ්නේ ගැන දේශනා තියනවා. ඒ නිසා මේවයේ කරක්ගහන්න වෙලාව නැහැ.

book louch ganmanpila
මේ නැති කෙනා එක වෙලාවක එළියට එයි. විපක්ෂයේ පොදු අපේක්ෂකයා විදියට. මේ එන්නේ එතැනට....

Mahesh Hapugoda
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...