මනුස්සයකුට ගෙයක් ඕනි වීම එකක්. හැබැයි තඩිම තඩි ගෙයක් ඕනි වීම තවත් එකක්.
මට මතකයි (ඔයාලට මතකද දන්නේ නැහැ) කෑගල්ලේ හිටිය එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්. නම එන්. ඒ. සෙනවිරත්න (ඇන් ඒ සෙනවිරත්න කියල තමයි කිව්වේ). 1978 මැතිවරණයෙන් දිනුවේ. ඒ වෙලාවේ මැතිවරණයෙන් දිනන්න ලොකු දක්ෂකමක් ඕනි නැහැ තමයි.
ඇන් ඒ සෙනවිරත්න කියන්නේ මම මෙතෙක් දැක්ක ඉතාම සාමාන්‍ය විදියට ජීවත්වෙච්ච පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්. මන්ත්‍රීකම නැති වුණාම රඹුක්කන ඉඳන් කෑගල්ලට ආවේ බස් එකේ. ඉන්නේ ඉතාම සාමාන්‍ය ගෙයක. කවදාවත් ඒ ගැන පසුතැවුනේ නැහැ. පස්සේ ආපු ලොකු ගෙවල් ගැන එයාට ඇරියස් තිබ්බෙත් නැහැ
අදටත් කෑගල්ලේ කීල්ස් එක ඉස්සරහ තියනවා ඔෆිස් එක. බලන්න පුළුවන්. දැන් වයස 90 පැනල.
හොරකම් කරලත් නැහැ. ඒ නිසා එහෙම හිටපු සහ ඉන්න එක ගැන එයාට ලොකු අවුලක් තිබ්බේ නැහැ. ඒ ධනපති කියල කිව්ව එක්සත් ජාතික පක්ෂයේ මිනිස්සු.
මේ පුද්ගලික දේපල ගැන දෘෂ්ටිමය පරස්පරතා නඩත්තු කරපු වමේ මිනිස්සු....!!
මම කියන්නේ නැහැ ඇන් ඒ සෙනවිරත්න වගේ හැමෝම ඉන්න ඕනි කියල. හැබැයි මිනිහෙකුට මේ ලෝකේ පවතින්න නම් ඕනි වෙන්නේ කොයිවගේ ලොකු ගෙයක් ද? විශේෂයෙන් මාක්ස්වාදියෙකුට....
(චායාරූපය ඇත්ත දැයි නොදනිමි).
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)




