එයට හේතුව නම් මම කැමති උනත් අකමැති උනත් චම්පික යනු යම් හැකියාවක් ඇති කෙනෙකි. අමාත්‍යධූර ගණනාවක් දරා ඇති ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකි. යමක් 'කරකවා' (turn) ගැනීමට හැකි අයෙකි. යමක් කරකවා ගැනීම යනු දේශපාලන මොහොතක අත්‍යාවශ්‍ය දෙයකි. එවැන්නක් කිරීමට අවශ්‍ය 'කොළඹ සංකීර්ණයට' (Colombo complex) ඔහුට ලඟාවිය හැක.
සුළු ජාතික චන්දවලට චම්පිකට කළහැකි බලපෑම අවම මුත් මේ ආණ්ඩුව යම් මොහොතක සල්ලන් වෙද්දී සුළු ජාතිකයින් කියා යමක් ඉතුරු වන්නේ ද නැත. දේශපාලනය එහෙමය.
අනෙක කුමන්ත්‍රණ චෝදනාවක් එක්කම සිදුවිය හැක්කේ චම්පික 'ස්ථානගත' (place) වීමයි. වෙන විදියකින් කිවහොත් ආණ්ඩුවේ 'අනෙකා' බවට පත්වීමයි. මේ වැඩේ චම්පික පැත්තෙන් ඉතාම යහපත් ප්‍රවණතාවක් වීමට පුළුවන. මන්ද යම් මොහොතක මාලිමාවට චන්දය දුන් එහෙත් දැන් කරකියා ගන්න දෙයක් නැති අයට විකල්පයක් ආණ්ඩුව විසින්ම සලසා දීම චම්පික පැත්තෙන් නරක නැත...
එතැනදී චම්පිකගේ ජාති(ක)වාදය ද ඔහුගේ පැත්තට වැඩකරනු ඇත...

(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)




