The Leader News
BREAKING
Top Ad
Opinion

කැරළිකරුවන් නොමැතිව විප්ලව ගැන සිහින දැකීම....| Mahesh Hapugoda

T

The Leader Desk

April 11, 2026 • 5:45 AM

කැරළිකරුවන් නොමැතිව විප්ලව ගැන සිහින දැකීම....| Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මාලිමාවේ යම් හෝ වමේ ගතිකයක් තිබ්බනම් ඊයේ විශ්වාසභංගේ එක්ක ලබපු විශාල පරාජයක් තමයි ඒ චන්දෙ දීපු 153 ඇතුලේ එකම එක කැරළිකරුවෙක්වත් (at least a single rebel) දකින්නට නොලැබීම.
  • දේශපාලන ව්‍යාපෘතියේ කේන්ද්‍රය කිව්වම හා දැන් ඇති 'කෑන් කතා' නවත්තන්න කියල කෑන්කරුවෝ කතාපෙට්ටි වහනවා.
  • සටන පාවාදීමක් ගැන නෙවෙයි කියන්නේ.
  • ඒ කියන්නේ වමේ කල්ට් ගතිකය ඇතුලේ පවා ඉතාම තීක්ෂණ කැරළිකාර පුද්ගලභාවයන් ඉඳල තියනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


 මම කියන්නේ එයාල චන්දෙ වෙලාවේ කතාකරපු රැඩිකල් වමේ උද්වේගකර භාෂණය ඇතුලේ ඒ වචන ඇත්තටම උච්චාරණය කරපු ඇත්ත එක කැරළිකරුවෙක්වත් ඉඳල නැහැ.

ඕනිනම් කියන්න පුළුවන් එක අපගාමිකයෙක්වත් (deviant) ඉඳල නැහැ කියල. තේරෙන විදියට කිව්වොත් එක හෘද සාක්ෂියක් සහිත අකීකරු දඩබ්බරයෙක්වත් ඉඳල නැහැ.

 



ඉඳල තියෙන්නේ කීකරු 'කෑන්' කතාකරුවන් (canned speakers). ඒ කියන්නේ දේශපාලන ව්‍යාපෘතියට අවශ්‍ය විදියට, සකස්කරලා තියන විදියට, ෆෝමැට් කරලා තියන විදියට, කෑගහල කතාකරනවා. වචන උච්චාරණය කරනවා. දේශපාලන ව්‍යාපෘතියේ කේන්ද්‍රය කිව්වම හා දැන් ඇති 'කෑන් කතා' නවත්තන්න කියල කෑන්කරුවෝ කතාපෙට්ටි වහනවා. එච්චරයි.

චේ ගැන ඔවුන් කතාකලාට චේ කියන්නේ අකීකරු කැරළිකරුවෙක්. ඔහුට තිබ්බ ඔහු විසින් නියාමනය කරපු හෘද සාක්ෂියක්. කවුරු මොනවා කිව්වත් තමන්ගේ කඳවුරේ උන් ගැන පවා විවේචන වමේ කැරලිකරුවන් කරලා තියනවා. තමන්ගේ එවුන්ට එරෙහිව ලෙනින් පවා කතාකරලා තියනවා. සටන පාවාදීමක් ගැන නෙවෙයි කියන්නේ. හරි වැරැද්ද තීරණය කිරීමේ ගැටළුවක් ගැන මේ කියන්නේ. නිදහස ගැන මේ කියන්නේ. මිනිස්සු බිහිවීම ගැන මේ කියන්නේ.

JR Premadasa
ඒ කියන්නේ වමේ කල්ට් ගතිකය ඇතුලේ පවා ඉතාම තීක්ෂණ කැරළිකාර පුද්ගලභාවයන් ඉඳල තියනවා. අවම වශයෙන් ඔය බුර්ෂුවා සෙට් එකේ පවා එහෙම කැරළිකාරයෝ හිටිය. ජේ ආර්ට  පවා විරුද්ධ වෙච්ච උං ඒක ඇතුලේ හිටිය. ප්‍රේමදාසට විරුද්ධ වෙච්ච උං හිටිය.

සටන් සහ අදහස් ඉදිරියට ගෙනිච්චේ එවන් අය. උස්සන්න කියන කොට උස්සන පාත්කරන්න කියන කොට පාත්කරන පාංකඩයන්ගෙන් නෙවෙයි සටන් ඉස්සරහට ගියේ.

Mahesh Hapugoda
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)



 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...