The Leader News
BREAKING
Top Ad
Opinion

අරග්චි: ශිෂ්ටාචාරයක නියෝජනය | Mahesh Hapugoda

T

The Leader Desk

April 14, 2026 • 4:12 PM

 අරග්චි: ශිෂ්ටාචාරයක නියෝජනය | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අතිශයින්ම අර්බුදකාරී අතිශයින්ම තම ශිෂ්ටාචාරයේ පැවැත්ම අභියෝගයකට ලක්වෙච්ච වෙලාවක ඒ තමන්ගේ ශිෂ්ටාචාරය,
  • ඔහු නියෝජනය කරන්නේ ඉරාන ඉස්ලාමීය රෙජීමය බව ඇත්ත.
  • ඔහුගේ භාෂාව ඇතුලේ, හැසිරීම ඇතුලේ, සංයමය ඇතුලේ ඔහු නියෝජනය කරන රෙජීමයට වඩා ඔහු ඉස්සරහින් ඉන්නවා.
  • ඔහුගේ කරුණු සහ ඉදිරිපත්කිරීම සහ භාෂාව ඇතුලේ ඔවුන් බටහිරට වඩා ශිෂ්ටයි.
අකුරු ප්‍රමාණය (Font Size):

තමන්ගේ අභිමානය, තමන්ගේ අනන්‍යතාව, තමන්ගේ රට සහ තමන්ගේ මිනිස්සු වෙනුවෙන් හිටගත්ත ඉතාම පැහැදිලි පෞරුෂයක් මම මෑත ඉතිහාසයේ දැක්කේ ඉරාන විදේශ ඇමති අබ්බාස් අරග්චි ඇතුලේ. ඔහු නියෝජනය කරන්නේ ඉරාන ඉස්ලාමීය රෙජීමය බව ඇත්ත. හැබැයි අකුරු උගත් මැදිවියේ මනුස්සයෙක් හැටියට ඔහුගේ කාර්යභාරය ඉතාම ඉහළින් තියෙනවා.

ඔහුගේ භාෂාව ඇතුලේ, හැසිරීම ඇතුලේ, සංයමය ඇතුලේ ඔහු නියෝජනය කරන රෙජීමයට වඩා ඔහු ඉස්සරහින් ඉන්නවා.  

ඔහුව කැපිල පෙන්නේ ඔහුගේ අනික් පැත්තේ ඉන්න අන්ත දක්ෂිණාංශික තක්කඩි ඇමරිකන් මෝඩයෝ ටික එක්ක ගත්තම. ටයි කෝට් ඇන්දට උපන්ගෙයි ඉංග්‍රීසි කතාකලාට යුරෝපීය නූතනත්වයේ හුළඟක්වත් උංගේ ගෑවිලා නැහැ.

ළමා අපචාර චෝදනා එක්ක ඒප්ස්ටීන් දුපතේ හිටිය (ඒප් කියන්නේ වානර කියන අර්ථයෙන් ඒක වානර දූපත) ට්‍රම්ප් ජේසුට ඇඳලා. ඒ ජේසු කියනවා ශිෂ්ටාචාර අතුගාල දානවා කියල. අනික් පැත්තෙන් තව සිවිල් චෝදනා ගොඩක් තියෙන බේබද්දෙක් ඇමෙරිකන් හමුදාවට අණදෙනවා. ටීම් එකේ අනික් උනුත් අඩු වැඩි වශයෙන් එහෙම තමයි.

ඒ වගේ වෙලාවක ඉතාම සංයමයෙන්, කරුණු මත පදනම්ව අරග්චි තමන්ගේ රට සහ ශිෂ්ටාචාරය නියෝජනය කරනවා. ඔහුගේ කරුණු සහ ඉදිරිපත්කිරීම සහ භාෂාව ඇතුලේ ඔවුන් බටහිරට වඩා ශිෂ්ටයි.

මම කියන්නේ නැහැ අරග්චි නියෝජනය කරන පැත්ත සර්ව සාධාරණයි කියල. ඇතුලේ අවුල් ඇති. දේශපාලනය කියන්නේ සර්ව සාධාරණ එකක්ම නෙවෙයි. හැබැයි මේ මොහොතේ ආක්‍රමණිකයාට එරෙහිව ඔහු ඔහුගේ වැඩේ කරනවා.

ඉරානය යන පාර පැහැදිලියි. එක්කෝ අභිමානය නැත්නම් මරණය. ඔවුන් ඒ දෙක අතරේ තමයි වැඩකරන්නේ. දැන් හෝමුස් එක්ක චීනෙත් මේ වැඩේට පැටලෙනවා. එතකොට ඇමෙරිකාවට බලන්න පුළුවන් වෙයි...

මේ වගේ යුදමය ආක්‍රමණික වෙලාවක විදේශ ඇමති කියන්නේ රටේ කොඳු නාරටිය. ඒක ඉහලින්ම අරග්චි කරමින් ඉන්නවා.

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...