මම කියන්නේ එයාට හැම කාලෙම මොනවා හරි විදියකට මිනිස්සු හිටිය. එයාල අතර බයියෝ ටෝයියෝ හොඳ නරක උස් පහත් හැම කෙනෙක්ම හිටිය.
මම ඔය වර්ගයේ සෙනඟක් අදත් බලාපොරොත්තු උනා. මගේ ඒ අදහස හරිද බලන්න මම කවදාවත් නැවතිලා බලන්නේ නැති හිරු දවල් නිව්ස් ලයින් එකත් බැලුව. ජීවිතයේ අවසානම කාර්තුවේ ජීවත් වෙන මහින්දට අදත් යම් හෝ පිරිසක් හිටිය. ඒ මිනිස්සු කොළඹ වටලන්න ආව වෙන්න බැහැ. හැබැයි මෙහෙම පිරිසක් හැමදාම එනවා. ඒ මහින්ද කියන නමට.

අන්තිමට හිතන්න රාජපක්ෂ කියල කිව්වත් ගුටිකන්න වෙන බේරේ වැව කාලේ උනත් එයාට මිනිස්සු ආව. කුඩා පිරිසක් වෙන්න පුළුවන්. හැබැයි එයාල ආව. යම් දේශපාලන කැමැත්තක් එක්ක.
මතුවටත් ඒක එහෙමම තියෙයි. ඒ කියන්නේ අන්තිම අවාසිදායක කාලෙක උනත් මිනිස්සු යම් හෝ ප්‍රමාණයක් එයා වෙනුවෙන් එයි.
හැබැයි මහින්ද වෙනුවෙන් මිනිස්සු ඉන්නවා සහ එයාල මහින්ද වෙනුවෙන් එනවා කියල දේශපාලන සිද්දිය ලංකාව ඇතුලේ හරිම අපූරුයි...
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)




