මිනිස්සුන්ට යම්කිසි පරිවර්තනයක් ඕනි උන නිසා කියල. ඒ පරිවර්තනය වෙනුවෙන් මිනිස්සු අවදානමක් ගත්ත..
පෝලිම් වල ආයෙත් ඉන්න උනා උනත් මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන්න ඕනි කියල මිනිස්සු කල්පනා කළා. මාලිමාව ඒ මිනිස්සුන්ගේ අදහස ඒ විදියටම ඉෂ්ඨ කළා වේවා නොවේවා මිනිස්සු ඒ වෙනුවෙන් වැඩ කොටසක් කළා. පෝලිම් වල හිටියත් කමක් නැහැ කියල ගත්ත අවදානම තමයි දේශපාලනය කියල කියන්නේ.
ඊයේ අනුර ජනාධිපතිතුමා පාර්ලිමේන්තු කතාවේදී ඒක කිව්වා. අපි බලයට ආවේ සමාජයේ තිබ්බ දැවැන්ත දේශපාලන පරිවර්තනයක් ගැන වූ අදහසක් එක්ක. නැත්නම් අපිට බලයට එන්න වෙන්නේ නැහැ කියල. ඒක හරියටම හරි.
ඒ වගේම මම හිතන්නේ නැහැ පාර්ලිමේන්තුව අනික් පැත්තේ ඉන්න විපක්ෂය මේක තේරුම් අරගෙන ඇති කියල. මාලිමාවේ ඉස්සරහ පේලියේ ඉන්න ටික දෙනෙක් හැර කවදාවත් අහලවත් නැති නම් 150ක් ගෙන් පාර්ලිමේන්තුව මිනිස්සු පිරෙව්වේ මේ පරිවර්තනයේ එක අදියරක් හැටියට.
දැන් මාලිමාවේ අඩුපාඩු කිව්වා කියල මිනිස්සු එයාලගේ පැත්තට හැරෙයි කියල මම හිතන්නේ නැහැ. මාලිමාව ඒ මිනිස් අදහස් එක්ක සමපාත නොවුනොත් මිනිස්සු මාලිමාව පසුකරගෙන යයි. ඒත් ආපසු හැරෙන එකක් නැහැ. ආපසු හැරෙන්න ඕනිත් නැහැ.
මාලිමාව ලංකාවේ බිහිවෙච්ච හොඳම ආණ්ඩුව නොවෙන්න පුළුවන්. හැබැයි ඒක ලොකු සමාජ වෙනසක් පිලිබඳ ලාංකික බලාපොරොත්තුවක සංකේතය. හිටපු කට්ටිය අවම වශයෙන් ඒක තේරුම්ගන්න.
(සටහන | ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
මාලිමාව කියන්නේ ලොකු සමාජ වෙනසක් පිලිබඳව වූ සංකේතයක්.... | Mahesh Hapugoda
T
The Leader Desk
March 22, 2025 • 4:09 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- මිනිස්සුන්ට යම්කිසි පරිවර්තනයක් ඕනි උන නිසා කියල.
- ඒ වගේම මම හිතන්නේ නැහැ පාර්ලිමේන්තුව අනික් පැත්තේ ඉන්න විපක්ෂය මේක තේරුම් අරගෙන ඇති කියල.
- මාලිමාවේ ඉස්සරහ පේලියේ ඉන්න ටික දෙනෙක් හැර කවදාවත් අහලවත් නැති නම් 150ක් ගෙන් පාර්ලිමේන්තුව මිනිස්සු පිරෙව්වේ මේ පරිවර්තනයේ එක අදියරක් හැටියට.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


