හැමෝම සුබපැතුම් එක්කරයි.
ඒ වෙද්දී ක්‍රමානුකුලව පලස්තීනය කියන අපි දන්නා මුස්ලිම්වරු හිටිය බිම්කඩ ලෝකයෙන් ඉවත්වෙන්න නියමිතයි. තව ටික දවසකින් ලෝක සිතියමෙන් ඒක ඉවත්වෙයි. මකල දායි.
මේ වෙද්දී ගාසා තීරය කියල එකක් නැහැ. තියෙන්නේ සුන්බුන් ගොඩක් විතරයි. තිබ්බ කියන එකම පිළිකා රෝහලත් මේ වෙද්දී ඉවරයි. අදටත් IDF මෙහෙයුම් ඒ විදියටම ක්‍රියාත්මකයි. අවතැන් වෙච්චි අයට ආහාර පිසින බේකරියක් පවා විනාශ කරලා.
සියලු රෝහල් අඩපණ කරලා තියෙන්නේ. ඒ මැරෙන අයට හෙමිහිට දුක්විඳලා මැරෙන්න.
ගාසාව මකල ඒ උඩ ෂොපින් මෝල් සංකීරණයක් හදන්න තරම් මේ අපි දන්නා ලෝකය ඉස්සරහට ඇවිල්ල තියනවා.
සුන්බුන් ඉවත්කරන්න යන මුදල සහ ෂොපින් මෝල් හදන්න යන වියදම පවා අද ගණන් බලල තියෙන්නේ.
අද කවුරුවත් ගාසා තීරයේ දරුවෝ වඩාගෙන යන අම්මල ගැන කවි කියන්නේ නැහැ. සරණාගතයෝ ගැන පෝස්ට් දාන්නේ නැහැ. සුන්බුන් වලින් මිනිස්සු බේරාගන්න සුනඛයෝ ගැන පෝස්ට් ෂෙයා කරන්නේ නැහැ.
වෙන කාලෙක කවුරුහරි කීවනම් ඔය ෂොපින් මෝල් කතාව ලෝකයේ විමුක්ති සංවිධාන පාරවල් දෙවනත් කරලා. මාධ්‍යකාරයෝ විමුක්තිය ගැන රැඩිකල් පත්තර පිටු පුරවල.
අද ඒ මුකුත් නැහැ. තිබ්බත් තියෙන්නේ පොඩි කෙඳිරියක් විතරයි. මම හිතන්නේ මේක තමයි අපි කවුරුත් නොසිතපු ගෝලීය දක්ෂිණාංශික හැරවුම....
Equalizer 1 ෆිල්ම් එකේ අර රුසියානු මාෆියා ඒජන්තයා මැකෝල්ට එක තැනකදී කියනවා 'මට උඹ ගැන කිසිම හැඟීමක් නැහැ. බෝතලයක මූඩියක් (bottle cap) වගේ ඉවත්කල යුතු දෙයක් හැටියට පෙනෙනවා හැර' කියල.
දැන් තියෙන්නේ ඒ කියනවා වගේ තමන්ගේ ව්‍යාපෘතියට එරෙහි වෙන උන් ඉවත්කරගෙන කරගෙන යන එක විතරයි.
චීනයේ වික්ටර් ගයෝ (Victor Gao) මෙයිදි හසන්ට කියනවා චීනයට එනවා නම් එකම එක දෙයක් පිළිගන්න කියල. 'එක රටක්. එක මාවතක්'. එච්චරයි. දැන් එන්න.
ඒ මාවතේ වෙන දේවල් තියෙන්න බැහැ. තියෙන්න දෙන්නෙත් නැහැ. බෝතල් මූඩි වගේ ඉවත්කරනවා.
(සටහන | ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)



