හිනායනවා තමයි.
ඒ වුණාට පොඩ්ඩක් හිතන්න ඔය හෙළ බොජුන් සංකල්පය. ඒක කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නැත්නම් ගොවිජන සේවා එක කරපු සෑහෙන්න විතර නිර්මාණශීලි වැඩක්. දැන් හැම ආයතනයකම, හන්දියකම, ටවුමකම, ගහක් ගලක් යට හෙළ බොජුන්. සමහර ඒවා හෙළ නම එක්ක තව මොනවා හරි දාල පුද්ගලික හෙළ කඩ වශයෙන් තියනවා. මිනිස්සු යම් තීරයක් වගේම වැඩට යන එන අය මේවගෙන් කනවා බොනවා. නමගිය හෙළ බොජුන් වල වාහන පෝලිමට නවත්වනවා.
හොඳට සුපර්වයිස් කරන ඒවා හොඳටම දුවනවා. මිළත් සාධාරණයි. රස්සා විශාල ප්‍රමාණයක්.
ඔය වගේම හොඳටම තිබ්බ කෑම කඩ වර්ගයක් තමයි සමුපකාර ආපන ශාලා. පරිපාලන වගේම තවත් ප්‍රශ්න එක්ක ඒවා වැහිලා ගියා.
ඊට අමතරව ඔයාලට මතකද මම දන්නේ නැහැ රජයේ තානායම් කියන වර්ගය. ඉහලම නමක් දිනාගත්ත රජයේ තානායම් සහ නවාතැන් පොළවල් තිබ්බ. ඒවාට මිනිස්සු ගියා එක කාලෙක. දැනුත් ඒ නමට යන තැන් තියනවා. බලන්ගොඩ තානායම ඒ වගේ එක නමක්. බෙලිහුල්ඔය තවත් නමක්.
හොඳ කළමනාකරණයක් තිබ්බොත් රජයේ කියන නමට තවමත් වැදගත් කමක් තියනවා. ඒ කියන්නේ සංස්ථා සිමෙන්ති සහ සංස්ථා අරක්කු වගේ බ්‍රෑන්ඩ් එකක් - මාකට් එකක් තියනවා.
එකම දේ හොඳ කළමනාකරණය, සොයා බැලීම සහ ගුණාත්මක බව. එච්චරයි. නැගලයන නමක් දාල, ලෝගෝ එකක් දාල, මොබයිල් ඇප් එකක් දාල, ලස්සන කෙල්ලෝ දෙන්නෙක් තුන්දෙනෙක් දාල උස්සල ගත්තනම් ගොඩයයි.
ඕනෑම අත්හදා බැලීමක් නරක නැහැ. වැරදිච්ච දෙයක් නිවැරදි කරගෙන නැවත කිරීමේත් ගැටළුවක් නැහැ. දෙවැනි එක නම් ලෙනින් උනත් කිව්ව දෙයක්.
(සටහන | ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
ආණ්ඩුවේ කෑම කඩේ අරිමු! - Mahesh Hapugoda
T
The Leader Desk
March 28, 2025 • 5:57 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඒ වුණාට පොඩ්ඩක් හිතන්න ඔය හෙළ බොජුන් සංකල්පය.
- ඒවාට මිනිස්සු ගියා එක කාලෙක.
- එකම දේ හොඳ කළමනාකරණය, සොයා බැලීම සහ ගුණාත්මක බව.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


