The Leader News
BREAKING
Top Ad
Opinion

අපි මේ ගේම ගහමු! | Mahesh Hapugoda

T

The Leader Desk

March 28, 2025 • 12:11 PM

අපි මේ ගේම ගහමු!  | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මම දැන් සෑහෙන පාරක් ලියල තියනවා ලාල් තමයි ඔතන ඉන්න නියමම බුලට් එක කියල.
  • ඇත්තටම එයා කතාකරන්නේ ශේෂවෙලා ඉන්න අතලොස්සක් වන රනිල් ෆෑන්ස්ලට.
  • ඇත්තටම මේ වෙලාවේ මාලිමාවට ඕනිත් ඒක.
  • ඇත්තටම ලංවෙලා බලන කෙනෙකුට විතරයි තේරෙන්නේ මාලිමාව ගහන්නේ දක්ෂ ගේමක් කියන එක.
අකුරු ප්‍රමාණය (Font Size):

මම දැන් සෑහෙන පාරක් ලියල තියනවා ලාල් තමයි ඔතන ඉන්න නියමම බුලට් එක කියල. වෙන කිසිම දෙයක් නැතත් තමන්ට ඕනි දේ සන්නිවේදනය කරන තැනදී ඒ ඕනි එක ඕනි විදියට කියන්න ලාල් දන්නවා. පොර රටේ සෙන්ටිමෙන්ට් එකත් දන්නවා.

ලාල් රනිල්ට රෙෆරන්ස් දීල කියපු ඒ කතාව වැඩියෙන්ම උස්සගෙන යන්නේ රනිල්වාදීන්.
 
ඒ නිසා ඒ කතාව ලාල් කියන්නේ ජේවීපී මාලිමාකාරයින්ට නෙවෙයි. ඇත්තටම එයා කතාකරන්නේ ශේෂවෙලා ඉන්න අතලොස්සක් වන රනිල් ෆෑන්ස්ලට. ඒ කියන්නේ එයාගේ කතාව යන්නේ එයා ඉන්න වළල්ලෙන් ඔබ්බට. ඇත්තටම මේ වෙලාවේ මාලිමාවට ඕනිත් ඒක. අනික මේ චන්දෙකුත් එන එකේ. ඇත්තටම ලංවෙලා බලන කෙනෙකුට විතරයි තේරෙන්නේ මාලිමාව ගහන්නේ දක්ෂ ගේමක් කියන එක.
අවසානයේ රනිල් විතරක් ඉතුරු වෙයි ද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)
 
බලන්න ලාල්ගේ යටිපෙළ. 'දැන් බලපල්ලා ඔය රනිල් කරපු වැඩේම නේද පොරටත් වැඩිය හොඳට සහ පිළිවෙලට අපි කරන්නේ. අපි රාජ්‍ය සේවයට බොරු බඳවාගැනීම් කරන්නේ නැහැ. ඕනි නැති ඒවා දීලා දානවා. අපිත් පාඩු ලබන්න කැමති නැහැ. අපි අපේ උන් විනයගත කරගෙන මේ වැඩේ ඇදගෙන යනවා. දළදාවත් පෙන්නනවා.
 
රනිල්ගේ වටේ ඉන්න එවුන්ගෙන් වගේ කරදරයක් දැන් නැහැ. IMF එකේ ගේමත් දැන් අපි ඇදගෙන යනවා. ඉන්දියාව එක්කත් ෂේප්. චීනෙත් එක්කත් ෂේප්. විවෘත ආර්ථිකේට මුකුත් කරලත් නැහැ. තෙල් පෝලිම් ඇතිවෙන්න දුන්නෙත් නැහැ. වෙන කියන්න තරම් ලොකු අවුලක් අපි කරලත් නැහැ. ඉතිං...'
 
ඇයි බං උඹල තවත් රනිල් රනිල් ගගා වැළලෙන්නේ. වරෙල්ල බං අපි ලඟට! අපි මේ ගේම ගහමු! 

හෙමින් යන අය ගොඩක් දුර යනවා... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)(සටහන | ආචාර්ය මහේෂ් හපුගොඩ)

සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)



 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අපි මේ ගේම ගහමු! | Mahesh Hapugoda | The Leader