The Leader News
BREAKING
Top Ad
Opinion

රාජපක්ෂ පිළිරුව නැවත ඔසවා ගුරුවරියන්ට සාරි අන්දමු - (මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

November 7, 2022 • 10:50 AM

රාජපක්ෂ පිළිරුව නැවත ඔසවා ගුරුවරියන්ට සාරි අන්දමු - (මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා සමබිම පක්ෂය ගුරුවරියන්ගේ සාරිය සම්බන්දයෙන් පළකර තිබුණ අදහසට වෙනස් අදහසක් මම දරන බව මෙතැන සඳහන් කර තබනවා. ඔවුන්
  • ඒ නිසා ''වෛද්‍යවරියන් වෛද්‍යවරියන්ට වඩා වැඩි දෙයක්'' බවට පත්වීම මේ එරෙහිවීමට හේතුව ලෙස ගන්න පුළුවන්.
  •   කොහොම උනත් ජනප්‍රිය නොවන අදහසක් කෙළින් කීම සම්බන්දයෙන් සමබිම පක්ෂයේ අදහස් ප්‍රකාශ කිරීම ගැන ගරු කරන අතරම මේ පුද්ගල විකසිත වීම ගැන මගේ සත දෙක මෙහෙම ලියන තියන්න හිතුව.
  • මිනිස් බවට වඩා වැඩි යමක් හැමදාම මිනිසා හෙව්වා.
අකුරු ප්‍රමාණය (Font Size):

''සැහැල්ලු ඇඳුමක්'' ගුරුවරියන් ඇඳිය යුතු බවට ජෝශප් ස්ටාලින් දක්වා තිබූ අදහසට එරෙහි වන්නේ පාසල් රූපලාවන්යාගාර බවට පත්වනු දැකීමට අසතුටෙන්.


ඒ මාර්ගයේම ගමන් කරන්න පුළුවන් හෙදියන් සහ වෛද්‍යවරියන් ද මෙසේ රූපලාවන්‍ය කටයුතු කිරීම නිසා රැකියාව වෙනුවට රූපලාවන්ය කරන්න පුළුවන් කියල ඒ පක්ෂය කියනවා. ඒ නිසා ''වෛද්‍යවරියන් වෛද්‍යවරියන්ට වඩා වැඩි දෙයක්'' බවට පත්වීම මේ එරෙහිවීමට හේතුව ලෙස ගන්න පුළුවන්.  


කොහොම උනත් ජනප්‍රිය නොවන අදහසක් කෙළින් කීම සම්බන්දයෙන් සමබිම පක්ෂයේ අදහස් ප්‍රකාශ කිරීම ගැන ගරු කරන අතරම මේ පුද්ගල විකසිත වීම ගැන මගේ සත දෙක මෙහෙම ලියන තියන්න හිතුව.

 

කොහොමත් හැම ආයතනයක් ම, හැම පුද්ගලයෙක් ම  මේ යුගයේ පුද්ගලයාට වඩා වැඩි දෙයක් ඉල්ලමින් සිටිනවා. පුද්ගලයාගේ උපරිමය සහ තවත් ටිකක් ඉල්ලා සිටියේ හොලිවුඩ් එක. ඔය ඇක්ෂන් ෆිල්ම් වල ඒවා දකින්න පුළුවන්. 

 

ඒ වගේම ජනප්‍රිය නළු නිළි චරිතාපදාන වල, සංගීත කණ්ඩායම් වල එහෙම තමාට වඩා වැඩි දෙය හොයාගන්න ඒ පුද්ගලයින්ට බලපෑම් කරපු අවස්ථා ඕනි තරම් හොයාගන්න පුළුවන්.

 

(MANDATORY CREDIT Koh Hasebe/Shinko Music/Getty Images) British rock band Queen perform on 'The Works' tour,  the venue, May 1985. (L-R) John Deacon (bass), Roger Taylor (drums), Brian May (guitar), Freddie Mercury (vocals). (Photo by Koh Hasebe/Shinko Music/Getty Images)

නිකම් හිතන්න Queen බෑන්ඩ් එක ගැන සහ ෆ්‍රෙඩී මර්කරි ගැන. පොඩි විපරීත ගතියක් තිබුණත් එයාල ගිය දුර.

 

මේ හැම දෙයක්ම පිටිපස්සේ ධනවාදයේ ලාභය තියනවා. ඒ කරන ''අළුත් දෙය'' නැත්නම් ''අමුතු දෙය'' අර ලාභ සීතල වතුරේ දියවෙලා ගියා තමයි. ඒ ඔක්කොම ඇත්ත.


ජර්මන් විඥාණවාදයෙන් සහ හේගල්ගෙන් ජිජැක් ඉගෙන ගන්න මූලික දෙය වෙන්නෙත් මේ මිනිස් අතිරික්තය (excess of human). ''මිනිස් ජීවිතය කියන්නේ නිකම්ම ඔන්න ඔහේ ජීවිතයක් නෙවෙයි. ජීවිතයට වඩා වැඩි යමක්. මිනිස් බවට වඩා වැඩි යමක් හැමදාම මිනිසා හෙව්වා. බයිබලයේ ඉඳල එහෙමයි''. මේ මිනිස් බවට වඩා වැඩි දෙය ගොඩක් වෙලාවට මරණයෙන් ඉවර වෙන දෙයක් කියලත් ජිජැක් කියනවා. හොඳම උදාහරණෙ Basic Instinct (1992).

 

මිනිස් වෙලා ඉපදිලා මිනිසා මිනිස් බවට වඩා වැඩි දෙයක් හොයනවා. ඒ නිසා මිනිසා අතිමූලික හිස් බවකින් පෙළෙනවා. මේක තමයි බාධක S ($) හැටියට මනෝ විශ්ලේෂණයේ උගන්වන්නේ. ඉතිං මේ හිඩැස නිසා මිනිසා හැමදාම හිතනවා තමන් පරිපුර්ණ නැහැ කියල. ඕක නිසා තමයි ඔය පොසිටිව් තින්කින් කට්ටිය කියන දේවල් නැඟලා යන්නේ. 

 

ඔය අතිරික්ත දෙය ගැහැණිය පැත්තෙන් ඉස්මතු වෙනකොට තමයි ගොඩක් පිරිමි ටිපර් පාක් කරන්න ගන්නේ.


ගැහැණිය තමන්ට දීල තියන ස්ත්‍රී ප්‍රවර්ගයෙන් (category of women) ඉස්සරහට යනවට මේ සම්මතේ පිරිමි කැමති වෙන්නේ නැහැ. ඉතිං පිරිමි කැමැත්ත අකමැත්ත පැත්තකින් තියල එයාලට එයාලගේ ගමන යන්න වෙනවා. හැබැයි දේශපාලන බලය එයාල අතේ නිසා ආගම, නීතිය, දේශපාලනය (සහ සම්ප්‍රදාය) ඔක්කොම එකතු වෙලා (ඔක්කොම පිරිමි) එයාලගේ ගමනට වැට බඳින්න පුළුවන්.


හැබැයි ගැහැණිය ඇත්තටම තමන්ගේ කියල ගමනක් පටන් ගත්තොත් පිරිමින්ටත් එයාලගේ සීමාව වෙනස් කරගන්න වෙයි කියල ජුඩිත් බට්ලර් කියනවා.

 

වැඩේ තියන්නේ මෙච්චර කල් මොඩ් කියල හිතපු ස්වාමියෙක්ගේ කාලේ රාජපක්ෂ පිළිරුව ආයෙත් ඔසවලා සාරිය අනිවාර්ය වෙන එක. ස්ටාලින්ට දුවන්න ගහන එක. සියල්ල අනික් පැත්ත කැරකෙන එක.

 

මම කියන්නේ මේ ගමෙන් අරහෙන් මෙහෙන් එන ගුරුවරු ටිකක් අළු ගසාදාල ආපුදෙන් කියල. එහෙම අළු ගසලා දාල අළුත් සමාජය ඇතුලේ ගමන් කරලා මේකෙන් යන්න යනවා නම් ඔහේ ගියදෙන් කියල.


මොකද මේ තියෙන්නේ සාරි නැති වුණොත් ළමයි ඉගෙනගන්නේ නැති වීම ගැන ගායක් නම් නෙවෙයි. මේ තියෙන්නේ දෙදාස් පන්සීයක මෙව්වා එක අපි රැක්කා හාමුදුරුවනේ කියල බයි මනස ෆෝම් කිරීම. ඒ කියන්නේ චන්ද පළුවක් කඩා ගැනීම. දේශපාලනය.


දීප්තිත් වැඩියෙන්ම කියන වචනයකින් කිව්වොත් මේ තියෙන්නේ දෘෂ්ටිවාදය. සහ ඒකෙ හොඳම එක.


මෙලන්කොලියාව -මහේෂ් හපුගොඩ(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


සබැඳි ලිපි :
Blue ජීනිස්වලට එරෙහි සාරි විප්ලවය - සමබිම පක්ෂයේ විග්‍රහයක්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...