The Leader News
BREAKING
Top Ad
Opinion

ලොකුම විප්ලවය විප්ලවයක් සිදු නොකිරීමය | Mahesh Hapugoda

T

The Leader Desk

March 29, 2025 • 6:48 AM

ලොකුම විප්ලවය විප්ලවයක් සිදු නොකිරීමය | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දශක හතරක් පහක් වගේ වෙන්න නියමිත ඔවුන්ගේ ඉතිහාසය ඇතුලේ එවන් අවසන් - සමස්ත බලයක් ඔවුන් දිනාගත්තේ 2024 අවුරුද්දේ අගෝස්තු ජනාධිපතිවරණය දිනාගැනීමත් එක්ක.
  • ඒ ජයග්‍රහණය සිද්දවෙන්නේ ජවිපෙ හැටියටම නොවුණත් මාලිමාව ඇතුලේ කේන්ද්‍රීය බලයක් ජවිපෙට තිබ්බ.
  • නමුත් අපි දන්නා පරිදි 'විප්ලවයක්' ඔවුන් සිදු නොකලා විතරක් නෙවෙයි රනිල් විසින් අවසන් අවුරුදු දෙකේ කරමින් හිටිය සහ 1978ට පස්සේ ලංකාවේ තිබ්බ නිදහස් වෙළඳපළ ආර්ථිකය (සහ අලුත් IMF වැඩපිළිවෙල) ඒ විදියටම වගේ අරන්යන්න උත්සාහ කරමින් ඉන්න බව දැන් පේනවා.
  • මේ තත්වය සමාජවාදී සිහිනයක් තිබ්බ අයට ඉච්චාභංගත්වයක් ඇතිකරන්න පුළුවන් උනත් ඇත්තටම අපි බලමු මේ තත්වය ඔවුන්ගේ පැත්තෙන් (ජවිපෙ පැත්තෙන්) තේරුම්ගන්න.
අකුරු ප්‍රමාණය (Font Size):

දශක හතරක් පහක් වගේ වෙන්න නියමිත ඔවුන්ගේ ඉතිහාසය ඇතුලේ එවන් අවසන් - සමස්ත බලයක් ඔවුන් දිනාගත්තේ 2024 අවුරුද්දේ අගෝස්තු ජනාධිපතිවරණය දිනාගැනීමත් එක්ක.

ඒ ජයග්‍රහණය සිද්දවෙන්නේ ජවිපෙ හැටියටම නොවුණත් මාලිමාව ඇතුලේ කේන්ද්‍රීය බලයක් ජවිපෙට තිබ්බ. සහ අවශ්‍යනම් එවන් විප්ලවයක් වෙනුවෙන් වන ජනමතය පවා මහමැතිවරයෙන් ලැබුණ. නමුත් අපි දන්නා පරිදි 'විප්ලවයක්' ඔවුන් සිදු නොකලා විතරක් නෙවෙයි රනිල් විසින් අවසන් අවුරුදු දෙකේ කරමින් හිටිය සහ 1978ට පස්සේ ලංකාවේ තිබ්බ නිදහස් වෙළඳපළ ආර්ථිකය (සහ අලුත් IMF වැඩපිළිවෙල) ඒ විදියටම වගේ අරන්යන්න උත්සාහ කරමින් ඉන්න බව දැන් පේනවා.

මැතිවරණ ජයග්‍රහණ එක්ක ඔවුන් මෙතෙක් හිටපු ප්‍රභූ විරෝධී දේශපාලනය නිසා පැවති දේශපාලන තන්ත්‍රය වෙනුවෙන් යම් ප්‍රචණ්ඩ සමාජ මැදිහත්වීමක් කරයි කියල සමහරු බයේ හිටියත් එවැන්නක් පිළිබද කිසිදු මැදිහත්වීමක් ඔවුන් කළේ නැහැ. පැරණි රුසියාවේ හෝ චීනයේ සිදුවුණා වගේ කිසිම දෙයක් ඔවුන් කළේ නැහැ. ඒ ඔස්සේ සමාජය බය බිරාන්ත කළේ නැහැ.

 

The rise of Anura Kumara Dissanayake

මේ තත්වය සමාජවාදී සිහිනයක් තිබ්බ අයට ඉච්චාභංගත්වයක් ඇතිකරන්න පුළුවන් උනත් ඇත්තටම අපි බලමු මේ තත්වය ඔවුන්ගේ පැත්තෙන් (ජවිපෙ පැත්තෙන්) තේරුම්ගන්න.

මාලිමාවට විරුද්ධ හැමෝම බලන් හිටියේ අර එයාලගේ උරුමය ඇතුලේ රැව්දුන්න 'සමාජවාදී වැඩපිළිවෙල' (socialist project) සහ IMF එකෙන් ඉවත්වීම (exit IMF) කියන එක වහාම කරයි කියල. ඒ කියන්නේ මැතිවරණය ඇතුලේ ඒ ගැන අවසන් කතාබහක් නොතිබ්බ නිසා ජවිපෙ වාම කඳවුර මේ සමස්ත වැඩේ සමාජවාදය පැත්තට අරගෙන යයි කියල. මුල් මාස කීපයේ එහෙම කසුකුසුවක් තිබ්බ. හැමෝම බලන්හිටියේ එහෙම කරන්න ගිහිල්ල මාලිමාව ඇණගන්න කල්.

ඒ නිසා මේ මුල් මාස හයේ ඔවුන් ඔවුන්ගේ පැත්තෙන් ලොකු පිස්සුවක් නටන්න ගිහිල්ල වැඩේ අල කරගත්තේ නැහැ. මිනිස්සු හුරුවෙලා හිටපු ව්‍යුහය අවුල් කරෙත් නැහැ. පොඩි පොඩි අවුල් උනාට ඒවා ඕනිම ආණ්ඩුවක් යටතේ වෙන්න පුළුවන් දේවල්. හැබැයි තමන්ට ලැබුණ ජන පදනම නාය යන මට්ටමේ ගොං වැඩක් ඔවුන් තවම කළේ නැහැ.

 

1157
ඊට අමතරව වැරදි වැරදි හරි ලංකාවේ තියන ලොකු ප්‍රායෝගික ප්‍රශ්න ක්ෂුද්‍ර මට්ටමින් හඳුනාගනිමින් ඒවාට ඔවුන් උත්තර හොයන්න උත්සාහ ගනිමින් ඉන්නවා. රිලා ප්‍රශ්නය. කෑම ප්‍රශ්නය. ප්‍රවාහන ප්‍රශ්නය වගේ උදාහරණ ටිකක් දෙන්න පුළුවන්.

පාතාලේ වගේ සමහර ඒවා ඔවුන්ගේ පාලනයෙන් මිදුණා උනත් ඔවුන් කම්මැලි නැතුව යම් උත්සාහයක් දරමින් ඉන්නවා යම් උත්තරයක් ඒවාට පවා අරන් එන්න. විශේෂයන් සමාජයක කුඩා කුඩා එදිනෙදා ප්‍රශ්න තමයි විසඳන්න ඕනි. ඒක තමයි එක අතකට විප්ලවයක් වෙන්නේ.

මේ සුවිශේෂ ගෝලීය මොහොතේ ලොකු සමාජවාදී විප්ලව කරන්න ගිහිල්ල සමාජය ලොකු අවුලක දාන්නේ නැහැ කියන මූලික විශ්වාසය ඔවුන් තහවුරුකරලා තියනවා. ඒ නිසා සෙමින් යම් යම් පරිවර්තන කරන්න ඔවුන්ට කාලය සහ සමාජ අනුමැතිය දැන් අරගන්න පුළුවන්. ඒ මන්දගාමී පරිවර්තන කලානුරූපව අවශ්‍යනම් විප්ලවීය පරිවර්තන දක්වා දිගුකළ හැකියි. දැන් කරන්නේ තියන විදියට දේවල්වලට සිද්දවෙන්න දීලා ඉන්න එක. අවශ්‍ය තැන්වල අවශ්‍ය මැදිහත්වීම් කරනවා. දැනට එච්චරයි.

484292184 1235616447934582 5042623795867752390 n
වියදම් හැකි ඉහලම ආකාරයෙන් අඩුකරලා තියනවා. දුෂණ වංචා අවම කරලා තියනවා. විනයක් තියනවා. විප්ලවයේ මූලික දේවල් ඒවා කියල ඕනිනම් කියන්නත් පුළුවන්.

කොහොම උනත් පැරණි ආකෘතියේ විප්ලවයක් කරන්න හදිස්සි නොවීම තමයි ලොකුම ජයග්‍රහණය. සහ විප්ලවය.  

සංවාදයට විවෘතයි....

Mahesh Hapugoda
(සටහන | ආචාර්ය මහේෂ් හපුගොඩ)

සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...