ඒ ඉතිහාසය කවුරුහරි මතක් කළොත් ඇරෙන්න මට මතක් වෙන්නෙත් නැහැ. දැන් අලුත් පරම්පරාවට ඒවායින් වැඩකුත් නැතුව ඇති.
ඒ කාලේ විජේවීරගේ කතා නම් මම කොහොමත් අහන්නේ නැහැ. වගේම හින්දි සින්දු අහන්නෙත් නැහැ. කොච්චර සම්භාව්‍ය අරවා මෙව්වා කිව්වත් මම ඉන්දියන් චිත්‍රපටි බලන්නෙත් නැහැ.
ඉංග්‍රීසියෙන් ලියවෙච්ච ඉන්දියානු නවකතා නම් බලන්න වෙනවා. මොකද පශ්චාත් යටත්විජිත සාහිත්‍ය විෂය මම උගන්වන නිසා. බුද්ධාගම වගේ එකක් හැරුනම මට ඉන්දියාව එච්චර වැදගත් නැහැ. ඒ වෙලාවේ ඇමෙරිකන් හරි ජපන් සාහිත්‍යය හරි කියවනවා. නැත්නම් බටහිර රොක් එකක් අහනවා.
මම පුද්ගලික වශයෙන් එහෙම දුරස්ථ බවක් නඩත්තු කළාට පොදුවේ ලංකාවට බැහැ ඉන්දියාව නැතුව හුස්ම ගන්න. අපිට බැහැ කොයිම ලෙසකින්වත් ඉන්දියාව අවුල්කර ගන්න.

මම වගේම ඉන්දියාව එක්ක දුරස්ථ සම්බන්දයක් නඩත්තුකරපු යැංකි ඩිකී එහෙම අවුලක් හදාගෙන අන්තිමේ කොහෙද යන පරිප්පුවක් එයාගේ ආණ්ඩුවට කන්න උනා. එතකොට ඉන්දියාවට මෙච්චර ප්‍රාග්ධනයක් තිබ්බේ නැහැ. දැන් උතුරන්න සල්ලි. ලෝකයේ ලොකුම ධනපතියෝ එයාල ළඟ.
මේ ප්‍රාග්ධනය එක්ක දැන් ඇවිල්ලා තියෙන්නේ ගැටෙන යුගයක් නෙවෙයි. විසිවෙනි සියවසේ අපි කළේම ගැටෙන එක. නමුත් මේ ඇවිල්ල තියෙන්නේ ආර්ථික කොරිඩෝ හරහා පාලම් හදන යුගය. පාලම් හරහා ප්‍රාග්ධනය ගලන යුගය.
මුළු ඉන්දියානු සාගර කලාපයම එක් එක් පාලම් හරහා යා වෙයි. පරණ පාලම් ආයිත් ප්‍රතිජීවනය වෙයි. හොඳ නරක දෙකම ඒ පාලම් හරහා ගමන්කරයි. තෝරාගැනීම අපි සතුවෙයි.
සල්ලි දෙයියන්ගේ මල්ලි!
(සටහන | ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)



