දැන් දවසක් දෙකක් තිස්සේ මට හිතෙන දෙයක් තමයි අපි ආයෙත් ගෝල්ෆේස් දිශාවට ගමන්කරමින් තියනවා නේද වගේ හැඟීම. ඒ නිසා මම ගෝල්ෆේස් අරගලයේ ෆොටෝ එකක් එක්ක සටහනක් අද උදේ දැම්ම.
ඒ එක්කම තමයි ට්‍රම්ප් අම්මට සිරිවෙන්න ටැක්ස් එකක් ගහල ලෝක වෙළඳ යුද්දය ආරම්භකරලා තියෙන්නේ. ලංකාවෙන් කරන අපනයන වලට මේක සෘජුව බලපාන හින්ද මේකේ ආරථික බලපෑම සෑහෙන්න ලොකු එකක් වෙන්නත් පුළුවන්. ඒ වගේම මේක අපි අපේක්ෂා නොකළ දෙයක්. ඒ කියන්නේ යම් හදිසි ආපතික දෙයක්. දේවල් සිද්දවෙන්නේ ඔහොම තමයි.
දැන් දවස් කීපයක් තිස්සේ ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය උණුසුම් වෙමින් පවතිනවා. මම සිසුන් කීප දෙනෙක් එක්ක පසුගිය දවස්වල කතාකරපු වෙලාවේ මට තේරුණු දෙයක් තමයි ඔවුන් ඉන්නේ අපේක්ෂා භංගත්වයෙන් කියන එක.
රනිල්ගේ වැඩපිළිවෙල ඇතුලෙම හිරවෙලා ඉන්න ජාතික ජන බලවේග ආණ්ඩුව දැනට දැනෙන නිර්මාණශීලි දෙයක් කරන්නෙත් නැහැ. එහෙම කියල දෙයක් ඔවුන් අතේ ඇත්තෙත් නැහැ.
ඒ නිසා ට්‍රම්ප් වගේ කෙනෙක් කරන මේ වගේ දෙයක් එක්ක සිද්දවෙන්න පුළුවන් ආර්ථික හිරවීම ලොකු සමාජ දේශපාලන බලපෑමක් රටේ සිද්දකරන්න පුළුවන්. මිනිස්සු තවත් ඉච්චාභංග වෙන්න පුළුවන්.

හැමෝම හිතන්නේ තෙල් ගෑස් නැතිවුන නිසා ගෝල්ෆේස් එක ආව වගේ අනික් රැල්ල එන්නත් තෙල් ගෑස් නැතිවෙන්න ඕනි කියල. එහෙම අපිට දේවල් පුරෝකථනය කරන්න බැහැ. ඉස්සරහට මොකක් නැති වෙයිද මොකක් නැතිවෙච්ච නිසා මොකක් වෙයිද කියල කියන්න බැහැ. මොකක්වත් නැති උනේ නැතත් දේවල් සිද්දවෙන්න පුළුවන්. ගෝල්ෆේස් විදියටම නෙවෙයි. වෙනත් විදියකට උනත්....ඒ විදිය මොකක්ද කියල අපිට තවම කියන්න බැහැ.
සිද්දවෙන්න යමක් තියනව නම් දේවල් ට්‍රම්ප්ගෙන් උනත් පටන්ගනී....

ආයේ ගෝල්ෆේස් එකක් ආවොත් ඒකෙ කෙළවර රනිල් ඉඳීද?
(සටහන | ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
සබැඳි ලිපි :
ඊළඟ අදියර... | Mahesh Hapugoda



