The Leader News
BREAKING
Top Ad
Opinion

යුගයක් වෙනස්වෙලා තියනවා | Mahesh Hapugoda

T

The Leader Desk

April 5, 2025 • 3:25 PM

යුගයක් වෙනස්වෙලා තියනවා | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක් යුගයක දේශපාලනය වෙනස්වෙලා තියනවා.
  • ඒ ජනතාව පැත්තෙන් පෙනීසිටිය පැරණි අතුරු මුහුණත ඔවුන්ට මේ දක්වා දිගු ගමනක් එන්න ප්‍රයෝජන උණා.
  • අනුර මෝදී අගමැතිතුමා හම්බවෙන මොහොතේ තිබ්බ ජයග්‍රහණයේ සිනහවට යටින් අති දැවැන්ත පරාජයකුත් සනිටුහන් වෙනවා.
  • සමහරවිට ඒක ඔහුට වැටහෙනවත් ඇති.
අකුරු ප්‍රමාණය (Font Size):

යුගයක් වෙනස්වෙලා තියනවා. එක් යුගයක දේශපාලනය වෙනස්වෙලා තියනවා. ඒ එක්ක දේශපාලන මතවාද වෙනස්වෙලා තියනවා. ප්‍රායෝගික තත්වයන් වෙනස්වෙලා තියනවා.


අද බුකියේ බැලු බැලූ අත තියෙන්නේ ඒ යුග දෙකක් අතරේ ජනතා විමුක්ති පෙරමුණ වෙනස්වෙච්ච විදිය. දැඩි ඉන්දියන් විරෝධයක ඉඳල දැවැන්ත අනුගතවීමක් දක්වා ඔවුන් පරිණාමය වෙච්ච විදිය තමයි අද දවසේ බුකියේ හයිලයිට් එක.

ජවිපෙ පැත්තෙන් ඒ ගැන ලොකු මතවාදී පැහැදිලිකිරීමක් නැහැ. හැබැයි අද නරේන්ද්‍ර මෝදි අගමැතිතුමා හමුවෙච්ච වෙලාවේ දෙන්න ඉතා සමීපව ගත්ත චායාරූපයක අනුරගේ මුහුණේ ජයග්‍රාහී හිනාවක් තිබ්බ.

අත්සන් කරන්න යන කිසිම ගිවිසුමක් අපි කවුරුත් දැකලත් නැහැ. අන්තර්ගතය ගැන දන්නෙත් නැහැ. ජවිපෙ කියන්නේ මෙතෙක් ආණ්ඩු අත්සන් කළ හැම ගිවිසුමක් දිහාම සැකයෙන් බලපු, ඒ හැම ගිවිසුමක්ම ජනතාවට පෙන්නන්න කියල බලකරපු පක්ෂයක්. ඒ ජනතාව පැත්තෙන් පෙනීසිටිය පැරණි අතුරු මුහුණත ඔවුන්ට මේ දක්වා දිගු ගමනක් එන්න ප්‍රයෝජන උණා.

නමුත් දැන් රතු කමිස වෙනුවට ටයිකෝට් දාල ජවිපෙ අලුත් සමාජ අතුරු මුහුණතක (interface) ගමන්කරමින් ඉන්නවා. අනුර මෝදී අගමැතිතුමා හම්බවෙන මොහොතේ තිබ්බ ජයග්‍රහණයේ සිනහවට යටින් අති දැවැන්ත පරාජයකුත් සනිටුහන් වෙනවා. සමහරවිට ඒක ඔහුට වැටහෙනවත් ඇති. නැතුවත් ඇති.

ඒ තමයි මේ ගිවිසුමේ මොනවා තිබ්බත් නැතත් මෙතෙක් ඔවුන් අනන්‍ය වූ සහ දැනසිටි අධිරාජ්‍ය විරෝධී, ඉන්දියන් විරෝධී, රැඩිකල් වාමවාදී කොඩිය අද මේ මොහොතින් පස්සේ ඔවුන්ගෙන් ගිලිහෙනවා.

මොකද අපි දන්නවා මෙවන් ඉන්දියන් - ලංකා ගිවිසුමක සියල්ල අපිට යහපත් විදියට අපේ පැත්තටම කැරකෙන්නේ නැහැ කියල. ඒකට ලොකු සමීකරණ අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට අවාසි දේවල් වෙනුවෙන් පෙනීසිටින්න අවශ්‍ය අතිශයින් වැදගත් දේශපාලනයක් අද සිට ආරම්භවනවා.

ඉතිං අදින් පස්සෙත් දේශපාලනය පවතිනවා. පවතින්න වෙනවා.

නමුත් අදින් පස්සේ ආරම්භවන රැඩිකල් දේශපාලනයේ කොඩිය වෙනත් කෙනෙක් අතට යනඑක වළක්වන්න බැරිවේවි.  

අද 2025 අප්‍රේල් 5.

Mahesh Hapugoda(සටහන | ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com


(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...