The Leader News
BREAKING
Top Ad
Opinion

රනිල් මහින්ද මෛත්‍රී ගෝඨලා පව්! - Mahesh Hapugoda

T

The Leader Desk

April 7, 2025 • 8:14 AM

රනිල් මහින්ද මෛත්‍රී ගෝඨලා පව්! - Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කවුරුහරි මම කියනවා අහගෙන අනුර මේ කරන්නේ රඟපෑමක් කියල.
  • ඒ කියන්නේ ඇත්තටම අනුර විශ්වාස කළේ සහ කරන්නේ මොකක්ද කියන එක ගැන ලොකු ගැටළුවක් දැන් එනවා.
  • සමහර වෙලාවට කිසිම විශ්වාසයක් ගැන විශ්වාසයක් ඔහු තුල නොතිබෙන්නත් ඇති.
  • ඒ හිස්බව (radical emptiness) මේ දැන් තත්වය නිපදවාගැනීම සඳහා උදව්කරන්නත් ඇති.
අකුරු ප්‍රමාණය (Font Size):


කවුරුහරි මම කියනවා අහගෙන අනුර මේ කරන්නේ රඟපෑමක් කියල.

එදා කියපු දේවල් සහ අද කරන දේවල් ගත්තම ඒ දෙක අතර පරතරය නිසා ඕනෑම කෙනෙකුට එහෙම හිතෙන්න පුළුවන්.

National People's Power (NPP) party's presidential candidate Anura Kumara Dissanayaka (C) arrives at a polling station to cast his ballot during voting in Sri Lanka's presidential election in Colombo on September 21, 2024. Cash-strapped Sri Lanka began voting for its next president September 21 in an effective referendum on an unpopular International Monetary Fund austerity plan enacted after the island nation's unprecedented financial crisis. (Photo by Ishara S. KODIKARA / AFP) (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

හැබැයි ඕනිනම් කියන්න පුළුවන් නේද දැන් විතරක් නෙවෙයි අනුර ජවිපෙ නායකත්වය ගත්ත දවසේ ඉඳලම කරලා තියෙන්නේ රඟපෑමක් කියන එක. මම එයා ඔය එක එක ඇඳුම අඳිද්දී එකපාරක් ඇහුවා මේක වේශනිරූපනයක් වෙන්න බැරිද කියලත්.

ඒ කියන්නේ ඇත්තටම අනුර විශ්වාස කළේ සහ කරන්නේ මොකක්ද කියන එක ගැන ලොකු ගැටළුවක් දැන් එනවා. සමහර වෙලාවට කිසිම විශ්වාසයක් ගැන විශ්වාසයක් ඔහු තුල නොතිබෙන්නත් ඇති. ඒ හිස්බව (radical emptiness) මේ දැන් තත්වය නිපදවාගැනීම සඳහා උදව්කරන්නත් ඇති.

මේ ඉන්දු ලංකා වෙළඳ, ආරක්ෂක, ඖෂධ සහ අනෙකුත් ගිවිසුම් වලට එයා කැමතිද නැද්ද කියල දැන් ඇහුවොත් අපි දන්නවා එයා ඒවාට කැමතියි කියල. ඒ කියන්නේ එයා හැමදාම කැමැත්තෙන් ඉඳල තියනවා එයා ආපු වෙලාවක කරන්න.

 



අනික් අය ඔය සාම්පූර් වගේ ඒවා කරනවට විරුද්ධව බොරුවට බාල්දි පෙරලපු එක විතරයි එයාල කරලා තියෙන්නේ. ඇත්ත ඓන්ද්‍රීය අකමැත්තක් තිබිල නැහැ.

ඒ නිසා හර්ෂ ද සිල්වා කියනවා ''දෙයියෝ සාක්කි මේවා ඒ වෙලාවේ කරන්න දුන්නේ නැත්තේ ඇයි'' කියල. ඔව්... අපි හැමෝටම දෙයියෝ සාක්කි කියවෙනවා තමයි.

ඇත්තටම සිද්දවෙලා තිබිල තියෙන්නේ එයාලගේ ලොකු අකමැත්තක් මේ කිසිදු දේකට තිබිල නැහැ. තිබිල තියෙන්නේ අනික් අය ඒවා කරනවට අකමැත්තක් විතරයි. ඒක ඉතින් සාමාන්‍ය දේශපාලන ඉරිසියාකාර උපක්‍රමික තත්වයක් මිසක් ගැඹුරින් සීරියස් විදියට හිතන්න ඕනි දෙයක් නෙවෙයි.

 

DSCF0668
හැබැයි ජවිපෙ ඒවාට වීදිපුරා විරුද්ධ වෙනකොට ඒ විරෝධතා ඇත්ත කියල හිතපු චන්ද්‍රිකා රනිල් මහින්ද මෛත්‍රී ගෝඨලා පව්. උං පල් මෝඩයෝ. ජවිපෙ කියන ඒවා සීරියස් ගන්නේ නැතුව වැඩේ කරගෙන යන්න තිබ්බේ. එහෙනම් සාම්පූර් හදල දැන් දශකයකටත් වැඩියි.

දේශපාලනිකව ගත්තොත් අනුර දිනුම්.

මට මතක් උනේ කෆ්කා. 'මේ දොර තියෙන්නේ උඹ වෙනුවෙන්. උඹට තිබ්බේ දොර ඇරගෙන උඹේ ගමන යන්න. දැන් උඹ නාකිවෙලා මැරෙන්නත් ලඟයි. දැන් මම මේ දොර වහනවා. උඹ යන අතක් බලාගෙන පලයන්'.


Mahesh Hapugoda
(සටහන | ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රනිල් මහින්ද මෛත්‍රී ගෝඨලා පව්! - Mahesh Hapugoda | The Leader