The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
Opinion

මරණයේ ක්‍රම විද්‍යාව... - (Mahesh Hapugoda)

T

The Leader Desk

April 20, 2023 • 9:14 AM

මරණයේ ක්‍රම විද්‍යාව... - (Mahesh Hapugoda)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහත් වූ ඝෝෂාවන් යටින් දිවෙන ඉතාම නිශ්ශබ්ද සිදුවීම් තියෙන්න පුළුවන් කියල ලොව ප්‍රකට ප්‍රංශ දාර්ශනිකයෙක් සහ මනෝවිශේෂකයෙක් වෙච්ච ගිල් දෙලස් කියනවා. ඉන් ප්‍රධාන සිදුවීම් සිදුවෙන්නේ ඉතාම තරුණ මිනිස්සු අතරින් කියලත් දෙලස් වැඩිදුරට කියනවා.
  • හැබැයි දේශපාලනය ඇතුලේ මේ පුපුරායා හැකි තරුණ ප්‍රජාව ගැන අවධානයක් ප්‍රධාන ධාරාවේ දේශපාලනය යොමුකරේ නැහැ.
  •   යුද්ද ජයග්‍රහණ, මහාවංස, බුදුන්, රජවරු, කාපට් පාරවල්, අධ්වේග, නෙලුම් කුළුණු ගැන ලොකු ඝෝෂාවක් තිබ්බට ඇත්තටම එක පරම්පරාවක කතාව අපිට අහුනෙම නැහැ.
  • ඒ ගෝෂාව ඇතුලෙත් ඇහුනේ නැති කතා ගොඩක් තිබ්බ.
අකුරු ප්‍රමාණය (Font Size):



1990 මුල තරුණ අසහනය පිළිබද කොමිසම මේක අවබෝධ කරගෙන තිබ්බ වෙන්න පුළුවන්. හැබැයි දේශපාලනය ඇතුලේ මේ පුපුරායා හැකි තරුණ ප්‍රජාව ගැන අවධානයක් ප්‍රධාන ධාරාවේ දේශපාලනය යොමුකරේ නැහැ. දිගටම දේශපාලනය කළේ මහළු මිනිස්සු. නැත්නම් පළාතේ සල්ලි බාගේ තිබ්බ උං. නැත්නම් චන්ඩි.

 

යුද්ද ජයග්‍රහණ, මහාවංස, බුදුන්, රජවරු, කාපට් පාරවල්, අධ්වේග, නෙලුම් කුළුණු ගැන ලොකු ඝෝෂාවක් තිබ්බට ඇත්තටම එක පරම්පරාවක කතාව අපිට අහුනෙම නැහැ. ඒ මිලේනියම් එකෙන් පස්සේ පරම්පරාව. එයාලට කතාවක් තිබ්බ.

1649990815 Occupy Galle Face protest in Sri Lanka L

 

ඒ පරම්පරාව ගෝල්ෆේස් ආව. ගෝල්ෆේස් එකත් ගෝෂාවක් උණා. ඒ ගෝෂාව ඇතුලෙත් ඇහුනේ නැති කතා ගොඩක් තිබ්බ. ඒවා තමයි දැන් තැන් තැන් වල හුදකලාවේ පුපුරලා යන්නේ.

තමන්ගේ හඬ අහන්නේ නැති සමාජ අවකාශ මේ නිශ්ශබ්ද තරුණ ප්‍රජාව විසින් යම් වෙලාවක පුපුරවා දමන්න පුළුවන්. 71, 88-89, උතුර සහ ගෝල්ෆේස් එහෙම වරින් වර ඇතිවෙච්ච පුපුරාගිය ලාංකික අවකාශ.

 

බලන්න ඒ හැම වෙලාවේම ඒ තරුණ පරම්පරාව පැරදුණා විතරක් නෙවෙයි එක් අනන්‍යතාවක් වෙතින් තවත් අනන්‍යතාවක් බවට එයාලට පත්වෙන්නත් බැරිඋනා. ඒ කියන්නේ එයාල ඇතිකරපු පැල්ම (rupture) තවත් දෙයක් වෙත, තවත් සමාජ පරිණාමයක් වෙත රූපාන්තරණය උනේ නැහැ (metamorphosis). ඒක අභාග්‍යයක්. 

 

එහෙම අලුත් දෙයක් බිහිනොවුණොත් එයාල සියදිවි නසාගන්න පෙළඹෙන්න හෝ ස්වයං විනාශයක් කරා ගමන් කරන්න පුළුවන් කියල දෙලස් වැඩිදුරටත් කියනවා.

සමහර විට අපේ පරම්පරාව මැරිලා, හිරගෙවල් වල ගිහිල්ල, පස්සේ ඔය පරාජයෙන් බේරෙන්න මොනවා හරි කරගෙන ඔහේ ජීවත් උණා වෙන්නත් පුළුවන්. හැබැයි මේ පරම්පරාව අර දෙලස් කියන මරණය කරාම යන්න හදනවා කියල පේනවා.

 

870x489 deleuze

ගිල් දෙලස්

 

''සමාජ ප්‍රගමණය ඇනහිට්ට හැම වෙලාවකම ලෝකයේ හැම පරම්පරාවක් ම මරණය සඳහා ක්‍රමවේදයක් හෙව්වා (Methodology of Death). තමන්ගේ වේදනාව කියන්න භාෂාවක් හෙව්වා. එහෙම භාෂාවක් නැති වෙච්ච වෙලාවල මරණය ම අවසන් ප්‍රකාශනය හැටියට තෝරාගත්ත'' (දෙලස්). 

 

සමුරායිල වගේ ඩෙඩ්ලයින් දීල මැරෙන්න පුළුවන් තමයි. හැබැයි ෆයිට් එක ඉස්සරහට අරන්යන එකත් සමුරායි වැඩක් තමයි. මැරෙන්න නොදී මෙයාලට කතා කරමු. ඉතිහාසය අවසන් නැහැ කියලවත් කියමු.

 

Deleuze, G. (1990). The Logic of Sense. New York, Columbia University Press.



Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)



සබැඳි ලිපි :
සියදිවි නසාගැනීමක් පිළිබඳව වාර්තා කිරීමේදී සැළකිලිමත් විය යුත්තේ ඇයි?


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...