The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
Opinion

හාවඩ් යන ජසින්ඩා සහ දූපතේ අපි...- (Mahesh Hapugoda)

T

The Leader Desk

April 27, 2023 • 10:31 AM

හාවඩ් යන ජසින්ඩා සහ දූපතේ අපි...- (Mahesh Hapugoda)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජසින්ඩා ආඩන්, ඒ කියන්නේ නවසීලන්තයේ හිටපු අගමැතිනීට ඔන්න කීර්තිමත් හාවඩ් විශ්ව විද්‍යාලයේ ද්විත්ව අධිශිෂ්‍යත්වයක් (dual fellowship) හම්බවෙලා.
  • කොරෝනා එක්ක ආපු ආර්ථික අවපාතය, ගිනිකඳු පිපිරිම, අන්තවාදී ත්‍රස්ත ප්‍රහාර වගේ අර්බුද ඇතුලේ ලාබාල කාන්තා නායිකාවක් හැටියට ඇගේ දේශපාලන දායකත්වය ඉතාම සුවිශේෂ එකක් වෙනවා.
  • ඇත්තටම ඒ වෙනස්කම් වෙනුවෙන් ගරුත්වක් එක්ක.
  •   එහෙම ඇත්ත සහකම්පනයක් සහිත නායකයෙක්ගෙන් ලෝකය ඉගෙන ගනියි.
අකුරු ප්‍රමාණය (Font Size):

හාවඩ් කෙනෙඩි පාසලේ රාජ්‍ය පාලනය සහ දේශපාලනය ගැන තමයි එයාට උගන්වන්න සහ පර්යේෂණ කරන්න ලැබිල තියෙන්නේ. ඒක ඉතින් එයාගේ පැත්තෙන්, අධ්‍යාපනය පැත්තෙන්, පුද්ගල සංවර්ධනය පැත්තෙන් ලොකු කඩඉමක් වෙත ගමන්කිරීමක්.

මහජන දේශපාලනයේ ඉදල අත්දැකීම් ලැබිල ඒ අත්දැකීම් ලෝකයේ නන් දෙසින් එන ශිෂ්‍ය ශිෂ්‍යාවන් එක්ක බෙදා හදාගන්න අවස්ථාවක් ජසින්ඩාට ලැබෙනවා. ඒකත් එක්ක එයාට නව අත්දැකීම් රාශියක් ලබන්න පුළුවන්. විශේෂයෙන් ලෝකයේ හැම රටකම වගේ විවිධ දේශපාලන අත්දැකීම් සහිත ළමයි හාවඩ්වල ඉන්න නිසා.

 



අනික් අතට මේ සියවසේ නායකත්ව ලක්ෂණ මොනවද කියල ඒ ළමයිට උගන්වන්නත් දැන් එයාට පුළුවන්.

කොරෝනා එක්ක ආපු ආර්ථික අවපාතය, ගිනිකඳු පිපිරිම, අන්තවාදී ත්‍රස්ත ප්‍රහාර වගේ අර්බුද ඇතුලේ ලාබාල කාන්තා නායිකාවක් හැටියට ඇගේ දේශපාලන දායකත්වය ඉතාම සුවිශේෂ එකක් වෙනවා. නවසීලන්තෙට විතරක් නෙවෙයි මුළු ලෝකෙටම.

 

ලෝකයේ ඉන්න සමකාලීන නායකයින්ගෙන් වඩාත්ම සමාජය ගැන සහකම්පනයක් සහිත නායිකාව (the most empathetic leader) හැටියට ගැනෙන්නේ ජසින්ඩා. එයා තමන්ගේ රටේ ඉන්න විවිධ අනන්‍යතා සහිත මිනිස්සු කෙරෙහි ගෞරවයෙන් බලපු කෙනෙක් හැටියට ප්‍රසිද්ධයි. විවිධ ආගමික අනන්‍යතා, ලිංගික අනන්‍යතා, පෞරුෂ වෙනස්කම් සහිත අය වෙනුවෙන් එයා එයාගේ ලැදියාව සහ නැමියාව පෙන්නපු කෙනෙක්. බොරුවට චන්ද ගන්න නෙවෙයි. ඇත්තටම ඒ වෙනස්කම් වෙනුවෙන් ගරුත්වක් එක්ක.

jacinda 

''සමාජයෙන් මම ඉගෙන ගත්ත දේවල් මේ වගේ ශිෂ්‍ය පරම්පරාවකට උගන්වන්න ලැබීම සතුටක්. අනික් එක තමයි අපිට වැරදිච්ච තැන් ගැනත් අපිටම ඉගෙන ගන්න පුළුවන්. ඒකත් වැදගත්''. අලුත් පත්වීම ගැන ජසින්ඩා එහෙම කියනවා.

විසිඑක්වන සියවසේ දේශපාලනය ගොඩක් වෙනස් පාරක යනවා කියල හිතෙන්නේ ජසින්ඩා වගේ අය වැඩකරන විදිය දිහා බලනකොට. ඒ වෙනස්කම් එක්ක ඉතාම ජනප්‍රිය දේශපාලනයක් කරපු කෙනෙක්ගෙන් හාවඩ් එකේ අයට ඉගෙනගන්න ලැබීම ලොකු භාග්‍යයක්.

 

එහෙම ඇත්ත සහකම්පනයක් සහිත නායකයෙක්ගෙන් ලෝකය ඉගෙන ගනියි. ඒ විශ්ව විද්‍යාලවල දේශන වෙනුවෙන් ආරාධනා කරයි. එයාල ගැන පර්යේෂණ පත්‍රිකා කරයි. පොත් ලියයි. ගෞරවයට පාත්‍රවෙයි.

 

අනික් අය ඒ ඒ දූපත්වලම මැරිලා යයි.


Former New Zealand leader Jacinda Ardern is heading to Harvard


Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)



JW

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...