The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
Opinion

මංගල තලේබාන්කරණය නොවුණේ ඇයි? - (Mahesh Hapugoda)

T

The Leader Desk

April 23, 2023 • 5:50 AM

මංගල තලේබාන්කරණය නොවුණේ ඇයි? - (Mahesh Hapugoda)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔය මංගල ගැන කවි සිංදු ලියන උන් මංගල නම් දේශපාලනඥයාගේ ඇත්තත් ටිකක් හරි ලියපල්ල.
  • පුද්ගලිකව මොනවා හරි සංස්කෘතික කෑලි ටිකක් ඇඟේ එල්ලගෙන ඉන්න ඇති.
  • ඔය X එකේ වැඩ වලට උනත් උදව් කළේ වෙනත් මතවාදයක් ගෙනල්ල ලංකාවේ ඇත්ත දේශපාලනයක් ගොඩනැගෙන එක වලක්වන්න මිසක් අහිංසක අරමුණකින් නෙවෙයි.
  • ඊටත් අමතරව ඒ වගේ නැමියාවන් පහල දේශපාලන ප්‍රොපගැන්ඩා වෙනුවෙන් භාවිතා කරපු සාමාන්‍ය අශ්ලීල ටේස්ට් එකක් තිබ්බ මිනිහෙක්.
අකුරු ප්‍රමාණය (Font Size):

මංගල පරිපුර්ණ දෙයක් බවට පත්කරපල්ලා (complete). මොකද දැන් කියන කරන දේවල් වල තියෙන්නේ ඌ සුරුට්ටු බිබී පිනක් ෆ්ලොයිඩ් (Pink Flyod) අහපු අහිංසක දෙයියෙක් කරන එක. ඇයි බං එහෙම? මේ රටේ අපිට ඉතිහාසය අමතක වෙලා මැරිලා ඉපදිලා නැහැනේ.

මංගල ඔය කියන තරම් ලිබරල්වත්, අහිංසකවත්, සංස්කෘතිකවත්, බටහිරවත් නැහැ. අනික මට නම් එහෙම අහිංසක ලාමක ටිං ටිං දේශපාලන නිරවද්‍ය මංගල කෙනෙක් ඕනිත් නැහැ. පොර ඒ වෙලාවේ කළේ දේශපාලනය. ලංකාවේ දේශපාලනය. ඇමෙරිකාවේ එංගලන්තේ දේශපාලනය නෙවෙයි.
පොර හිටියේ චන්ද්‍රිකා එක්ක. එයා වෙනුවෙන් භක්තිමත් ව. ඒ වෙනුවෙන් සහ ඒ ව්‍යාපෘතිය ගොඩදාගන්න සහ පවත්වාගෙන යන්න ''ඕනෑම කුපාඩි වැඩක්'' කරන්න සුදානම් වෙලා හිටියේ.

මංගල කියන්නේ එහෙම සුදානම් වෙලා හිටපු සාමාන්‍ය ලාංකිකයෙක් මිසක් වෙන කිසිම දෙයක් පොරගේ තිබ්බේ නැහැ. පුද්ගලිකව මොනවා හරි සංස්කෘතික කෑලි ටිකක් ඇඟේ එල්ලගෙන ඉන්න ඇති. හැබැයි ඕනි වෙනකොට විරුද්ධවාදීන්ගේ ඔළු කුඩු කරන්න, චරිත ඝාතනය කරන්න, මඩ කැම්පේන් කරන්න, රාජ්‍ය මාධ්‍ය අවභාවිත කරන්න පොර පොඩ්ඩක්වත් මැලි වුණේ නැහැ. ඒ ගැන දෙගිඩියාවක් තිබ්බෙත් නැහැ.

ඔය X එකේ වැඩ වලට උනත් උදව් කළේ වෙනත් මතවාදයක් ගෙනල්ල ලංකාවේ ඇත්ත දේශපාලනයක් ගොඩනැගෙන එක වලක්වන්න මිසක් අහිංසක අරමුණකින් නෙවෙයි. ඒකත් එයාගේ පැත්තෙන් දේශපාලනය තමයි. හැබැයි විශ්වීය නැහැ.

 

ඒ කියන්නේ පොර ලංකාවට ගැළපෙන, ලංකාවේ ප්‍රභූන්ගේ අශ්ලීල ප්‍රමෝදයට හරියන, එයාලගේ හිත දිනාගන්න ඕනි විදියේ ඉවක් තිබ්බ සාමාන්‍ය මනුස්සයෙක්, දෙවියෙක් නෙවෙයි. මම කියන්නේ එහෙම බැලුවොත් විතරයි මංගලට සාධාරණයක් කරන්න පුළුවන්.

 

තමන් සමලිංගිකයෙක් වෙලාවත් ලංකාවේ අනික් ඒ වගේ අය වෙනුවෙන් වත් නෛතික පසුබිමක් හදල දෙන්න කිසිම වැඩක් නොකරපු හාල්පාරුවෙක්. ඊටත් අමතරව ඒ වගේ නැමියාවන් පහල දේශපාලන ප්‍රොපගැන්ඩා වෙනුවෙන් භාවිතා කරපු සාමාන්‍ය අශ්ලීල ටේස්ට් එකක් තිබ්බ මිනිහෙක්. විශේෂයෙන් ''රනිල්ට බැහැ'' ආවේ ඒකෙන්. ඒ වෙලාවේ අපි සෑහෙන්න රිදවා ගත්ත ඒ කැම්පේන් එක නිසා. මොකද අපි ඒ වෙලාවේ (අවුරුදු විස්සකටත් කලින්) රනිල්ගේ පුද්ගලික නැඹුරුව ගැන අවුලකින් නෙවෙයි හිටියේ.

චන්ද්‍රිකා කරපු ඕනි දෙයක් මංගල සාධාරණීකරණය කළා. වයඹ මැතිවරණය. සුසන්තිකා සිද්ධිය. රූකාන්තගේ චන්ද්‍රලේඛා ගේ කොන්ඩේ කැපීම. ඕවා උදාහරණ. තව ඕනෑ තරම්. මැරුණ මිනිහෙක් ගැන දැන් මම ගොඩක් ලියන්න කැමති නැහැ. කොටින්ම කිව්වොත් ලංකාවේ ලිබරල් පැවැත්මේ අඳුරුම, අශ්ලීලම, නරකම උදාහරණය මංගල.

මහින්ද කඳවුර ඇතුලේ පවතින්න බැරිම උනාම තමයි පස්සේ ඊට එරෙහිව ලිබරල් නිදහස් පැවැත්මක් ගැන උත්කර්ෂයක් ආවේ. නැත්නම් ඔහුට තලේබාන් කෙනෙක් වෙන්න තිබ්බේ නූලක දුරක්. ඒකට අපි ස්තූතිවන්ත වෙන්න ඕනි මහින්ද ට.

ඇත්තටම කෑගල්ලේ වගේ කොළඹින් ඈත ඉපදිච්ච අපි ඒ වෙනකොටත් ලෝකේ වටේ ඇවිදලා තිබ්බ කියන මංගලට වඩා ලිබරල් වෙලා හිටිය කියල හිතෙනවා. මට හිතාගන්න බැරි එහෙම ලෝකෙක මංගල ලිබරල් දෙයියා වෙන්නේ කොහොමද කියන එක.

අපිත් මංගල වගේ ම ෆැෂන් කළා. සින්දු ඇහුව. ෆිල්ම් බැලුව. රොක් ගැන ලිව්වා. ලිබරල් ඉවසීම ඇතුලේ ලිංගිකත්වය ගැන හිතුව. මංගලල ලංකාවට කරපු විනාශය ගැන දුක්උණා. දැන් මංගල තමයි ලිබරල් දෙයියා. අපි බයියෝ. මේ රට හැදෙයිද බං මේ විදියට.

පව් බං අපි....පව් බං මේ රට...


Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)






සබැඳි ලිපි :

 





JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...