The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
Opinion

'පෙරට යමු' තරුණ ව්‍යාපාරය තායිලන්තයේ දේශපාලන ක්‍රීඩාව වෙනස්කරන ලකුණු - (Mahesh Hapugoda)

T

The Leader Desk

May 12, 2023 • 12:15 PM

'පෙරට යමු' තරුණ ව්‍යාපාරය තායිලන්තයේ දේශපාලන ක්‍රීඩාව වෙනස්කරන ලකුණු - (Mahesh Hapugoda)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මැයි 14 වනදාට පැවැත්වීමට නියමිත මෙවර මැතිවරණයත් සමඟ ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ ඉල්ලා තායිලන්තයේ තරුණ පිරිස් විරෝධතා ආරම්භකර තිබෙනවා.
  • මේ සඳහා මුල්තැන අරගෙන තිබෙන්නේ මැතිවරණයේ බලය ලබාගැනීම පිළිබද වැඩි විශ්වාසයක් ඇති ජනප්‍රිය පියු තායි පක්ෂය (Pheu Thai Party) සහ නැවුම් ''පෙරට යමු'' (Move Forward) තරුණ ව්‍යාපාරයයි.
  • තරුණ කොටස් අතර ඇය ඉතාම ජනප්‍රිය නායිකාවක්.
  • ඇයගේ පියා වන තක්ෂින් ෂිනවාත්‍රාද නාගරික වැඩකරන පංතිය අතර ජනප්‍රිය නායකයෙක් වීම වැදගත් කරුණක් ලෙස සැලකෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙතෙක් දේශපාලනික ලෙස එතෙරම් කළඑළි නොබැස සිටි තරුණ පිරිසක් (lost generation) මෙසේ ඉල්ලීම් මුල්කර ගනිමින් එක්රැස් වෙමින් තිබීම සහ ඉදිරියට ඒම තරමක් නැවුම් ප්‍රවණතාවක්.

 

මහජන චන්දයෙන් පත්වූ ආණ්ඩුව බලාහත්කාරයෙන් පෙරළා දමා 2014 වසරේ හමුදා කුමන්ත්‍රණයක් මගින් පාලන බලය අත්පත් කරගැනීමට එරෙහිව සහ පොලිස් බලය ජනතා මර්ධනය වෙනුවෙන් යොදාගැනීමට එරෙහිව, රාජ්‍යත්වය උත්කර්ෂයට නැඟීම වැනි තායිලන්තයේ කොන්සර්වේටිව් ලක්ෂණ වලට එරෙහිව මේ තරුණ නැඟිටීම ඇතිව තිබෙනවා.

මේ සඳහා මුල්තැන අරගෙන තිබෙන්නේ මැතිවරණයේ බලය ලබාගැනීම පිළිබද වැඩි විශ්වාසයක් ඇති ජනප්‍රිය පියු තායි පක්ෂය (Pheu Thai Party) සහ නැවුම් ''පෙරට යමු'' (Move Forward) තරුණ ව්‍යාපාරයයි. මේ ව්‍යපාර දෙක විසින් මෙහෙයවන මෙවර මැතිවරණයෙන් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ විශාල ජයක් බලාපොරොත්තු වෙනවා.

asdsde


තමාගේ පියා බලයෙන් පහකිරීමේ වාඩුව ගැනීමට මෙවර පියු තායි පක්ෂයේ නායිකාව වන පීටොන්ටන් ෂිනවාත්‍රා (පීටා) අදිටන් කරගෙන සිටිනවා. තරුණ කොටස් අතර ඇය ඉතාම ජනප්‍රිය නායිකාවක්.

ඇයගේ පියා වන තක්ෂින් ෂිනවාත්‍රාද නාගරික වැඩකරන පංතිය අතර ජනප්‍රිය නායකයෙක් වීම වැදගත් කරුණක් ලෙස සැලකෙනවා. පීටා එංගලන්තයේ උසස් අධ්‍යාපනය හැදෑරු අයෙක්. 

 

නමුත් තායිලන්තයේ මෙවර දේශපාලනයේ ක්‍රීඩාව වෙනස් කළ (game changer) ප්‍රධාන සාධකය ලෙස ගැනෙන්නේ 'පෙරට යමු' ව්‍යාපාරයයි. එය සියවස් ගණනක් තායිලන්තයේ පැවති අධිපති දේශපාලන සංස්ථාව බිඳදමනු ඇති බවට අන්තර්ජාතික දේශපාලනය නිරීක්ෂකයින් අනුමාන කරනවා.❤️❤️


Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...