The Leader News
BREAKING
Top Ad
Opinion

ජවිපෙ යනු පුවක් බඩිල්ලන් නොවේ.. | Mahesh Hapugoda

T

The Leader Desk

September 18, 2025 • 6:54 AM

ජවිපෙ යනු පුවක් බඩිල්ලන් නොවේ.. | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වසන්ත සමරසිංහ, නලින්ද ජයතිස්ස සහ ලාල් යන තුන්දෙනාගෙම වත්කම් ගැන කියනවා.
  • යම් දේපලක් සහ අධ්‍යාපනයක් සහ වෘත්තිකත්වයක් ඇති මිනිස්සු තමයි අපිත් එක්ක එකතුවෙලා ඉන්නේ කියල කියන්න.
  • ඇත්තටම ඒ කිව්ව දේ අද වත්කම් ප්‍රකාශන ඇතුලේ යම් දුරකට පේන්න තියනවා.
  • එයාල එක්කෝ සුළු ධනේශ්වර මිනිස්සු.
අකුරු ප්‍රමාණය (Font Size):

වසන්ත සමරසිංහ, නලින්ද ජයතිස්ස සහ ලාල් යන තුන්දෙනාගෙම වත්කම් ගැන කියනවා. ඒ තොරතුරු දැනගැනීමේ පනත නිසාවත්, දැන් වත්කම් බැරකම් පණතක් නිසාවත් නෙවෙයි. අපේ පක්ෂේ ඉන්නේ හිඟන්නෝ නෙවෙයි කියල කියන්න.

යම් දේපලක් සහ අධ්‍යාපනයක් සහ වෘත්තිකත්වයක් ඇති මිනිස්සු තමයි අපිත් එක්ක එකතුවෙලා ඉන්නේ කියල කියන්න.

ඔය කිව්ව නම් වලට අමතරව තව නම් තියනවා නම් කියන්න කියලත් කියනවා

ඒ කියන්නේ පාරම්පරිකව හෝ පසුව හෝ උපයාගත් ධනය තිබ්බ මිනිස්සු තමයි මේ පූර්ණ කාලීනව හෝ එසේ නොවන විදියට අපිත් එක්ක එකතුවෙලා එක අරමුණක් එක්ක ඉන්නේ කියල පෙන්නන්න.

ඒ මිනිස්සුන්ට ඕනිනම් දේශපාලනය නොකර ඉන්නත් පුළුවන් කියල පෙන්නන්න. දේශපාලනය කලත් නොකලත් එයාලට මේ ලෝකේ ජීවත්වෙන්න පුළුවන් කියල පෙන්නන්න.

 



ඇත්තටම ඒ කිව්ව දේ අද වත්කම් ප්‍රකාශන ඇතුලේ යම් දුරකට පේන්න තියනවා. එයාල එක්කෝ සුළු ධනේශ්වර මිනිස්සු. නැත්නම් එතනින් එහාටත් ගිය මාධ්‍යම පන්තික පසුබිමක් තියෙන්න පුළුවන් මිනිස්සු. එයාලගේ වටේ ඉන්න එයාලට උදව්කරන අය එයිටත් වඩා සල්ලි තියන මිනිස්සු. ඕව අලුත් දේවල් නෙවෙයි.

නිකම් හිතන්නකෝ එහෙම පුවක්බඩිල්ලෝ විතරක් නම් හිටියේ එහෙම අය විතරක් හිටපු පක්ෂයක් කොහොමද මේ තරම් මුල්බැහැගත්ත පක්ෂ ජාලයක් පැරැද්දුවේ...පරද්දල එයාලගේ ජනාධිපති කෙනෙක් බලයට පත්කළේ.

න්‍යායික විදියට ගත්තොත් කීර්ති බාලසූරියගේ ඉඳන් කියන දෙයක් තමයි ජවිපෙ කියන්නේ සුළු ධනේශ්වර පක්ෂයක් කියන එක. ඒ කියන්නේ යම් ධනයක් තියන හෝ තිබ්බ විවිධ තරාතිරම්වල මිනිස්සු පොදු දේශපාලන අරමුණක් වෙනුවෙන් ඇවිල්ල එකතුවෙලා ඉන්නවා. එච්චරයි.

අනීතික විදියට යමක් උපයල කියල හිතෙනවා නම් නීතිමය පියවර ගන්න.

දැන් ඔය ළමයි නිදාගන්න...

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...