නැත්නම් මේ ෆේස්බුක් එකවුන්ට් එකේ දැන් ලියන්නේ වෙන කෙනෙක් ද කියන එක (හැක්කරල ද?). ඔය දෙකම නෙවෙයි.
මම මේ දවස් ටිකේ ලියන්නේ මට දැනෙන සහ පෙනෙන දේවල් ටිකක් ගැන. ඉන් එකක් තමයි පොදු ප්‍රවාහනය සම්බන්දයෙන් ආණ්ඩුවේ මැදිහත්වීම. විශේෂයෙන් බස් සේවයේ ගුණාත්මකබව වැඩි කරන්න ප්‍රවාහන ඇමතිවරයා කරන මැදිහත්වීම. ඒක ගැන මට ගොඩක් සතුටුයි. පොදු ප්‍රවාහනය පාවිච්චිකරන කෙනෙක් හැටියට.
මම 99 බදුල්ල කොළඹ බස් සේවය පාවිච්චි කරනවා දැන් අවුරුදු විස්සක් තිහක් තිස්සේ. මේ සතියේ දැක්ක දෙයක් තමයි අර්ධ සුඛෝපභෝගී බස් පොඩ්ඩක් පොලිසියේ නිරීක්ෂණයට ලක්වෙනවා. සීට් ගණනට අමතරව හිටගෙන ඉන්නවද වගේ ඒවා ගැන බලනවා. විශේෂයෙන් ඕපනායක පොලිසිය. ඒ නිසා බස්කාරයෝ පොඩ්ඩක් ඇලට් එකේ යන්නේ.
කලිනුත් ලිව්වා වගේ බස් පික්කෝ දුක් ගී කියමින්ම තොරම්බල් යම් ප්‍රමාණයක් ගලවමින් යනවා. ඒ කියන්නේ නිස්කලංක ගමන් අවසානයක් ගැන තිබ්බ සිහිනය ආයෙත් දළුලන්න ගත්තා.
ඒ වගේ ගොඩක් තැන්වල යම් පිළිවෙලක් ඇතිවෙමින් යනවා. නැති තැනුත් තවම ගොඩක් තියනවා. මේක වෙනස් කරන්න තව යන්න තියන දුර බොහොමයි.
බිමල් ඇමතිතුමා අද දුම්රියට ඇමතුවා. එයාට මේ පොදු ප්‍රවාහනය යම් මට්ටමකට උඩට ගේන්න උවමනාවක් තියනවා. ඒක පේනවා. මීට කලිනුත් මම ලිව්වා වගේ තවත් ගොඩක් තැන්වල පොඩි විදියට හරි යමක් වෙනවා. අර වීදි සුනඛයින් ඉවත් කිරීමත් එහෙම එකක්. ෆාමසි නියාමනයත් හොඳ එකක්.
ඒ නිසා මාලිමාව දේශපාලනය ඇතුලේ මේ යන පැසේජ් එක යම් වෙනස් ආරම්භයක් විදියට ගැනීම වැදගත්. ඒකට මට එයාලගේ දේපළ කොච්චර තියනවාද කියන එක වැදගත් නැහැ. ඉස්සර මොනවද කිව්වේ දැන් මොනවද කරන්නේ කියන එකෙත් මට වැදගත් වෙන්නේ දැන් කරන කොටස....
අනික් උන් නොකරපු පොඩි දේවල් ටික හරි මෙයාල ලව්වා කරගමු!
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
2025 සැප්තැම්බර් 18




