The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
Opinion

ෆිල්ම් එක ඇතුලේ ඔබව දකින්න - (Mahesh Hapugoda)

T

The Leader Desk

May 16, 2023 • 7:46 AM

ෆිල්ම් එක ඇතුලේ ඔබව දකින්න - (Mahesh Hapugoda)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ටිහාරා සිද්දියේදී මම Into the Wild (2009) හරහා මතුකළේ ලෝකය පෙන්නන්න නම් ලෝකය තරම් ලොකු මිනිස්සු බිහිවෙන්න ඕනි කියල.
  • කුමන තත්වයක් යටතේ උනත් තමන් ගතකරන නිමේෂය ගැන නොවෙනස් සවිඥාණික (consciousness) බවක් සහ ඒකාග්‍රතාවක් (integrity)  පවත්වා ගෙන යන්නේ කොහොමද කියන එක ගැන අගනා උදාහරණක් වින්සන්ට් (ජෝන් ට්‍රැවෝල්ටා) සපයනවා.
  • Pulp Fiction වින්සන්ට් සහ මියා (උමා තර්මන්) සිද්දිය සිද්ද වෙන්නේ තනිකර නාගරික පරිසරයක් සහ පිළිගත් සංස්ථාපිතයන් ඇතුළේ.
  • ආශාව සඳහා පොළඹවන සංගීතය, කිතිකවන වටපිටාව, අඩ නිරුවත ඇතුළු ලෞකික වැඩිහිටි ලෝකෙකට අවශ්‍ය සියළු දේවල් ඇතුලත් වසඟකාරී පරිසරයක් ඇතුලේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ සඳහා ආත්ම දමනය (self-control) කියන එක අවශ්‍යයි. ඒක තරමක බරපතළ දේශපාලනික කරණාවකුත් වෙනවා. ඒ සඳහා මට ඉක්මනටම මතකයට ආවේ Into the Wild ෆිල්ම් එක.

පුද්ගල පෞරුෂයන් ඒ ඒ නිමේෂයන් වලදී කරන්නේ මොකක්ද නොකරන්නේ මොකක්ද කියන එක ගැන පළල් අවබෝධයක් ගන්න පුළුවන් තවත් ඉතාම ජනප්‍රිය හොලිවුඩ් උදාහරණයක් තියනවා. ඒ තමයි ටැරන්ටිනෝගේ Pulp Fiction. කුමන තත්වයක් යටතේ උනත් තමන් ගතකරන නිමේෂය ගැන නොවෙනස් සවිඥාණික (consciousness) බවක් සහ ඒකාග්‍රතාවක් (integrity)  පවත්වා ගෙන යන්නේ කොහොමද කියන එක ගැන අගනා උදාහරණක් වින්සන්ට් (ජෝන් ට්‍රැවෝල්ටා) සපයනවා.

into the wild

Into the Wild

Pulp Fiction එකේ උදාහරණයට අනුව Into the Wild එකේ වගේ යම් පුද්ගල විනයක් සහ ස්වයං ආත්ම සංයමයක් ලබාගන්න සම්පුර්ණයෙන් ස්ථාපිත සංස්ථාවලින් පිටවෙන්න ඕනි නැහැ. සියල්ල කළකිරිල කැලේ යන්න ඕනිත් නැහැ.

p01z199k

Pulp Fiction

වින්සන්ට් සහ මියා (උමා තර්මන්) සිද්දිය සිද්ද වෙන්නේ තනිකර නාගරික පරිසරයක් සහ පිළිගත් සංස්ථාපිතයන් ඇතුළේ. ආශාව සඳහා පොළඹවන සංගීතය, කිතිකවන වටපිටාව, අඩ නිරුවත ඇතුළු ලෞකික වැඩිහිටි ලෝකෙකට අවශ්‍ය සියළු දේවල් ඇතුලත් වසඟකාරී පරිසරයක් ඇතුලේ. වසඟකාරී ගැහැනියක් එක්ක.

වින්සන්ට්ගේ බොස් මර්සේලා වින්සන්ට දෙන්නේ එයාගේ විශ්වශනීයත්වය උරගාබැලෙන කර්ත්‍යවයක් (to test his faithfulness).

මර්සේලා කියනවා වින්සන්ට ''ඒයි මගේ ගෑනි පාළුවෙන් ඉන්නේ. ගිහිල්ලා ඒකි එක්ක ඒකිට ඕනි දෙයක් අද රෑට කරලා වරෙන්'' කියල.

වින්සන්ට් වැඩේට යන්නේ නිකම් නෙවෙයි. හෙරොයින් පාරක් ඇදල. ඊට අමතරේට වීඩුත් (මරුජුවානා) තියාගෙන. මියා කොකේන් ෂොට් එකක් දෙකක් අදිනවා. පස්සේ මරුජුවානාත් අදිනවා. ඒ අනුව දෙන්න ස්ලිම් රැබිට් ක්ලබ් එකට යනකොට හොඳ ගණන්.

 

p fiction

Pulp Fiction

දෙන්න හොඳට කන බොන ගමන්, වින්සන්ට් ඔතල දුන්න මරුජුවනා බටේකුත් අදින ගමන් මියා කියනවා මෙහෙම, ''මේ ඔක්කොම ගෝෂා සහ කලබලකාරී බව ඇතුලේ මට ඇහෙනවා හරිම නිශ්ශබ්ද සුවපහසුවක්'' කියල. එතකොට වින්සන්ට් කියනවා මට නම් තවම එහෙම ඇහෙන්නේ නැහැ කියල.

දෙන්න එතන තිබ්බ නර්තන තරඟයටත් සහභාගී වෙලා, ඒකෙන් දිනලා ආපහු ගෙදර ඇවිල්ල ආයෙත් මියා වින්සන්ට්ගේ පොකට් එකේ තිබ්බ සැර මත්ද්‍රව්‍යයක් අදිනවා. ඒකෙන් තමයි එයා මරණය දැකල ආපහු මේ ලෝකෙට එන්නේ.

 

මේ සියලු දේවල් මියා කරද්දී, පිරිමි ලෝකය අත්හදා බලද්දී, ඒ ලෝකේ උස් පහත් දේවල් එක්ක ගමන් කරද්දී, වින්සන්ට් එයාට දෙන්නේ මාර මිත්‍රත්වයක්. මාර සම්බන්දයක්. මාර දරාසිටීමක්. අවසානයේ මාර ජීවිත දානයක්. ඒක පට්ට.

 

මියා නටනකොට එයාට නොදෙවෙනි වෙන්න වින්සන්ටුත් නැටුවා. මියාට ඒ තරඟයේ ජය අවශ්‍ය වෙනකොට එයාට සපෝට් කළා. මියාට මැරෙන්න තරම් ඉස්සරහට යන්න ඉඩ දීලා එයා බේරගන්නත් ඒ වේගෙන්ම දිව්වා. ඉස්පිරිතාලවල නෙවෙයි. හොර පොට් වලට. ගොඩ වෙදකම් වලට.

එහෙම කරලා ආපහු ගෙදර ගෙනල්ල බස්සල පොඩි රහසකුත් දෙන්න හුවමාරු කරගෙන වෙන්වෙලා යනවා. අපේ නම් මැරිච්ච උන්ගේ පැයෙන් පැයේ නිවුස් අප්ඩේට් වදිනවා.

pulp fic

Pulp Fiction


''සම්බන්දයකදි හිතන්න එපා. දැනෙන්න අරින්න. ඔයාට පහසුයි කියල දැනෙනවානම් විතරක් ඒ දිශාවට ගමන්කරන්න''. මියා එහෙම කියල ගේ ඇතුළට ගියා. වින්සන්ට් යන්න ගියා.

ඒ කුඩා පැය ගණනක හමුවීම සහ වෙන්වීම ඇතුලේ මෙතෙක් මිනිස්සු දෙන්නෙක් අතර අපි දුටුව ශක්තිමත්ම සම්බන්දය දකින්න පුළුවන් උණා.
ෆිල්ම් බලන්න. හැබැයි බලන්නන් වාලේ නෙවෙයි. ෆිල්ම් එක ඇතුලේ ඔබව දකින්න.

 

''ඔබ තුළම ඔබ දකින්න. අනික් අය ඔබව කොහොම දකිනවා ඇත් ද කියලත් හිතන්න. අනිත් අය ඔබ දිහා මොන විදියට බලනවාට ද ඔබ කැමති කියලත් හිතන්න. මේ ප්‍රවර්ග තුන ටිකෙන් ටික එකිනෙකට සමීපවෙනවා නම් ඔබේ පැවැත්ම ඔබට පහසුවෙයි'' කියල එක වෙලාවක මියා කියනවා....

 

චක් බෙරිගේ සිංදුවට මියා සහ වින්සන්ට් නටන අපූරුව....




Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)



සබැඳි ලිපි :
ටිහාරාගේ පරම්පරාව සමඟ දේශපාලනය කරන්නේ කෙසේද? -(Mahesh Hapugoda)



JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...