The Leader News
BREAKING
Top Ad
Opinion

ආයෙත් මුලට යමු ද? | Mahesh Hapugoda

T

The Leader Desk

September 19, 2025 • 4:34 PM

ආයෙත් මුලට යමු ද? | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විශේෂයෙන් ලාල්ව ගැඹුරින් ප්‍රති-ප්‍රශ්න කිරීමක් නොවීම ඇතුලේ යමක් ලාල්ගෙන් ගන්න තිබ්බ එකත් නැතිවෙලා ගියා.
  • ඇත්තටම දැන් මේ තියන පරස්පර බවේ ආරම්භයත් ඒක.
  • අපි ළඟම එකට ගියොත් රනිල් ගෙනාපු IMF රාමුව ගනිමු.
  • දැන් මාලිමාවට ඒ විදියටම විපක්ෂය ගහල කුඩු කලොත් එකත් විපක්ෂකරණ තියරිය ඇතුලේ සාධාරණීකරණය කරන්න වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

තේරුණේ නැහැ. විශේෂයෙන් ලාල්ව ගැඹුරින් ප්‍රති-ප්‍රශ්න කිරීමක් නොවීම ඇතුලේ යමක් ලාල්ගෙන් ගන්න තිබ්බ එකත් නැතිවෙලා ගියා.

ලාල් අවංකව නෙවෙයි උත්තර දුන්නේ, දේශපාලනිකව. ඒක තේරුම්ගන්න පුළුවන්.

විශේෂයෙන් ලාල්ගේ 'විපක්ෂකරන තියරිය' අප්පිරයා හිතෙන සුළු ලාමක එකක්. එයා කියන්නේ සතුරාට ඕනෑම එකකින් දමල ගහල එයාව පරාදකරන එක තමයි තියරි එක උනේ කියල. අදටත් ඒක තමයි 'සෑහෙන දුරටම නිවැරදි' කියන තැන එයා ඉන්නේ. ඒ නිසා විපක්ෂ ජවිපෙන් කිසිම යහපත් දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. හරි හෝ වැරදි ගහනවා. ඕනෑම එකක් පාවිච්චි කරනවා. ඒකට සදාචාරය අදාල නැහැ. නමුත් රාජ්‍යකරණයට ආවට පස්සේ ඒක අනික් පැත්ත ගහනවා. දැන් මේ වෙන්නේ ඒක කියල.

නමුත් දියුණු ගොඩක් රටවල ප්‍රැක්ටිස් එක උනේ පොදු ප්‍රතිපත්තියක් රටේ තියනවා. ඒක පිලිඅරගෙන ඒකට අනුව සාර්ථක නොවන දේවල් විවේචනය කරනවා වගේ දෙයක්.

රටේ පොදු ප්‍රතිපත්තිය එකක්. හැබැයි ඒ ඒ වෙලාවල ටාගට් එකට යන්න ආණ්ඩුවකට බැරි වෙනකොට විවේචන ගේනවා. ඒක තාර්කික එකක්. මොකද පොදු ප්‍රතිපත්ති රාමුවක් (common policy framework) සහ ඒ එක්ක එන ටාගට් (objectives) එකක් රටට තියන නිසා කවුරු ආවත් වැඩේ යනවා.

ඇත්තටම දැන් මේ තියන පරස්පර බවේ ආරම්භයත් ඒක. මතවාදී පරස්පර බව. ප්‍රතිපත්තිමය අවුල.

අපි ළඟම එකට ගියොත් රනිල් ගෙනාපු IMF රාමුව ගනිමු. ජවිපෙ ලාල් කියන විපක්ෂකරණයේ හිටපු නිසා ඒ ප්‍රතිපත්ති විවේචනය කළා සහ විකල්පයක් ගේනවා කිව්වා. නමුත් ප්‍රශ්නයක් නැතුව දැන් ඒ පාරේම යනවා. විකල්පයක් නැහැ. පරණ විදියටම කෑලි කඩනවා. එයාලටම චන්දෙ දුන්න මිනිස්සු අවුල් වෙනවා. විදුලිබල මණ්ඩලේ ප්‍රශ්නේ එන්නේ එතනින්. ඉස්සර විරුද්ධ පක්ෂයේ හිටපු නිසා විරුද්ධයි. දැන් එහෙම නැති නිසා පක්ෂයි. මේ ප්‍රවේශය රටක දියුණුව ගැන හිතන කෙනෙක් පැත්තෙන් ගත්තම අප්පිරියයි...

ඒ කියන්නේ රටේ වෘද්ධිය නෙවෙයි ප්‍රාථමික වෙන්නේ. දේශපාලන බලය. මැකියවෙල්ලි...

දැන් මාලිමාවට ඒ විදියටම විපක්ෂය ගහල කුඩු කලොත් එකත් විපක්ෂකරණ තියරිය ඇතුලේ සාධාරණීකරණය කරන්න වෙනවා. එතකොට අපි ආයේ මුලට යනවා. ආයේ මුල ඉඳන් එනවා...

මම කියන්නේ මෙතැන් පටන්වත් පොදු ප්‍රතිපත්ති සහ කාල රාමුවක් වෙනුවෙන් එකඟවෙමු. රාජ්‍යකරණ සහ විපක්ෂකරණ පිස්සුව නතරකරමු.

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


සබැඳි පුවත :
අපි හුරුවෙලා තිබුනේ සතුරාට පහර දීමේ සංස්කෘතියකට - අමාත්‍ය ලාල් කාන්ත (වීඩියෝ) 

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...