The Leader News
BREAKING
Top Ad
Opinion

ඩබල් ඩෙකර් චාමර... | Mahesh Hapugoda

T

The Leader Desk

September 23, 2025 • 10:15 AM

ඩබල් ඩෙකර් චාමර... | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රනිල් ඊයේ පෙරේද තිබ්බ එජාප සංවත්සරය වෙලාවේ මරු කතාවක් කියනවා. ඒ තමයි මේ ආවාවුත් නාවාවුත් සියලු පක්ෂ එකතුවෙලා ඩබල් ඩෙකර් එකක යනවා කියන එක. කවුරුත් ඒ ගැන මුකුත් ලිව්වෙත් නැහැ. මට නම් ඒක නිකම් ගාර්ෂියා මාකේස්ගේ අධියථාර්තවාදී නවකතාවක එපිසෝඩ් එකක් වගේ. මරු චිත්‍රයක් හිතේ ඇඳෙන්න ගත්ත.
  • රැස්වීම් 1000ක් කවර් කරනවා.
  • කටේ බ්‍රේක් නැති බදුල්ලේ නිර්ප්‍රභූ කෙනෙක් රනිල් තෝරාගන්නවා ලංකාවේ බහුතරක් වන බයි ජනතාවට කතාකරන්න.
අකුරු ප්‍රමාණය (Font Size):


රනිල් මේ යන්න හදන ඩබල් ඩෙකර් එකේ උඩින්ම ඉන්නේ චාමර සම්පත් මන්ත්‍රීවරයා කියලත් කිව්වා. ඒ කියන්නේ පක්ෂ නායකයෝ හෝ වයසක ජ්‍යෙෂ්ඨ අය උඩ ඩෙකර් එකේ. නියෝජ්‍ය නායකයෝ වගේ වයසින් අඩු අය පහල ඩෙකර් එකේ. ඊට අමතරව උඩ ඩෙකර් එකේ පොඩ්ඩක් උස තට්ටුවක් වගේ ගහල ඒකෙ චාමර සම්පත්. AI වලින් හරි කාටූන් වලින් හරි මේක නිර්මාණය කරන්නත් පුළුවන්.

 



චාමර උඩ ඩෙකර් එකටත් පොඩ්ඩක් උඩින් තියන තට්ටුවේ ඉඳන් ඇඟ කිළිපොලා යන කතා පවත්වනවා. රැස්වීම් 1000ක් කවර් කරනවා. ඒ කතා එයා කියන්නේ බයි ප්‍රජාව ටාගට් කරලා.

'අඩෝ මේ ගේම අපි ලොක්ක වෙනුවෙන් ගහනවා. මැරෙන්න උනත් මම බය නැහැ. රනිල් කියන්නේ චන්ඩියෙක් ඩෝ' වගේ කතා දිගටම කියනවා. කටේ බ්‍රේක් නැති බදුල්ලේ නිර්ප්‍රභූ කෙනෙක් රනිල් තෝරාගන්නවා ලංකාවේ බහුතරක් වන බයි ජනතාවට කතාකරන්න. කොළඹ ප්‍රභූ ඔක්කොම පළවෙනි හෝ දෙවැනි ඩෙකර් එකේ ඉඳන් ඒ කතා අහ අහ ගමන යනවා.

ඩී එස්, ඩඩ්ලි, ජේ ආර් වගේ පරණ යූ ඇන් පී වීරයෝ මේ දුෂ්කර කාලයක ආපු අළුත් වීරයා වෙනුවෙන් හිස නමල පස්සට යන්න තීරණය කරනවා.  

 



ඒ අතරවාරේ චීන මොඩල් එකේ 'තද ආණ්ඩුවක්' පැලවත්තේ කට්ටිය නිර්මාණය කරමින් යනවා. මම තියන ප්‍රශ්නේ චාමර සම්පත් මොඩල් ඩබල් ඩෙකර් එකකට පුළුවන් වෙයිද එහෙම ආණ්ඩුවක් එක්ක හැප්පෙන්න. චාමරට නඩුත් ගොඩක් තියන එකේ...


චාමරගේ කතා දිගටම අහගෙන අර ඩබල් ඩෙකර් එක දිහා බලන් ඉන්න බැරි මම කරන්න දෙයක් නැතුව බස් එකට යන්න ඇරලා ගෙදර යනවා. බදුල්ලට ගිය බස් එක ආපහු කොළඹ යන්න කියල වේගයෙන් වැල්ලවාය පැත්තට යනවා. ඇල්ල බෑවුමේ මාරක වංගුව පැත්තට තමයි යනවා පේන්නේ.

බ්‍රේක් චෙක් කලානම් බයවෙන්න දෙයක් නැහැ. සුබ ගමන්!


Mahesh Hapugoda
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...