The Leader News
BREAKING
Top Ad
Opinion

සාලිය : සැරිසැරීමක අවසානය... | Mahesh Hapugoda

T

The Leader Desk

September 25, 2025 • 7:17 AM

සාලිය : සැරිසැරීමක අවසානය... | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කාල වකවානුව මගේ මතකේ හැටියට යහපාලනයේ මුල විතර. මීගමුවේ සහෝදත්වයකින් මට කතාකරල ආරාධනාවක් කරනවා එයාලගේ කුඩා රැස්වීමක් තියනවා මීගමුවේ තැනක. එන්න කියල.
  • ඇතැම් තැන්වල නිශ්ශබ්දව හිටිය.
  • ඇතැම් තැන්වල එයා ආරාධිතයෙක් හැටියට කතාකරනවත් දැක්ක.
  • මම ළඟට මෙයා ඇවිල්ල මෙහෙම කිව්වා.
අකුරු ප්‍රමාණය (Font Size):


මට හරියටම මතක නැහැ ඒ ආරාධනාව ආවේ මටද නැත්නම් දීප්තිටද කියල. එක්කෝ දීප්තිලට ආපු වැඩකට මට යන්න කිව්වා නැත්නම් මට ආපු වැඩේ මම දීප්තිට කිව්වා. කොහොමහරි ඔය දෙකෙන් එකක්. දීප්ති අන්තිමට පක්ෂෙන් කවුරුහරිත් එවල තිබ්බ. මගේ කතාව රෙකෝඩ් කරලත් තිබ්බ. පස්සේ දීප්ති ඒක ත්‍රිමානෙත් දැම්ම.

ඔන්න ඔය රැස්වීමට ටිකක් අමුතු පහේ කෙනෙක් ඇවිල්ල හිටිය. මම කලින් දැකල තිබ්බේ නැති කෙනෙක්. පෙනුමෙන් නිකම් බීච් බෝයි (beach boy) කෙනෙක් වගේ. මීගමුවේ ක්‍රිස්තියානි සහ බෑන්ඩ් කල්චර් එකත් එක්ක මම ඒක එතරම් සීරියස් ගත්තේ නැහැ.

මේ කෙනා මගේ කතාව අවසානයේ ප්‍රශ්න කීපයක් ඇහුවා. ඒ වෙලාවේ හැටියට සාමාන්‍යයෙන් කෙනෙක් අහන ප්‍රශ්න වලට වැඩියමක් නැත්නම් පසුබිමක් ඒ ප්‍රශ්නවල තිබ්බ. මම මගේ හැටියට උත්තර දුන්න. එයා ඇතැම් තැන්වල එකඟ උනා. ඇතැම් තැන්වල නිශ්ශබ්දව හිටිය. වැඩේ ඉවරවෙලා සුහඳව කතා කළා. මම ආපහු ආව.
එතැන් සිට මේ චරිතය මම හිටපු නොහිටපු හැම කොළඹ මීටිමකම වගේ දකින්න හිටිය. අරගලයේ හිටිය. ඇතැම් තැන්වල එයා ආරාධිතයෙක් හැටියට කතාකරනවත් දැක්ක.

දවසක් හෝ දෙකක් බුකියේ මගේ මොනවා හරි දෙයක් එක්ක ප්‍රශ්නයක් දෙකක් අහලත් තිබ්බ. මම උත්තරත් දුන්න.

rush

අන්තිමට මේ චරිතය මට මුහුණට මුහුණ මුණගැසුනේ ආචාර්ය ක්‍රිෂාන්ති ආනන්දවංස සල්මන් රුෂ්ඩි අරබයා කරපු Lacanian Eye පොතේ දොරට වැඩුම වෙලාවේ. ලක්ෂ්මන් කදිරගාමර් සෙමිනා හෝල් එකේ මෙහා පැත්තේ කොටසේ තේ බොන කොට. මම ළඟට මෙයා ඇවිල්ල මෙහෙම කිව්වා. 'මහේෂ් ඔයා දැන් ඔය කරන වැඩේ කරගෙන යන්න. අපි බලාගෙන ඉන්නේ' කියල. මේ කියන්නේ මම රනිල් ගැන කතාකරන්න පටන්ගත්ත වෙලාවේ බුකිය මට පස්පඩංගුවේ බණින වෙලාවක. ඒ ටෝන් එකේ වෙනම සීරියස් ගතියක් තිබ්බ. 'මම අද ආවේ ඔයා මේ පොතේ වැඩේට එනවා කියල දන්නා නිසා සහ ඔයාට මේක කෙළින්ම කියන්න පුළුවන් නිසා' කියලත් කිව්වා.

වැඩේ එතනින් ඉවර උනා. එයා පොතකුත් අරගෙන ගියා.

මම කල්පනා කළා. මගේ ජීවිතයේ වෙනම සංකල්පීය හැරවුමක් බාරගන්න මේ මනුස්සයාට පුළුවන් උනා නේද කියල. මම කියන්නේ දෙස්දෙවොල් සාපකිරීම් වලින් තොරව යමෙක්ගේ යම් හැරවුමක් බාරගන්න හැකියාවක් මේ තැනැත්තාට තිබ්බ නේද කියල. ඒක වමේ උරුමයක්ද නැත්නම් ඔහුගේම සාංදෘෂ්ටික උරුමයක්ද මම දන්නේ නැහැ.

ඊට පස්සෙත් දවසක් දෙකක් මෙයා බුකියේ ඉන්නවා දැක්ක. මොකක් හරි පොතක් ගැන කතාකරනවත් දැක්ක.

 br5yu8887878787
ඊයේ උදේ දැක්ක එයාගේ ගමන නිමාකරලා කියල. ගොඩක් අය දුකෙන් කතාකරනවත් දැක්ක.

නමුත් ඔහුට ඔහුගේ ගමනක් තිබ්බ. ඒ ගමන ඇතුලේ අපේ සහ ගොඩක් අයගේ කතාබහ ඇතුලේ ඔහු සැරිසැරුව. තව ටිකක් කල් හිටියත් මේ සැරිසැරීමේ ලොකු වෙනසක් පේන්න නැති වෙයි. මොකද ලාංකික අරගලයේ විපරීත අවසානය එක්ක අපේ ගොඩක් අය සංකේතීය මරණයකට යමින් හිටියේ. ඉන් පස්සේ අපි ගොඩක් අයගේ සැරිසැරීමට ලොකු අරුතක් තිබ්බේ නැහැ. අවම වශයෙන් නැවත ලොකු හැරවුමක් එනතුරු අපේ පරණ කතාබහ මේ පොළොවේ ලොකු අරුතක් ජනනය කරන එකක් නැහැ.

අද මට මීගමු එන්න බැරිවෙයි. ඒත් සුබගමන් සාලිය...!


Mahesh Hapugoda
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සාලිය : සැරිසැරීමක අවසානය... | Mahesh Hapugoda | The Leader