The Leader News
BREAKING
Top Ad
Opinion

බෙප්පු රැහැන් මාර්ගය... | Mahesh Hapugoda

T

The Leader Desk

September 26, 2025 • 7:03 AM

බෙප්පු රැහැන් මාර්ගය... | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අර නා උයනේ ආරණ්‍ය ඩක්කුව පතබෑවිලා තියනවා දැක්ක වෙලාවේ මට මගේ අත්දැකීමක් ලියන්න හිතුණා. ඒ තමයි දියුණු රටක් මේ වගේ දෘඩ බෑවුමක ප්‍රවාහන මාධ්‍යයක් සකස්කරගෙන තියෙන්නේ කොහොමද කියන එක ගැන උදාහරණයක් සපයන්න.
  • ඇත්තටම අමුතු අත්දැකීමක් එකතු වෙනවා.
  • (ආචාර්ය මහේෂ් හපුගොඩ) සමාජ හා දේශපාලන විශ්ලේෂක hapugoda@gmail.com   (Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...) 2025 සැප්තැම්බර් 26 මහේෂ් ගේ තවත් සටහනක් ...
  • දැන් ඉතාම සුවපහසු අවමකරණය (minimalist) වූ කාමර ඇතුලේ ඒක කරන්නත් පුළුවන්.
අකුරු ප්‍රමාණය (Font Size):
මේ ෆොටෝ එකේ තියෙන්නේ ජපානේ ඉහළම සංචාරක ආකර්ෂණයක් වෙච්ච බෙප්පු ගමනාන්තයේ කෙලවර තියන බෙප්පු කෝගන් දුම්රිය නැවතුම සහ සුරුමි කන්ද අසබඩ තියන සුරුමි සන්ජෝ නැවතුම දක්වා මීටර් 1000ක පමණ දල බෑවුම ආවරණය කරමින් කින්ටෙට්සු දුම්රිය සේවය ඉදිකරලා තියන ගුවන් රැහැන් මාර්ගය (Beppu Ropeway).
 
ආරක්ෂාව අතින් අන්තිම ඉහලයි. දුම්රිය නැවතුම් දෙක අතර ඉහලම සන්නිවේදනයක් පවත්වා ගන්නවා. මඟින් ගණන සහ බර ස්වයංක්‍රීය විදියට ගණන් හැදෙනවා. වැඩිනම් එලාම් එකක් වදිනවා. අදාල සමාගම එම රැහැන් මැදිරියට (අහස් බක්කිය -gondola) අවශ්‍ය සියලු නීති හරියටම ක්‍රියාත්මක කරනවා.

මැදිරිය හදල තියෙන්නෙත් යම් අනතුරක් උනොත් ජීවිත රැකෙන විදියට. තොරොම්බල් නැහැ. ඇත්තටම අමුතු අත්දැකීමක් එකතු වෙනවා.

වෙන කෙනෙක් කරපු වැඩක් දිහා හරි බලල හරියට කරමු. නැත්නම් ඉන්න තැනක ඉම්මු මැරෙන්නේ නැතුව....


(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com
 

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
2025 සැප්තැම්බර් 26

මහේෂ් ගේ තවත් සටහනක් ...

''මේ විකාරෙත් නවත්තන්න වෙනවා. මොනාහරි විදියකට නියාමනය කරන්න වෙනවා''

room

අනික සිත එකඟ කරගන්න, අධ්‍යාත්මික උසස්භාවය සහ විමුක්තිය වෙනුවෙන් ඩක්කුවල නැගල ලෝකාන්තෙට ගිහිල්ල කඳු මුදුන්වල මදුරුවෝ තල තල භාවනා කරන්න ඕනි කියල එකක් නැහැ. දැන් ඉතාම සුවපහසු අවමකරණය (minimalist) වූ කාමර ඇතුලේ ඒක කරන්නත් පුළුවන්.

දැන් මේ විදියට ඩක්කු හදාගෙන කඳු මුදුන්වලට ස්වාමීන් වහන්සේලා වඩිනවා කියන්නේ ලංකාවේ ගිහි පික්කෝ ටිකත් මේ විදියටම කඳු උඩයි ගස්ගල් උඩයි යන්න ගන්නවා. වන්දනා පික්කෝ එක්ක එහෙම යන්න ගිහිල්ල එකපාර දහය පහළොව පහලට පතබෑ වෙනවා. බස් පික්කෝ හයර් යන්න ගිහිල්ල පතබෑ වෙනවා.

ඒ හින්ද මේ විකාරෙත් නවත්තන්න වෙනවා. මොනාහරි විදියකට නියාමනය කරන්න වෙනවා.

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...