අල්ලස් කොමිසම අපක්ෂපාතී වෙන්න ඕනි තමයි හැබැයි මේ සියල්ල දේශපාලනයෙන් වියුක්ත ද?
දේශපාලන කරන කොට පක්ෂග්‍රාහී දේවල් දකින්න පුළුවන්. මම නම් ඒකෙ කිසිම අලුත් දෙයක් නැහැ. මම මැරිලා ඉපදිලත් නැහැ. අවම වශයෙන් මේ අවුරුදු විස්ස තිහ ඇතුලේ වෙච්ච දේවල් මම දැකල තියනවා. කෝප් කමිටුව රත්තරන්ල මහින්දානන්දල හැන්ඩ්ල් කරපු හැටි මම දැකල තියනවා.

රනිල්ගේ කාලේ හිටපු දේශබන්දු එහෙම මාර අපක්ෂපාත පොරවල්. එහෙම කෙනෙක් වෙනුවට ඉතාම අපක්ෂපාත කෙනෙක් ගේන්න පුදුම මහන්සියක් උනේ රනිල්. අනේ කාලේ වනේ වාසේ...
දැන් වැඩේ තියෙන්නේ මේ ආණ්ඩුව විතරක් එහෙම කිසිම පක්ෂග්‍රාහී බවකින් තොරව දේශපාලන කරන්න ඕනි කියල විපක්ෂේ ඉන්න වෝටර් බෆලෝස්ල හිතන එක.
හැම කාලෙකම විපක්ෂයට දේශපාලන කරන්න වෙන්නේ අවම වාසිදායක තත්වයන් යටතේ. බලයේ ඉන්න අය චාන්ස් දෙන්නේ නැහැ. එහෙම හිතන්න හොඳත් නැහැ.
හිතන්න තියෙන එකම විදිය අපි බලයට ආවට පස්සේවත් මේ නඩු හබ වලින් කොහොම හරි ගොඩයමු කියන විදිය විතරයි. ඒකටත් ඉතිං බලයට එන්න එපැයි...

බලය කියන්නේ හරි අපූරු දෙයක් කියන ඒක මේ සමකාලීන කාලයේ ඔප්පු කරලා පෙන්නුවෙත් රනිල්ම තමයි. මාලිමා ආණ්ඩුව රනිල්ගෙන් අරන් තියෙන්නේ IMF රෝඩ් මැප් එක විතරයි කියල කවුරුහරි හිතනවා නම් ඒක ලොකු වැරදීමක්.
බලයේ ඉන්න ආණ්ඩුවේ වගකීම තමයි ආයේ එයාලගේ ප්‍රතිවාදියට 'කිසිම විදියකින්' බලයට එන්න ඉඩ නොතබන එක. එහෙම තමයි දේශපාලනය කරන්නේ. 'කිසිම විදියකින්' කිව්වම ඕනෑම විදියකුත් ඔට්ටුයි. ලංකාවේ ඉතිහාසය එහෙම තමයි ලියවිලා තියෙන්නේ.
බන්දේසියේ තියල නම් දෙන්නේ නැහැ. එහෙම දෙන්න ඕනිත් නැහැ. අනික එහෙම අරන් වැඩකුත් නැහැ.
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)




