The Leader News
BREAKING
Top Ad
Opinion

යක්ෂයා හමුවීම...| Mahesh Hapugoda

T

The Leader Desk

September 27, 2025 • 3:44 PM

යක්ෂයා හමුවීම...| Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දැන් යූටියුබ් ෆේස්බුක් වගේ වේදිකා අලුත් සමාජ මාධ්‍ය නියාමනය යටතේ සීමාවුණාම විපක්ෂේ ඉන්න වර්චුවල් සෙට් එක
  • අනුරගේ යූඑන් කතාවේ ඇද හොයමින් හිටියට විපක්ෂෙට ඇත්තම දේශපාලනය මුණගැහෙන්නේ රංජන් ජයලාල් කතාවෙන් වීම තමයි මගේ ඇත්ත සිහිනය.
  • බටහිර තියන එක විශ්වාසයක් තමයි තමන් ගමනක් යනකොට 'රාක්ෂයෙක්' මුණගැහෙන්න පුළුවන් කියන විශ්වාසය.
  • ඒක තරණය කරන්න ශක්තිය වගේම නිර්මාණශීලි බවක් තියෙන්න ඕනි.
අකුරු ප්‍රමාණය (Font Size):

දේශපාලනය කරන අලුත්ම නිර්මාණශීලි විදිය ගැන දැනගන්න මම ඉන්නේ ඇඟිලි ගැන ගැන.

ඒ වගේම ආසියාවේ එනවා කියල කියන Z Gen එකේ සෙට් එක ලංකාවේ දේශපාලන කරන විදිය දැනගන්න එකත් අලුත්ම දේශපාලන දැනුමක් එකතු කරයි කියල බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම සර්වසාධාරණ ආණ්ඩු පක්ෂයක් ගැන ෆැන්ටසිකරණය කරමින් ඉන්න විපක්ෂයේ අනාගතය ගැන හිතන එකත් ආශ්වාදජනක අත්දැකීමක් වෙයි කියල හිතනවා.

මාලිමාව කළා වගේම ගම් නියම්ගම් පුරාම කකුල් කෙටි ගෙවෙනකම් ඇවිදලා විපක්ෂේ සෙට් එක ආයෙත් දේශපාලනය පටන්ගන්න හැටි මරු අත්දැකීමක් වෙයි.

අනුරගේ යූඑන් කතාවේ ඇද හොයමින් හිටියට විපක්ෂෙට ඇත්තම දේශපාලනය මුණගැහෙන්නේ රංජන් ජයලාල් කතාවෙන් වීම තමයි මගේ ඇත්ත සිහිනය.

අනුරගේ යූඑන් කතාව සංකේතීය වශයෙන් හොඳ එකක්. විශේෂයෙන් අන්තර්ජාතික ප්‍රජාවට වගේ ඒක හොඳයි. හැබැයි මෙහෙ එකට හරියන්නේ රංජන් ජයලාල් වර්ෂන් එක. රියල් එක (the Real). එතන ඉන්නවා රාක්ෂයෙක්. මේ එකම දේශපාලන ව්‍යාපාරයක කතා දෙකක්.

බටහිර තියන එක විශ්වාසයක් තමයි තමන් ගමනක් යනකොට 'රාක්ෂයෙක්' මුණගැහෙන්න පුළුවන් කියන විශ්වාසය. ඒක දුෂ්කර කන්දක්, පල්ලමක්, එතෙර වෙන්න අමාරු ගංගාවක්, මහ මුහුදක් වගේ දෙයක් වෙන්නත් පුළුවන්. යකෙක් වගේ වෙස්වලාගත්ත මිනිහෙක් වෙන්නත් පුළුවන්. ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. ඒක තරණය කරන්න ශක්තිය වගේම නිර්මාණශීලි බවක් තියෙන්න ඕනි. නිකම් මතක්කර ගන්න අර ෆියෝනා කුමරිය බේරාගත්ත ශ්‍රෙක් ගැන (Shrek) .

ඒ වගේම ලස්සන යක්ෂයෙක් ඉන්න ෆිල්ම් එකක් තමයි ස්පීල්බර්ග් ගේ Duel කියන්නෙත්. දැන් කරන්න ඕනි විපක්ෂේ අය ඒ වගේ ෆිල්ම් බලන එක.

ඇත්තටම මිනිසා නිර්මාණය වෙන්නෙම ඒ රාක්ෂයා පරාජය කිරීම එක්ක. විපක්ෂය උනත්...

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...