The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
Opinion

මේ පෝස්ටරේ ගැහුවේ ඇයි? | Mahesh Hapugoda

T

The Leader Desk

September 30, 2025 • 3:11 PM

මේ පෝස්ටරේ ගැහුවේ ඇයි?  | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉස්සර විශ්ව විද්‍යාල කථිකාචාර්ය කෙනෙක් මොනවා හරි අලුත් දෙයක් ගැන කතාකරන්න කොන්ෆරන්ස් එකකට පිටරට ගියොත්
  • ඒක ඇති ගුවන් ටිකට් එකටයි තවත් ඔය පොඩි පොඩි සූපින් වියදම් වලටයි.
  • මොකද එහෙම කියන්න භෞතික පසුබිමක් නැහැ.
  • මම හිතන්නේ නැහැ කොරෝනාවලට කලින් ලෝකේ ආයෙත් අපිට හම්බවෙයි කියල...ඒත්.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ කාලේ (කොවිඩ් වලට කලින්) ඩොලර් 1000ක් දුන්න. ඒක ඇති ගුවන් ටිකට් එකටයි තවත් ඔය පොඩි පොඩි සූපින් වියදම් වලටයි.

හැබැයි ඒ වෙලාවේ මෙහෙම මාරාන්තික ටැක්ස් එකක් කැපුවේ නැති නිසා කොහොම හරි අතේ මුදලින් හරි ජාම බේරාගත්ත. පොතක් පතක් ගත්ත. මිනිස්සු හමු උනා. ඒ සම්බන්දකම් අපේ රටට අපි අරන් ආව. ඒවායින් දරුවෝ යමක් ගත්ත.

මේ තියෙන්නේ ඒ සියල්ල අහිමි රටක්. ටැක්ස් ගහල විතරක් රට හදන්න පුළුවන් කියල හිතන රටක්. සියළු පටි තදකර ගත්තම හැමදේම වෙයි කියල හිතන රටක්. අවසානයට ඉතුරු උණේ ගිනස් එක නොබෙල් එක දන්නේ නැති රටක්.

ඉස්සර තිබ්බ දේ දැන් නැහැ කියල නොස්ටැල්ජියාවක් නැහැ. හැබැයි දැන් ඒ කිසිම පහසුකමක් නැති නිසා අපිට ගොඩක් දේ කියන්න දැන් බැහැ. මොකද එහෙම කියන්න භෞතික පසුබිමක් නැහැ.

එනවා. දන්නා දේ උගන්වනවා. ගෙදර යනවා. එච්චරයි. විශ්ව විද්‍යාල ජීවිතයක් කියන්නේ එච්චරද?

ඒ කාලේ පිටරටකට ගිහිල්ල, මිනිස්සු දැකල කරලා, රටක් දැකබලා ගෙන, ඒ අත්දැකීම් ඊළඟ පරම්පරාව වෙත ප්‍රක්ෂේපනය කළා අපි. මේ රස්සාවට එන්න ළමයිට කිව්වා අපි.

දැන් එහෙම කියන්න බැහැ. ඇවිල්ල කරන්න ගෞරවණීය රස්සාවක් නැහැ. මේකෙන් යන්න කියල විතරයි කියන්න පුළුවන්. මම හිතන්නේ නැහැ කොරෝනාවලට කලින් ලෝකේ ආයෙත් අපිට හම්බවෙයි කියල...ඒත්.

පහුගිය දශකයක විතර කාලයක් ඇතුලේ අධ්‍යාපනය ගැන ධනාත්මකව ගොඩක් දේවල් කියපු ආණ්ඩුවකට පේන්න මේ පෝස්ටරේ ගහන්න උවමනාවක් ඇත්තේ නැහැ. ගහන්න කලින්ම මේ ගැන වැඩ කරන්නයි තිබ්බේ.

මිනිස්සු ගොඩක් බලාපොරොත්තු තිබ්බ නිසා ආණ්ඩුව ඇවිල්ල අවුරුද්දක් යනකල්ම ගැහුවේ නැහැ. දැන් ගහල.

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
2025 සැප්තැම්බර් 30
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මේ පෝස්ටරේ ගැහුවේ ඇයි? | Mahesh Hapugoda | The Leader