එහෙම නම් තජුඩීන් මැරුණ වෙලාවේ ආණ්ඩුව තිබ්බේ නාමල්ගේ තාත්තට නේ. ඒ කියන්නේ ඒ වෙලාවේ කරපු පරීක්ෂණය තමයි අවසාන සහ සාධාරණම පරීක්ෂණය වෙන්න ඇත්තේ. සහ ඊට පස්සෙත් පොහොට්ටුව බලයට ආවනේ. එතකොට අර පළමුවර තිබ්බ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සාධාරණ පරීක්ෂණය හරි නැත්තම් වෙනත් සර්ව සාධාරණ එකක් තියන්නත් තිබ්බ.
දැන් මේ ආණ්ඩුව අවම වශයෙන් ආයෙත් මේක ගොඩගන්න හදනවා. කාලයේ වැලිතලාවේ වැළලිලා යන්න දෛවය විසින් බලකරන මේ මරණ ගණනාවකට ආයෙත් පහුරුගෑමක් හරි ලැබිල තියනවා.
ඒ පහුරුගාන හැම පාරක් ගානෙම මොනවා හරි අලුත් දෙයකුත් හම්බවෙනවා. හරි හෝ වැරදි.
මේ පහුරුගාන හැම මොහොතකම මේවා කරපු හෝ කරවපු අපරාධකරුවන් මොහොතකට හෝ තිගැස්සෙනවා. කොහෙන් හරි අහුකොනක් පැටලිලා ඒ කරුමය තමන්වෙත එයි කියල හිතනවා. ඒ නිසා නින්දට බාධාවෙනවා. සාමයට බාධාවෙනවා.
සිවරාම්, ප්‍රගීත්, ලසන්ත, නිමලරාජන්
ඒ නිසා මේ ආණ්ඩුවේ තජුඩීන් පහුරුගෑමට මම කැමතියි. තජුඩීන් නෙවෙයි ප්‍රගීත්, ලසන්ත, නිමලරාජන්, සිවරාම් සහ තවත් සෑහෙන ගණනක්ගේ අවසන් නොවූ ඉතිහාසය පහුරුගාමු. නින්දට බාධාකරමු....

(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
2025 ඔක්තෝම්බර් 02




