ඒ ලංකාවේ අපේ ජීවිතකාලය ඇතුලේ වඩාත්ම ආන්දෝලනයකට ලක්වූ වසීම් තජුඩීන් ඝාතනයට සම්බන්ද තොරතුරු ඒ හරහා එළිදරව් වීමත් එක්ක. හැබැයි එහෙම වෙන්නේ කජ්ජා ඝාතනයෙන් පස්සේ එකට එක කිරීමක් හැටියට (මට හිතෙන හැටියට). ඒ කියන්නේ මරණ කල්ම (until death) ඔහුගේ පැත්තෙන් ඒ තොරතුර ගැන නිශ්චිතව කියන්නේ නැහැ.
ඒ කියන්නේ මරණය දක්වාම ඔහු හොඳ සේවකයෙක්.
කොහොම උනත් මීට ටික කලකට කලින් (2024 පෙබරවාරි 11) චමුදිත එක්ක කජ්ජා ඉන්ටවිව් එකක් කරලා කියනවා එයාට රාජපක්ෂලාගෙන් ජීවිත තර්ජන තියනවා කියල. සහ එයා ගොඩක් දේවල්වලට පාවිච්චි උනා කියල සහ එක තැනක කියනවා 'රාජපක්ෂල සාපයක්' කියලත්.
මම හිතන්නේ එයා ළඟ යම් තොරතුරු ප්‍රමාණයක් තියෙන්න ඇති. සත්‍ය අසත්‍ය මම කිසිසේත් දන්නේ නැහැ. නමුත් චමුදිත එක්ක කරපු සාකච්චා දෙක බලන්න.
නමුත් මෙවන් සංවේදී තොරතුරු උච්චාරණය කරමින් ඉන්න කජ්ජා යම් විදියකින් ආරක්ෂා කල යුතුයි කියල ඒ වෙලාවේ බලයේ හිටපු කජුසීයා ආණ්ඩුව හිතුවේ නැහැ. ඒ ගැන හෙව්වෙත් නැහැ. රට ගොඩදාන්න බිසී නිසා හොයන්න වෙලාවක් තිබ්බෙත් නැහැ. කජ්ජාට පාරේදී ගහල දානවා. ඒක ඉවරයි. එහෙම තමයි රනිල් ආණ්ඩු කරේ!
කජ්ජා සම්බන්දයෙන් හෝ ඔහුගේ චරිතය සම්බන්දයෙන් මම කිසිවක් දන්නේ නැහැ. හැබැයි මට මෙහෙම හිතෙනවා.
ඔහුම චමුදිතට කියන විදියට 'අපි එයාල කියන ඕනි දෙයක් කළා'. ඒ කියන්නේ අපිව පාවිච්චි වෙන්න ඉඩඇරියා කියන එක. ඒක යම් ස්වච්චන්ද වහල්භාවයක්.

නමුත් මේ වහල්ලු යම් තැනකදී, විශේෂයෙන් එයාල පාවිච්චි කරලා අතහරින තැනදී, තමන් මෙච්චර කාලයක් කරපු දේවල් ගැන ආයෙත් හිතන්න ගන්නවා. බැක්ෆයර් වීමක් ගැන බයවෙන්න ගන්නවා. පරණ අතීතයේ මාරයා තමන්කරාත් එන්න පුළුවන් නේද කියල හිතනවා. ඒ අතීතයේ සාක්ෂි අවසන් කිරීම වෙනුවෙන් තමන්ටත් මේ ලෝකෙන් යන්න වෙනවා නේද කියල හිතනවා. ඊට පස්සේ අවම වශයෙන් පාපොච්චාරණයක් කරලා හරි යන්න තීරණය කරනවා. ඒ වෙනුවෙන් ඔහු ඒ වෙලාවේ ලොකු රීච් එකක් තිබ්බ චමුදිත ලඟට එනවා. නමුත් ඒක සම්පූර්ණ පාපොච්චාරණයක් නෙවෙයි.
නමුත් කජ්ජාට එහෙම පූර්ණ පාපොච්චාරණයක් වෙනුවෙන්වත් මේ පොළොවේ ඉඩක් ලැබෙන්නේ නැහැ. ඉඩ නොදීම යවනවා. යන්න වෙනවා.
ඒකට තමයි අනුර ජනාධිපතිවරයා එක්සත් ජාතින් ඉදිරියේ කියන්නේ මේක අපරාධ රාජ්‍යයක් කියල.
කාටවත් නෝ චාන්ස්...
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)




