තිබ්බේ මාලිමා ආණ්ඩුවක් නොවුනා නම් කෙහෙල්බද්දර ඇතුළු ඉන්දුනීසියා සෙට් එක මේ විදියට අල්ලාගෙන එයි කියල මම හිතන්නේ නැහැ. එහෙම ඇල්ලුවත් මේ විදියට ප්‍රශ්න කරමින් මේ තරම් දුරක් එයි කියලත් මම හිතන්නේ නැහැ.
තිබ්බේ මාලිමා ආණ්ඩුවක් නෙවෙයි නම් කන්ටේනර් එක්ක මනම්පේරි මෙහෙම අල්ලගනී කියල මම හිතන්නේ නැහැ. අල්ල ගත්තත් මෙච්චර දුරක් එයි කියල මම හිතන්නේ නැහැ.
ඒ එක්කම ඔය සෙට් එක්ක බැඳුණු කජ්ජා ඝාතනය ගැන තොරතුරු මෙච්චර දුරක් එයි කියලත් මම හිතන්නේ නැහැ.
කජ්ජා එක්ක තජුඩීන් පැටලිල්ල මෙච්චර දුරක් ගමන්කරයි කියල මම හිතන්නෙත් නැහැ. මොකද කජ්ජා මෙච්චර දේවල් කියලත් කලින් මේ එකක් ගැනවත් හාවක් හූවක් තිබ්බේ නැහැ.
ඒ නිසා වෙන මොන ප්‍රශ්න සහ අඩුපාඩුකම් තිබ්බත් මේ ආණ්ඩුවට චන්දෙ දුන්න කෙනෙක්ට යම් අධ්‍යාත්මික සතුටක් තියෙන්න පුළුවන්. ඒකේ අවුලක් නැහැ.
ආර්ථිකය හැදුනත් නැතත් මේ සමාජය යම් දේශපාලන සුවපත්වීමක් ඉල්ලා සිටිනවා දශක ගණනාවක් තිස්සේ. ඒක යහපාලනය කාලෙත් ඉල්ලා සිටිය දෙයක්. නමුත් ලැබුණේ නැහැ.
සමුපකාර චන්දෙකට ඒක ආපහු හරවන්න දෙන්න බැහැ.
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)




