The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
Opinion

මාලිමා ආණ්ඩුව ප්‍රබුද්ධ ද? | Mahesh Hapugoda

T

The Leader Desk

October 6, 2025 • 3:08 PM

මාලිමා ආණ්ඩුව ප්‍රබුද්ධ ද? | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපේ තරුණ කාලයේ සිට අප විශ්වාස කල 'යුරෝකේන්ද්‍රීය වටිනාකම්' (Eurocentric values) සමුහයක් මේ පොළොවේ ස්ථාපිත කිරීම වෙනුවෙන් මාලිමා ආණ්ඩුව කටයුතු කරමින් සිටී.
  • මෙය වැඩිහිටියන් සහ ගුරුවරුන්ගෙන් ළමයා සම්බන්ද පාලනය ගිලිහීමක් ලෙස ඇතැමුන් දකියි.
  • ඇත්තටම යුරෝ දාර්ශනික තත්වයක් ඇතුලේ සිදුවිය යුත්තේ ද එයයි.
  • දෙමව්පිය කැමැත්තේ සහ ගුරුවරුන්ගේ කැමැත්තේ අර්ථය (meaningful content) සහ ළමයාගේ අරමුණු සහ ගමන්මාර්ගයේ පරස්පර බව පිළිබද කතිකාවක් මේ වනවිට යුරෝපයේ ඇතිවෙමින් ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

 

එම මාවතේ සාර්ථකත්වය ගැන යමක් සඳහන් කිරීම දැනට අපහසු වුවද ලංකාවේ ගම්මාන මානසිකත්වය තුල ජනප්‍රිය නොවිය හැකි මෙම නාගරික ප්‍රබුද්ධ වටිනාකම් වෙනුවෙන් පෙනීසිටීම යනු අප ජීවිත කාලයක් පුරා සිදුකල මහන්සියක් - ජීවිත කාලයක් පුරා දුටු සිහිනයක් යථාර්තයක් බවට පත්වීමකි.

මෙම වර්ධනය යනු එම වටිනාකම් වල සිටියා යැයි කියන රනිල් පවා සතුටුවිය යුතු කරුණකි. දේශපාලන ව්‍යාපෘතියක සහය නොලැබූ නිසා ඔහුට කරගත නොහැකි වුවද හෝ යහපාලන ව්‍යාපෘතිය තිබියදී පවා ඔහු එය නොකලා වුවද මාලිමාව එය කිරීමට උත්සාහ කරමින් සිටී.

එය ලාංකික සමාජය තව අඩියක් ඉහළට ඔසවා තැබීමකි. වෙනත් ගමනාන්තයක් වෙත ගමන්කිරීම ආරම්භකිරීමකි.

ළමුන්ට ශාරීරික දඬුවම් පැමිණවීම තහනම් කිරීම ඉන් එකකි. මෙය වැඩිහිටියන් සහ ගුරුවරුන්ගෙන් ළමයා සම්බන්ද පාලනය ගිලිහීමක් ලෙස ඇතැමුන් දකියි. ඇත්තටම යුරෝ දාර්ශනික තත්වයක් ඇතුලේ සිදුවිය යුත්තේ ද එයයි. දෙමව්පිය කැමැත්තේ සහ ගුරුවරුන්ගේ කැමැත්තේ අර්ථය (meaningful content) සහ ළමයාගේ අරමුණු සහ ගමන්මාර්ගයේ පරස්පර බව පිළිබද කතිකාවක් මේ වනවිට යුරෝපයේ ඇතිවෙමින් ඇත. එය මුලික නිදහස පිළිබද ගැටළුවකි.

ළමුන්ට ලිංගික අධ්‍යාපනයක් දීමද හොඳ දෙයකි.

LGBTQ+ පිළිබද ප්‍රශ්නයට මෙවැනිම ආකෘතියක් ගනී. විශේෂයෙන් මේ ඔස්සේ පවුල සහ ආධිපත්‍ය (සහ ධූරාවලිය) ප්‍රශ්න කිරීමකට ලක්වෙයි. මෙය අනන්‍යතා ප්‍රශ්නයක් වුවද ප්‍රසිද්ධ දක්ෂිනාංශික මතයට වෙනස් මතයක් වාම ලිබරල් කඳවුර දරයි. සිනහවට කරුණ නම් මින් පෙර යහපාලන යුගයේ මේ සම්බන්දයෙන් ධනාත්මක මතයක සිටි අයද දැන් එයට විරුද්ධ මතයක් දැරීමයි. සහ ඔවුන් ධූරාවලිය පැත්තට ගමන්කිරීමයි.

ඇත්ත වශයෙන් අප සිටගත යුත්තේ ධූරාවලිය පැත්තේ නොව පුද්ගල ගමන් මාර්ගයේ පැත්තේ බව මගේ මතයයි. යහපාලනයට එකතුව සිටි අප ධූරාවලිය පැත්තේ සිටගැනීම මට තේරුම්ගත නොහැක. ධූරාවලිය පැත්තේ සිටගැනීමට සම්ප්‍රදායවාදීන් සිටියි.

LGBTQ+ හරහා සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමද අපට විරුද්ධ වියහැකි දෙයක් නොවේ. එතැනදී අප සිටගත යුත්තේ කාදිනල් සමඟ හෝ මහනායක හිමිවරුන් මේ දෙස බලන කෝණය පැත්තේ නොවන බව මගේ මතයයි. අනුර මෙය බැලන්ස් කිරීම දේශපාලන දෙයක් වුවද මතවාදී තලයක අප LGBTQ+ සඳහා විරුද්ධවීම මට තේරුම්ගත නොහැක.

LGBTQ+ සමගම අප ප්‍රවර්ධනය කළ යුත්තේ ස්ත්‍රී කේවල සංචාරක ප්‍රවර්ගයයි (solo female travellers). එය විශාල ඩොලර් ගංගාවකි.

විශේෂයෙන් වාර්ගික ප්‍රශ්නයෙන් පීඩා විඳි රටක මාලිමාවේ බහු සංස්කෘතික ප්‍රවේශය මිනිස් ආත්මය යම් මට්ටමකට හෝ සුවපත්කරන සුළුය.

දේශපාලනික ලෙස ගත්විට වලදමා තිබූ ඝාතන ගැන සෙවීම කිසිසේත්ම මම දෙකේ කොලයට දමන්නේ නැහැ. ඒවා සැබවින්ම සිදුවිය යුතු දේවල්ය. විශේෂයෙන් දේශපාලන පදනමක් නොතිබූ තනිකරම පුද්ගලික හේතුමත ඝාතනය වූ තජුඩීන් පැරණි ඝාතන සංස්කෘතියේ උත්කෘෂ්ටම ක්ෂිතිමය වස්තුව ලෙස මම විශ්වාස කරමි. එයද ආත්මීය සුවපත් කිරීමකි.

එනයින් මගේ මතවාදී සහයෝගය ගැඹුරු අර්ථයෙන් මෙම ආණ්ඩුවට ලැබෙනු ඇත. එහෙත් පිස්සු කෙලින තැන්වලදී විවේචනයේ අයිතිය මා සතුව තබාගමි.

නමුත් මෙම නාගරික ප්‍රබුද්ධ වටිනාකම් යටිනුවර ප්‍රාදේශීය සභාව හරහා හමා නොයනු ඇති බව මගේ විශ්වාසයයි. ඔවුන් ජීවිතය සහ රට ගැන තීරණගන්නේ වෙනත් තැනක සිට බව අප මතක තබාගත යුතුය. ලංකාවේ පොළොව තවමත් ග්‍රාමීය බව අප අමතක කලයුතු නැත.

නමුත් ලංකාවේ මිනිස්සු එක්තරා නිමේෂයක මාලිමාව නම් දේශපාලන ව්‍යාපාරය විශ්වාස කර ඇත. ඒ මාලිමාවේ නොවන පිරිසක් මාලිමාව සමඟ සම්මුතිගත වීමෙනි. ඒ සම්මුතිය එසේම පවත්වා ගැනීම කොතරම් කාලයකටදැයි මම දන්නේ නැත.

යම් ආණ්ඩුවක ප්‍රබුද්ධ හෝ නාගරික බව මණිනුයේ ඔවුන්ගේ භාෂා හැකියාව හෝ ටයිකෝට් වලින්ද නොවේ. බිග්කුච්චන් හෝ වෙනත් දේවල් එතරම් ගණන්ගත යුතු දේවල් නොවේ.

තව කොටස් කිහිපයක් පසුව ලියමි.

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...