අනික මේ සිද්දියේ සත්‍ය අසත්‍යතාව අපි දන්නෙත් නැහැ.
නිකම් හිතන්න මේ සිද්දිය ඇත්තමයි කියල. ඒත් ඒ දරුවට ඒ වැරැද්ද නිවැරදි කරගන්න අවස්ථාවක් දෙන්නේ නැතුව පියාගේ නම් ගම් එක්ක ලංකාවම බලාඉන්න පාර්ලිමේන්තු විවාද වල මේක කියනවා කියන්නේ ඒ දරුවාගේ අනාගතය එක පැයෙන් කම්බස් කිරීමක්.
අපිත් අපේ කාලේ ඉස්කෝලේ යද්දී ඔහොම දේවල් දැකල තියනවා. සිගරට් ගංජා ඉස්කෝල වලට ඇවිල්ල තියනවා. ඒවා අහුවෙලත් තියනවා. හැබැයි ඉස්කෝලේ ඇතුලේවත් නිව්ස් එක යන්නේ නැහැ. යන්න දෙන්නේ නැහැ (මොකද ඉස්කෝලේ කිර්තිනාමයට හොඳ නැති නිසා). ලොකුම දෙයක් නම් දෙමාපියන්ට එන්න කියල ඒක ඒ මට්ටමෙන් අවසන් කරනවා. වේවැල් පහරක් ගහලත් අවසන් කරනවා. කොහොම වුණත් ඒක ජාතික ප්‍රවෘත්තියක් කරන්නේ නැහැ. ළමයාගේ මනස දෙස බලල.

නමුත් කිසිම දියුණු මානව සංකල්පයක් ග්‍රහණය කරගන්න තරම් පරිණත බවක් කවදාවත් පෙන්නුවේ නැති චාමර සම්පත් මේක ලබ්බ පොළොවේ ගැහුවා වගේ කියල දානවා. තමන්ගේ දේශපාලන ඇරියස් එක්ක. මරාගෙන මැරෙන සීන් එකේ ඉන්න 'පොහොට්ටුකරුවෙක්' විදියට (දැන් ඉන්නේ පොහොට්ටුවේ නොවුනට ආත්මය තියෙන්නේ පොහොට්ටුවේ!).
අපි දන්නවා ළමා ලෝකය ඇතුලට වැඩිහිටි ලෝකය රිංගනවා කියල. නපුර රිංගනවා කියල. අපි බොහොම සීරුමාරුවෙන් තමයි මේක ළමයට වෙන්කරලා දෙන්න ඕනි. හානියක් නොවන විදියට.
මම කියන්නේ ළමයෙක්ගේ මනසට, පෞරුෂයට, සහ අනාගතයට මේ සිද්ද වෙච්ච හානිපූර්න කළ නොහැකි හානිය වෙනුවෙන් කවුරුන් හෝ යමක් කරන්න ඕනි...ආයෙත් මේ වගේ වැඩ නොකරන්න.

මේ වගේ චරිතයක් තමයි කොළඹ ප්‍රභූ රනිල් ඩබල් ඩෙකර් එකේ උඩම ධාතු කරඬුව වගේ තියාගෙන යනවා කිව්වේ....
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)




