The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●
Top Ad
Opinion

සුවසැරිය පාඩම... | Mahesh Hapugoda

T

The Leader Desk

October 10, 2025 • 4:45 PM

සුවසැරිය පාඩම... | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හර්ෂ ද සිල්වා ඊයේ පාර්ලිමේන්තුවේ කිව්ව විදියට යහපාලනේ කාලේ ආව 'සුවසැරියේ' පාට වෙනස්කරන එක වගේ වැඩ නම් ටිකක් ලාබ ගනයේ වැඩ.
  • මාලිමාව ආවේ යම් ප්‍රබුද්ධ බවක් එක්ක දේශපාලනය කරනවා කියන පදනමේ ඉඳල.
  • පාට වෙනස් වෙනවා නම් වෙනස් වෙන්න ඕනි දේශපාලනය නිසා නෙවෙයි විද්‍යාත්මක හේතුවක් එක්ක වගේ දෙයක් එක්ක.
  • මාලිමා ආණ්ඩුව ප්‍රබුද්ධ බව සහ පරණ අතාර්කික දේශපාලනය  එක්ක තවමත් අරගලකාරී දෝලනයක ඉන්නවා කියල මට හිතෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ගිලන්රථ වල ලංකාවේ පුරුදු පාට වෙච්ච සුදු පාට පසුබිමින් ඒක මාලිමා පාටට හරවනවා කියන්නේ එක පැත්තකින් ඒක අවිද්‍යාත්මකයි. අනික් පැත්තෙන් ඒක පරණ දේශපාලනයට අයිතියි (ඒ කිව්ව කරුණ සත්‍යයක් නම්).

ඒ කියන්නේ අපි පොඩි කාලේ තමයි ඔය ආණ්ඩුවක් මාරු වුනාම බස් වල පාට වෙනස්කරනවා වගේ ඉතාම ලාබ දේශපාලන උපක්‍රම භාවිත කළේ. ඒ කියන්නේ පාක්ෂික මිනිස්සුන්ට ආතල් එකක් දෙන්න.

හැබැයි මෑත කාලේ එක වෙනස් වෙලා ගියා. පස්සේ ආපු (විශේෂයෙන් යහපාලනයට පස්සේ) දේශපාලනය එතරම් ඔය වගේ උපක්‍රම වල එල්ලුනේ නැහැ. ලංගමේ පාට එහෙමම තිබ්බ. රේඩියෝ සිලෝන් එකේ ප්‍රවෘත්ති වාදනය වෙනස් කළේ නැහැ.

මාලිමාව ආවේ යම් ප්‍රබුද්ධ බවක් එක්ක දේශපාලනය කරනවා කියන පදනමේ ඉඳල. ඒ කියන්නේ පරණ ලාබ දේශපාලනයෙන් වෙනස් වෙනවා කියන පසුබිම එක්ක. ඒකට විද්‍යාත්මක හේතු ගොඩක් තිබ්බ. පාට වෙනස් වෙනවා නම් වෙනස් වෙන්න ඕනි දේශපාලනය නිසා නෙවෙයි විද්‍යාත්මක හේතුවක් එක්ක වගේ දෙයක් එක්ක.
නමුත් සුවසැරිය වෙනස් වීම සම්බන්දයෙන් එහෙම තාර්කික පැහැදිලි කිරීමක් ආණ්ඩුව පැත්තෙන් ආවේ නැහැ.

මාලිමා ආණ්ඩුව ප්‍රබුද්ධ බව සහ පරණ අතාර්කික දේශපාලනය  එක්ක තවමත් අරගලකාරී දෝලනයක ඉන්නවා කියල මට හිතෙනවා.

පොදු ප්‍රවාහනය දියුණු කිරීම, අධ්‍යාපනය වෙනස් කිරීම, පරණ අපරාධකරුවන් ඇල්ලීම වගේ තැන්වල මේ ආණ්ඩුව ප්‍රගතිශීලි බවක් පෙන්නනවා. හැබැයි මේ වෙද්දී ගොඩක් තැන්වල අසාර්ථක බවට අමතරව අප්‍රබුද්ධ දේවල් ටිකකුත් කෙරෙමින් පවතිනවා.

ඒ වගේම මාලිමාවේ ජනතා ප්‍රසාදය සෑහෙන පමණකින් පසු බසිමින් තිබෙනවා. හැබැයි මිනිස්සු පරණ දේශපාලනයේ ආදීනව හොඳින් දන්නා නිසා ඉවසාගෙන ඉන්නවා. මිනිසුන්ට මේ මොහොතේ නිශ්චිත දිශාවක් හෝ විකල්පයක් නැතිකම මාලිමාව අසරණකමක් ලෙස සලකන්නේ නම් ඒක ලොකු වැරද්දක් වෙයි.

තවමත් පොඩි චාන්ස් එකක් තියනවා...

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සුවසැරිය පාඩම... | Mahesh Hapugoda | The Leader