The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●
Top Ad
Opinion

ඩිල්ෂාන්, කුමාර් සහ විජේපාල | Mahesh Hapugoda

T

The Leader Desk

October 12, 2025 • 11:40 AM

ඩිල්ෂාන්, කුමාර් සහ විජේපාල | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දුටුව පමණින් හඳුනාගත නොහැකි තරමට හොඳින් සිංහල කතාකරන සහ සිංහල සමාජයේ හැසිරෙන පොලිස් අමාත්‍ය ආනන්ද විජේපාල මහත්මයාගේ ද්‍රවිඩ අනන්‍යතාවක් ගැන ලොකු කතාබහක් මේ මෑතක ඉඳන් බුකියේ යනවා මම දැක්ක.
  • නමුත් යම් දෙයක් ඒ වෙනස්කිරීම ඇතුලේ ඇති කියල හිතෙනවා.
  •     ලංකාවේ ක්‍රිකට් ටීම් එකේ නායකයා දක්වා ඉහලට ගිය ඔහුගේ ඒ ප්‍රකාශය එක්ක සමාජයට යමක් ඉගෙණගන්න ලැබුණ.
  • ඒ වගේම ලංකාවේ රැඩිකල් වමේ පක්ෂයක හිටපු කෙනෙක්ට වාර්ගික අනන්‍යතාව මොන වගේ බලපෑමක් කරන්න ඇත්ද කියල ඔහුගේ පැත්තෙන් එන අවංක අර්ථකතනයට මම ආසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

නමුත් ඇමතිවරයා මේ ගැන කිසිවක් කියනවා මම දැක්කේ නැහැ.

මේක නිකම්ම නමක් වෙනස් කිරීමෙන් ඔබ්බට ගිය දේශපාලනික දෙයක් හින්ද ඇමතිවරයා මේ ගැන යමක් කිව්වානම් හොඳයි කියල මට හිතෙනවා. හැබැයි ඒක අවංක යමක් වෙන්න ඕනි. එහෙම උනොත් විතරක් යමක් ඉගෙනගන්න හැකියාවක් ඒ හරහා ලැබෙයි කියල හිතෙනවා.
 
ඒක අලුත්ම දෙයක් වෙන්න තියන හැකියාව අඩුයි. නමුත් යම් දෙයක් ඒ වෙනස්කිරීම ඇතුලේ ඇති කියල හිතෙනවා. සමාජ පීඩනය, වාර්ගික කොන්ගත කිරීම, පුද්ගලික අකමැත්තක් හෝ වෙන ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. මම දැක්ක තිලකරත්න ඩිල්ශාන් ගැනත් එහෙම සංසන්දයක් කරලා තිබ්බ. හැබැයි ඒක ඩිල්ෂාන්ගේ පුද්ගලික අනන්‍යතා කැමැත්තක්. ඒක පවා අපි දන්නේ ඔහු ඒ ගැන කතාකරපු නිසා.  
68nnhgg
 
ලංකාවේ ක්‍රිකට් ටීම් එකේ නායකයා දක්වා ඉහලට ගිය ඔහුගේ ඒ ප්‍රකාශය එක්ක සමාජයට යමක් ඉගෙණගන්න ලැබුණ. අනන්‍යතාව සහ ක්‍රිකට් ගැන ක්‍රීඩාවේ ඉන්න පොඩි එකෙකුට හරි ගවේෂකයෙකුට හරි යමක් තියනවා ඉගෙනගන්න. අනන්‍යතාවට වඩා ඔහුගේ දක්ෂතාව ලංකාව අගය කළා.

ඒ වගේම ලංකාවේ රැඩිකල් වමේ පක්ෂයක හිටපු කෙනෙක්ට වාර්ගික අනන්‍යතාව මොන වගේ බලපෑමක් කරන්න ඇත්ද කියල ඔහුගේ පැත්තෙන් එන අවංක අර්ථකතනයට මම ආසයි.

මොකද ලංකාවේ දේශපාලනය ඇතුලේ 'බාහිරට විදහාපෑම' සහ 'ඇත්තම ඇත්ත දෙය' අතර ලොකුම පරස්පරය ඇතිවෙලා තියෙන්න මාලිමාවේ කට්ටිය හරහා. ඒක පොඩියට සලකන්න බැහැ. වත්කම්වල ඉඳල, පක්ෂ සංස්කෘතිය කියන එකේ ඉඳල, අධ්‍යාපන සුදුසුකම්වල ඉඳල, ප්‍රතිපත්තිවල ඉඳල, නම් ගම් මාරුකිරීම දක්වා විශාල පරාසයක ඇස්බැන්දුම් ගතියක් දැන් දැන් ඔවුන් අරබයා පේන්න තියනවා. මම මේක කිව්වේ අනුර ඩබල් පොකට් අඳින තැනේ ඉඳල. දේශපාලන වසඟයයක් මෙතන අන්තර්ගතයි කියල.
 
b5676n6imhhgertr
නමුත් කොහොමින් කොහොමහරි ඔවුන් බලය ලබාගත්ත මේ මොහොතේ පුළුවන් ඇත්තටම උනේ මොකක්ද කියල සමාජයට කියන්න. මොකද මිනිසා නිර්මාණය වෙන්නේ තමන්ගේ අනන්‍යතාව එක්ක කරන මේ පොරබැදීම එක්ක. සහ ඒ අරගලය සමඟ එන ජයග්‍රහණය එක්ක. සමහර වෙලාවට ඒ අරගලයම ජයග්‍රහණයක් වෙන්නත් පුළුවන්.

නමුත් ඒක සඟවාගෙන ඉන්නවා හෝ උච්චාරණය නොකර ඉන්නවා කියන්නේ තමන්ගේ ආත්මයේ පරාජයක්. දේවල් ගුප්තකරණය කිරීමක්. ඒක වමේ වගේම නූතන සම්ප්‍රදායටත් පටහැණියි.

මොකද මම ඇත්තටම ආසයි පෙරටුගාමී එකේ කුමාර් ගුණරත්නම් සහෝදරයා සිංහලෙන් කතාකරලා ඒ එක්කම ඒක දෙමළෙනුත් ලස්සනට ඒ විදියටම කතාකරනවට. සහ රන්ජිදම් එක්කල ගැටගැහිලා එන දේශපාලනයේ තියෙන පොඩි වාර්ගික කෑල්ලට. අපිටත් වඩා හොඳින් ලංකාවේ දේශපාලනය උච්චාරණය කරන එකට. ඕනි වෙලාවට හැංගිලා අනික් වෙලාවට එළිදරව් වෙන එකට.

Mahesh Hapugoda 1 1(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
2025 ඔක්තොම්බර 11

සබැඳි ලිපියක් :

ආනන්ද විජේපාල, තිලකරත්න ඩිල්ශාන්, 'ආචාර්ය' රංවල සහ ලංකාවේ අනන්‍යතා අර්බුදය | Saroj Pathirana

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...