හැමෝම කවදාහරි කතාකරනවා කියන තියරිය එක්ක මට නම් මේක පුදුමයක් නෙවෙයි. අපි හැමෝටම කවදා හරි කතාකරන්න වෙනවා අවුල් දෙයක් අපේ ජීවිතේ කරලා තියනවා නම්. නැතුව මැරෙන්න බැහැ. කතාකරලා තමයි නිදහසේ මැරෙන්න වෙන්නේ.
ඒ නිසා කතාකරපු එක හොඳයි.

අනික අර්ජුන් මහේන්ද්‍රන්ට උනත් තේරෙන්න ඇති දැන් හැංගිලා ඉන්න හැමෝටම එන්න වෙනවා කියල ලංකාව බලන්න. කෙසේල්බද්දර පද්මේ අවා. එයාගේ ටීම් එක ආව. සෙව්වන්දි ආව. තව එනවා. මේ හැමෝම වමාරනව.
එක්කෝ ලංකාවේ පොලිසිය ගිහිල්ල එක්ක ආව වෙන්න පුළුවන්. නැත්නම් ඉන්ටපෝල් එක අල්ලලා ගෙනාව වෙන්නත් පුළුවන්. මොකක් හරි විදියකට යමක් වෙනවා කියල පේනවානේ.
ඉතින් අර්ජුන් මහත්තයාටත් හිතෙන්න ඇති කවදා හෝ උදෑසනක හෝ හවසක හෝ මැදියමක කවුරුන් හෝ තමාවත් හොයාගෙන එයි කියල. දොරට තට්ටුකරයි කියල. 'ඉතිං අර්ජුන් කොල්ලෝ කොහොමද' කියල අහයි කියල....

'මම හිතුව ඔයා කවදාහරි මාව හොයාගෙන එයි කියල' අර්ජුන් කොල්ලට කියන්න වෙයි කියල...
තවත් එක බුකි රොමැන්තික කතාවකට මාතෘකාව වෙයි කියල....
(අර්ජුන් සතිය පටන්ගන්න කලින්ම හෑල්ලක් ලිව්වා...)
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)




