The Leader News
BREAKING
Top Ad
Opinion

අයියා කරට අත දැම්මාට මල්ලිට බණින්න එපා...| Mahinda Rubasinghe

T

The Leader Desk

December 17, 2024 • 6:58 AM

අයියා කරට අත දැම්මාට මල්ලිට බණින්න එපා...| Mahinda Rubasinghe

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දියාව ගැන මගේ ටැග් එක නම් "ඉන්දියාවෙන් තොර ලොවක් නැහැ" කියන එක.
  • ලෝකයේම කැබිනට් මණ්ඩලවල 60-70 ක් ඉන්නවා.
  • ව්‍යාපාරික ලෝකයේ සමාගම්වල පමණක් ඉන්දියානු සම්භවයක් ඇති ප්‍රධාන විධායක නිලධාරීන් 25 දෙනෙකු පමණ සිටිනවා.
  • පහුගිය වසරේ ඉන්දියාව "Chandrayaan-3 අභ්‍යාවකාශයට යැව්වා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉන්දියාව ගැන මගේ ටැග් එක නම් "ඉන්දියාවෙන් තොර ලොවක් නැහැ" කියන එක.

ඇමෙරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍යය හෝ ලෝකයේ වෙනත් ඕනම රටක ප්‍රධාන නගරයක ඉන්දියානුවෙක් ඇඟේ නොගැටී ඇවිද යන්න දැන් අපට බැහැ. එවැනි සරල උදාහරණයක සිට ඉන්දියාවේ බල පරාක්‍රමය, දැනුම හෝ මානව සම්පත ලොව පුරා විසිරී හමාරයි.

 

ඒ නිසා විවිධ දේශපාලන මතිමතාන්තර මත "ඉන්දියාව ගැන එදා අනුර මෙහෙමයි කිව්වේ. අද මෙහෙමයි", "අනුරට රාජ්‍ය තාන්ත්‍රික පෞරුෂත්වයක් නැහැ" ආදී කතන්දරවලින් වැඩක් නැහැ. මොකද ඔහු දැන් රටේ නායකයා වගේම ඉන්දියාවෙන් තොර ලංකාවක් ගැනත් අපට හිතන්න අමාරුයි.

 

අනුර කුමාර දිසානායකගේ ඉන්දීය සංචාරය : දේශපාලනික මුලෝපායක් ද ?

මතකනේ, ජනපති වීමට පෙරත් අනුරට ආරාධනාවක් ලැබුණු සැනින් ඉන්දියාවට ගිය හැටි. ඉන්දීය විරෝධාකල්ප තිබුණත් කාටවත් ඉන්දියාව නැතිව බැහැ. එය ලෝකයට චීනය නැතිව බැරි වගේමයි.

ක්‍රමවත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇරඹීමට පෙර සිටම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතා පැවැතුනා. ඒ දෙරටේම සෞඛ්‍ය සම්පන්න පැවැත්ම වෙනුවෙන්. 

 

ඉන්දියාවේ වෙච්චි දේ ලංකාවේත් වෙයිද ? - ශ්‍රීරාල්ගේ විග්‍රහයක්

 
මෙවරත් භාරතීය ජනතා පක්ෂය අඛණ්ඩව බලයට පත්වුනේ නරේන්ද්‍ර මෝඩි තෙවන වරටත් අගමැති ධූරයට පත්වෙමින්. ඔහු රට නව දිශානතියකට ගෙනයනවා. ඉන්දියාව ලෝකයේ බලවත් රාජ්‍යයන් අතරට ගෙන ඒමට ඔහුගේ මේ ධූර කාලයන් සමත්. මෝඩිගේ පාලනයේ හැඩ රුව වෙනම කතාකළ යුත්තක්. ඒ වගේම ඉන්දීය කොංග්‍රසයේ වැටීම හෝ නැගිටීම, ඉන්දීය ජාතික ව්‍යාපාරය, ඉන්දියාවේ දුගීභාවය, ඉන්දියාවේ කලාපීය භූ දේශපාලනය වගේ දේවල් අපට තවදුරටත් කතා කරන්න පුළුවන් මාතෘකා. 

ඒත් මම කල්පනා කළේ වත්මන් ඉන්දියාවේ නැගිටීම පිළිබඳ තරමක් ඉන්ටරස්ටින් කරුණු ටිකක් කෙටියෙන් කියන්න.

ඉන්දියාව කිව්වම ගාන්ධිලා, හින්දි ෆිල්ම්ස්, ශාරුක් ඛාන්, අමිතබ්බච්චන්, ක්‍රිකට් වගේ දේවල් තමයි මෙතෙක් කාලයක් මතකයට ආවේ. ඒත් දැන් ඒක වෙනස්. ඉන්දියාවේ කාර්මික හා කෘෂිකාර්මික නිෂ්පාදන වගේම පරිගණක හා අන්තර් ජාල සේවා ආදියත් දැනුමින් සන්නද්ධ මිනිස්සුත් දැන් මතකයට එනවා. 
 
නව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ගැන මේ කරුණු ඔබ දැන සිටියාද? - (වීඩියෝ)රිෂි සුනක්
ඉන්දියානූ මූලයක් සහිත අය ලොව රාජ්‍ය නායකයන් හැටියට සිටියා සහ ඉන්නවා. රිෂි සුනක් බ්‍රිතාන්‍යයේ අගමැති වුනා. කමලා හැරිස් ඇමරිකාවේ උප ජනාධිපති ධූරය දැරූ අතරම ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂිකාවද වුනා. ලෝකයේම කැබිනට් මණ්ඩලවල 60-70 ක් ඉන්නවා.
 
ඉන්දියානුවන් ලොව ඉහළම තනතුරු දරනවා. ඉන්දියානු ඩයස්පෝරාව දැන් පෙර නොවූ විරූ ආකාරයෙන් බලගතු එකක්. ව්‍යාපාරික ලෝකයේ සමාගම්වල පමණක් ඉන්දියානු සම්භවයක් ඇති ප්‍රධාන විධායක නිලධාරීන් 25 දෙනෙකු පමණ සිටිනවා. Micron Technology හි Sanjay Mehrotra (CEO), Google සමාගමේ Sundar Pichai (CEO), World Bank Group හි සභාපති Ajay Banga ඉන් උදාහරණ කිහිපයක්.
 
ලොව බොහෝ සමාගම්වල ජ්‍යෙෂ්ඨ  කළමනාකාරීත්වය ඉන්දියානුවන් වීමෙන් ඉන්දියාව සමග ගෝලීය සම්බන්ධතාවය ගොඩනැගෙන අතර එය ඉන්දියාවේ වාසියටත් සාර්ථකත්වයටත් හේතුවක්. ඒ අනුව ඉන්දියානු ව්‍යාප්තවාදය නූතන ස්වරූපයකින් දිස්වනවා.
 
2040 දී හඳට ගගනගාමීන් යවන්න ඉන්දියාව සූදානම්
පහුගිය වසරේ ඉන්දියාව "Chandrayaan-3 අභ්‍යාවකාශයට යැව්වා. හරිහමන් වැසිකිළියක් නැති මිනිස්සු ඉන්න රටක මේවා කරන්න පුළුවන්ද? ඒත් එහෙම වෙනවා. ඔවුන්ගේ දැක්ම හා දර්ශනය ඉලක්කය ලෝකය ජය ගැනීමයි.

මේ අතරතුර ගෝලීය විශ්ලේෂකයින් පිරිසක් ඉන්දියාව මීළඟ මහා ආර්ථික බලවතෙක් බව පවසනවා. ජාත්‍යන්තර මාධ්‍යයක මේ බව පළවී තිබුණා. එම අදහස් අපටත් යම් මානයක් පෙන්වනවා. ඉන් කරුණු කිහිපයක් කියන්නම්.
 
2002 දී, ඉන්දීය රජය “Incredible India” (ඇදහිය නොහැකි ඉන්දියාව) මැයෙන් ජාත්‍යන්තර සංචාරක ව්‍යාපාරයක් දියත් කළා. එහෙත් අද එය “Inevitable India.” "නොවැළැක්විය හැකි ඉන්දියාව" ලෙසද හැඳින්විය හැකියි. මොකද ඉන්දියාවේ ගමන නතර කළ නොහැක්කක්. දේශානුරාගය ඉහළයි. සෑම පුරවැසියෙක්ම රට ගොඩ දාන්න උද්යෝගයෙන් දායක වෙනවා.
india Screenshot 2024 12 17 at 10.57.10 copy
 
ඉන්දියාව 2075 වන විට ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය බවට පත්වනු ඇතැයි Goldman Sachs මූල්‍ය වෙබ් අඩවිය අනාවැකි පළ කරනවා. FT හි මාටින් වුල්ෆ් යෝජනා කරන්නේ 2050 වන විට, එහි මිළදී ගැනීමේ හැකියාව එක්සත් ජනපදයට වඩා 30% ක් විශාල වනු ඇති බවයි.
 
ඉන්දියාවේ ජනගහණය බිලියන 1.4 ක්. රටේ ජනතාවට අසංඛ්‍යාත, ගණනය කළ නොහැකි අසම්පූර්ණ වූ අවශ්‍යතා මහා ගොන්නක් තිබෙනවා. එම තත්ත්වය යටතේ ඉන්දියාවේ වර්ධනය ප්‍රධාන වශයෙන් දේශීය පරිභෝජනය සහ ආයෝජන මත රඳාපවතිනවා. බටහිර දියුණු රටවල වැඩි වර්ධනය වූ කර්මාන්ත ඉන්දියාවේ වේගයෙන් ව්‍යාප්ත වෙනවා. එකී රටවල සේවා ආර්ථිකය ඉන්දියාවේ සිට ක්‍රියාත්මකයි. උදාහරණයක් ලෙස, පුද්ගලික සමාගම් රැසක් තම සේවා සැපයීම් ඉන්දියාවට සම්බන්ධ කර තිබීම දක්වන්න පුළුවන්.ඉන්දියාවේ නිෂ්පාදන හෝ සේවාවල අඩු මිළ සමග බොහෝ රටවලට තරග කිරීම පහසු නැහැ. ඖෂධ වැනි දෑ උදාහරණ.
ඉන්දියාවේ වැඩියෙන්ම අලෙවි වන මෝටර් රථය Wagon R වන අතර එහි මිල ඩොලර් 7,000 ක්. වන අතර ජපානයේ Suzuki සමාගම විසින් නිෂ්පාදනය කළද එහි ඉන්දියාවේ වෙළඳපල කොටස 41% ක්.  
 
India Mumbai Andheri McDonald's restaurant fast food English Marathi Hindu front entrance. (Photo by: Jeffrey Greenberg/Universal Images Group via Getty Images)
බොහෝ ජාත්‍යන්තර නිෂ්පාදන ඉන්දියාවේදී දේශීයකරණය වනවා. McDonald's වල විකල්ප නිර්මාංශ ආහාර ආදිය මගින් ඉන්දියානු මහා වෙළෙද පොළ ආමන්ත්‍රණය කෙරෙනවා. Coca Cola හෝ වෙනත් බහු ජාතික සමාගම්වල ප්‍රචාරණයන් ඉන්දීය සන්දර්භයක් යටතේ නිර්මාණය කෙරෙන්නේද මේ නිසයි. 

ඉන්දියාව ලෝකයේ තුන්වන විශාලතම බලශක්ති පරිභෝජන රට වන අතර දැනට පුනර්ජනනීය බලශක්ති උත්පාදන ධාරිතාවයෙන් ලෝකයේ 4 වන ස්ථානයේ සිටිනවා. ලොව විශාලතම ඉංග්‍රීසි කතා කරන STEM (Science, Technology, Engineering, and Mathematics) උපාධිධාරී සංචිතය හිමි වන්නේද ඉන්දියාවටයි. ඉන්දියාවේ මූල්‍ය වෙළෙඳ වෙන කවරදාටත් වඩා මේ වන විට හොඳ තත්වයක පවතිනවා. ආයෝජකයින්ට විකල්ප අවශ්‍ය වන අතර ඉන්දියාව ඊට හොඳ තෝතැන්නක්.
 
expressways in india 0 1200
මෙම වසරේ යටිතල පහසුකම් වියදම් ඩොලර් බිලියන 122 දක්වා 33% කින් ඉහළ දමා තිබෙනවා. ඉන්දියාව වාර්ෂිකව කිලෝමීටර් 10,000 ක අධිවේගී මාර්ග ඉදිකරනවා. 2014 සිට, ඉන්දියානු ගුවන් තොටුපළ සංඛ්‍යාව දෙගුණ වී ඇති අතර ආර්ථික මධ්‍යස්ථාන සම්බන්ධ කරමින් වැඩිදියුණු කරන ලද දුම්රිය පද්ධතියක්  “භාණ්ඩ ප්‍රවාහන කොරිඩෝ” ලෙස ක්‍රියාත්මකයි. ඉන්දියාව ලෝකයේ දෙවන ඉහළම අන්තර්ජාල පහසුකම් සහිත ජනගහණය සිටින රටයි. එමගින් ඩිජිටල් පොදු යටිතල පහසුකම් සලසා තිබෙනවා. ඩිජිටල් ගෙවීම් බාධාවකින් තොරව සිදු කළ හැකිය. පුරවැසියන්ට අත්‍යවශ්‍ය දත්ත හා තොරතුරුවලට ප්‍රවේශ වී අදාළ ලේඛන මාර්ගගතව ලබා ගත හැකියි.
තවත් ඉතාම වැදගත් කරුණක් වන්නේ ව්‍යාපාර කිරීමේ පහසුව වෙනුවෙන් 2016 දී ප්‍රතිසංස්කරණ සිදුකිරීමයි. ඒ සඳහා බාධාකාරීව තිබූ රෙගුලාසි 39,000කට වඩා ඉවත් කර තිබෙනවා.  

ඉන්දියාවේ නැගීමට ගෝලීය දේශපාලනයේ චලනයන්ද හේතුවක්. චීනය සහ එක්සත් ජනපදය මෙන්ම බටහිර රටවල් අතර වැඩෙන විරසකය මගින් ඉන්දියාව සඳහා වඩාත් වාසිසහගත ආර්ථික අවස්ථාවන් පුළුල් කෙරෙනවා. මහා බ්‍රිතාන්‍යය පවා මෑතදී වෙළෙඳ ගිවිසුමකට එළඹුනා. 
 
i phone
ඉන්දියාවේ වසරකට iPhone මිලියන 20ක් නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළක් මේ වන විට ක්‍රියාත්මකයි. එමගින් පමණක් නව රැකියා 50,000ක් නිර්මාණය වනු ඇති. මීට අමතරව, අභ්‍යවකාශ දියත් කිරීම් සඳහා භාවිත තාක්‍ෂණය සම්බන්ධ සත්කාරක රටක් ලෙස ඉන්දියාව කෙරෙහි චීනයට වඩා වැඩි විශ්වාසයක් පවතිනවා. 2020 වසරේ සිට ඉන්දියාව ජාත්‍යන්තර අභ්‍යවකාශ දියත් කිරීම් 111කට සත්කාරකත්වය ලබා දී තිබෙනවා.

AI හි සම්ප්‍රාප්තිය වුවද ඉන්දියාවට අති නවීන ක්ෂේත්‍රයන්හි නායකත්වය ගැනීමට අවස්ථාවක් විය හැකියි. ඉන්දියාවේ රාජ්‍ය යාන්ත්‍රණය නවීනත්වය කරා ගෙන යාමද මේ වන විට ඉන්දියාවේ ප්‍රධාන ව්‍යාපෘතියක්.
 
clashes 2
කෙසේ වුවද ඇති නැති පරතරය, රටේ අසමතුලිත සංවර්ධනය, පාරිසරික ප්‍රශ්න ආදිය ඉන්දියාවේ ප්‍රමුඛ ගැටළු ලෙස තවදුරටත් පවතිනවා. ඉන්දියානුවන්ගෙන් 10% කට ජාතික ධනයෙන් 77% ක් හිමියි. ගජමිතුරු ධනවාදයේ ව්‍යාප්තිය අනුව ඉන්දියාව 10 වැනි ස්ථානයේ පසුවනවා. සෑම තත්පරයකටම පුද්ගලයන් දෙදෙනෙකු දරිද්‍රතාවයට තල්ලු කෙරෙනවා.

හින්දු - මුස්ලිම් ගැටුම් මෙන්ම සාම්ප්‍රදායික දේශපාලනයේ ස්වරූපයද ඉන්දියාව තවදුරටත් මුහුණ දෙන ගැටළු.
 
මේ කවරක් වුවද ගැල නොනැවතී ඉදිරියට ඇදෙනවා. "නොවැළැක්විය හැකි ඉන්දියාව" තවත් ඉදිරියට යමින් "විශ්වාසනීය ඉන්දියාව" ගොඩ නගා ගනිමින්ද සිටිනවා. ඔවුන් එදත් අදත් අප වැළඳ ගන්නේත් එනිසයි.

18673323 1696222700405507 2499315824376895823 o|මහින්ද රුබසිංහ
දේශපාලන හා සමාජ විශ්ලේෂක
mahiruba@gmail.com

(උපුටා ගැනීම - Mahinda Rubasinghe ගේ ෆේස්බුක් පිටුවෙන් )
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...