මේ අයගෙන් බද්දක් අය කළහොත් ඔවුන් ගැන ගැටළුවක් නොවන අතරම ඕනෑම ආයතනයක් සමග විශ්වාසයෙන් ගනුදෙනු කරන්න අවස්ථාව ලැබෙනවා.
YouTube ඇතුළු සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් බද්දක් අයකිරීම හෝ නොකිරීම සිදුවුවත් නැතත් ඊට එරෙහිව දැනට කියවෙන මෙවැනි සමහර දේවල් තර්කයෙන් බැහැරයි.
ඉරාජ් තවදුරටත් කියනවා, මේ නිසා රටට ඩොලර් ගේන එක නවතිනවා කියලා. ඉතා සුළු බද්දක් නිසා ඒ අය තම ඩිජිටල් නිෂ්පාදන මුදාහැරීම අඩුකරනවා නම් එහි පාඩුව පුද්ගලිකව ඔවුන්ට තමයි වැඩියෙන් දැනෙන්නේ.
ඒ වගේම යම් ඩොලර් ආදායමක් ලැබෙනවා නම් එය "කෙනෙකුගේ අතට ලැබීම රටට ලැබීමක්" නම් ඉන් ඉතා සුළු කොටසක් රජයට ලැබීම රටට ලැබීමක් නොවන්නේ කෙසේද?
ඉරාජ් වගේම මේ සංවාදයේදී කියන තවත් දෙයක් තමයි මින් ලැබෙන ආදායම් පිටරට ගිණුම්වලට යාහැකි බව. ඇත්තටම එසේ වන්නේ නම් රට ඇතුලේ සිට හම්බු කරමින් ඔවුන් කරනු ඇත්තේ වංචාවක්.
ලංකාවේ ඇති ප්‍රධානම ගැටළුවක් වන්නේද පුද්ගලික බදු (Personal Tax) නිසි ලෙස අයකර නොගැනීමයි. ආදායම් පදනම් කරගත් එකී ක්‍රමවේදයේ මෑතකාලීන සංශෝධනය සමග විශේෂ බද්දක් හඳුන්වාදීමෙන් බැහැරව වුවද ඩිජිටල් කර්මාන්තයේ නිරත අයද ඊට ඇතුලත් කරගැනීම කිසිසේත් ගැටළුවක් විය නොහැකියි.
ඔවුන්ද රටේ වරප්‍රසාද බුක්තිවිඳින්නන් වන අතරම එනයින් සෑම පුද්ගලයෙකුටම බදු ගෙවීමේ වගකීමක්ද ඇති බැවිනි.

බොහෝ රටවල සමාජ මාධ්‍ය content creatorsලාගෙන් ආදායම් බදු අයකර ගැනීමක් සිදු කරනවා. ඇමෙරිකාවේදී ඔවුන් සිය ආදායම "ස්වයං රැකියා ආදායම" (self employment income) ලෙස වාර්තා කළ යුත්තක්. ඩොලර් 600 ට වැඩි ආදායමක් ලබන්නේ නම් ඔවුන් බද්දට යටත්. බ්‍රිතාන්‍යයේ "ස්වයං තක්සේරු බදු ක්‍රමය" යටතේ සිය ආදායම් වාර්තා කර බදු ගෙවිය යුතු වනවා.
අන්තර් ජාලයට අනුව, ඉන්දියාව YouTube ආදායම "වෘත්තීය සහ සේවා ආදායම" (Income from Profession and Services) යටතේ බදු යටතට ගැනෙනවා. වාර්ෂික ආදායම රුපියල් 250,000 ඉක්මවන විට බදු ගෙවීමටයි සිදුවන්නේ.
මෙහි අනෙක් පැත්ත වන්නේ සමහර රටවල් සමාජ මාධ්‍ය content creatorsලා විදේශ විනිමය රටට ගෙන එන බැවින් යම් ප්‍රමාණයකට ඔවුන් බදුවලින් නිදහස් කර තිබීමයි. ඩිජිටල් ආර්ථිකය දිරිගැන්වීමත් එහි අරමුණක්.
අරාබි එක්සත් එමීර් රාජ්‍ය වැනි රටවල පුද්ගලික ආදායම් බදු නොමැති අතරම YouTube නිර්මාණකරුවන් වුවද බද්දකට යටත් නැහැ.

මැලේසියාවේ විශේෂ ඩිජිටල් ආර්ථික කලාප (Digital Economic Zones) සඳහා බදු සහන ලබා දී ඇති අතර, විදේශ විනිමය ගෙන එන content creatorsලාට බදු සහන ලබා දෙනවා. ජෝර්ජියාව, එස්ටෝනියාව වැනි රටවල්ද මේ ආකාරය බදු සහන ලබාදී තිබෙනවා.
කෙසේවෙතත් "කලාකරුවන්ට, මාධ්‍යවේදීන්ට රජය නිවාස දෙන්න ඕන, වයසට ගියාම රැක බලාගන්න ඕන" වගේ ඩිජිටල් ක්‍රියේටර්ස්ලා බද්දෙන් නිදහස් කළ යුතු යැයි තර්ක ගෙන එන්නේ නම් එයද නිවැරදි නැත. මක්නිසාද මේ සියල්ලන්ද අනෙක් පුරවැසියන් මෙන් වෘත්තියක නිරතව ඉපැයීම් කරන බැවිනි. එහෙත් සුවිශේෂී තත්ත්වයන් යටතේ ඔවුන්ට සහනදීම හෝ රැකබලා ගැනීම ගැටළුවක් නොවේ.
(සටහන | මහින්ද රුබසිංහ)
Mahinda Rubasinghe ගේ ෆේස්බුක් පිටුවෙන්....
සබැඳි පුවත් :
15%ක ඩිජිටල් බද්දට ඇමැති හඳුන්නෙත්තිත් විරුද්ධයි! - විපක්ෂනායක
'රටට ඩොලර් ගෙන එන සියල්ලන්ට 15%ක බදු පැනවෙන' අපනයන සේවා බද්ද බලපාන්නේ කාට ද?
වැරදි අවබෝධයක් සමාජගත වෙලා - අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු
අලුත් බද්ද නිසා IT වෘත්තිකයින් රට හැර යාමේ අවදානමක් !
රජය නිකුත් කළ බද්දෙන් උණ්ඩියල් මුදලාලිලා පෝසත් වෙනවා - youtube වලටත් මේ බද්ධ ක්‍රියාත්මකයි - දිලිත් ජයවීර



