The Leader News
BREAKING
Top Ad
Opinion

විවෘත සමාජයේ මිනිසුන් ලෝකයට හානිකර නැහැ - (Malcolm Sang)

T

The Leader Desk

July 31, 2024 • 7:21 AM

විවෘත සමාජයේ මිනිසුන් ලෝකයට හානිකර නැහැ - (Malcolm Sang)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “The ideas, customs, and social behaviour of a particular people or society.” සමාජයක් තුල හෝ මිනිස් කන්ඩායමක් තුල අදහස්.
  • ඔලිම්පික් සඳහා මුල්වෙන්නෙ ග්‍රීක දේවකතා හා සංස්ක්‍රෘතික අංග බව අමුතුවෙන් කිවයුතු නැහැ. වයින්.
  • ග්‍රීක බච්චනලියා ග්‍රීක බච්චනලියා (Bachchanalia) ලෙස හඳුන්වන මෙම උත්සව අවස්ථාව පැරිස් උළෙලේ කීපවරක්ම දකින්න පුළුවන්.
  • නොදැනුවත්කම නිසාම සමහරෙක් මෙය අවසාන රාත්‍රී භෝජන සංග්‍රහය ලෙස වටහා ගන්නවා.
අකුරු ප්‍රමාණය (Font Size):

 

“The ideas, customs, and social behaviour of a particular people or society.”

සමාජයක් තුල හෝ මිනිස් කන්ඩායමක් තුල අදහස්... සිරිත්විරිත් හා පුරුදු ... සමාජයීය හැසිරීම් එකතුවට සංස්කෘතිය කියන්න පුළුවන්.

සංස්කෘතික පුරුදු කාලෙන් කාලෙට වෙනස් වෙනවා වගේම...  ප්‍රදේශයෙන් ප්‍රදේශයට.. රටින් රටට වෙනස් වෙනවා.  ආගම්... ඇදහීම්... දේශපාලන ක්‍රම අනුවත් සංස්කෘතිය විවිධ වෙනවා. දැනුම හා අත්දැකීම් අඩූ තරමට තවත් සංස්කෘතියක් නිවැරදිව දකින්න අසීරුවෙන්නෙ තමන්ගෙ සංස්කෘතික පුරුදු වඩා උසස් කියලා එවැනි ජන කොට්ඨාශ විශ්වාස කරන හේතුවෙනුයි.

පැරිස් ඔලිම්පික්' පිහිනුම් තරග සෙන් නදියේ පවත්වන්න හැකිවේවිද ?ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන ඔලිම්පික් උලෙල

 

මේ දිනවල ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන ඔලිම්පික් උලෙල මීට කදිම උදාහරණයක්. බොහෝ පිරිස් ඔලිම්පික් සමාරම්භක උලෙල විවේචනය කරන්නේ ඔවුන්ගේ දැනුම මදිකම නිසා හා ගතානුගතිකත්වය මත මිස වෙනත් හේතුවක් නිසා නෙවෙයි.

87nm a 83 1722097074359Dionysusපලමු රූපයේ ඉන්නෙ ග්‍රීක දෙවියෙක් වූ දියෝනිසුස් (Diynysus). ඔලිම්පික් සඳහා මුල්වෙන්නෙ ග්‍රීක දේවකතා හා සංස්ක්‍රෘතික අංග  බව අමුතුවෙන් කිවයුතු නැහැ. වයින්... උත්සව හා සැණකෙලි.. විනෝදාශ්වාදයට අධිපති දෙවියන් වූ දියෝනිසුස් සියුස් දෙවියන්ගේ පුත්‍රයන්ගෙන් කෙනෙක්. පුත්‍රයෙක් වුනත් දියෝනිසුස් තරුණියකගේ හැසිරීම්වලින් යුතු වෙනස් පුද්ගලයෙක්. වෙනස්වීම් හා සෘතු වෙනස්වීම්වලටත් අධිපති දෙවියන් වන්න්නේ දියෝනිසුස්. දින ගණන් දික්වෙන සාද.. නිරුවත් ජවනිකා... නාට්‍ය දර්ශණ සහිත උත්සවවල පෙනීසිටින දියෝනිසුස් බොහෝවිට  මල් ගවසාගෙන සිටින නිරුවත් හෝ අඩනිරුවත් චරිතයක්. මේ දේවතාවාගේ සිරුර සමහර අවස්ථාවන්හිදී නිල් පාට වෙද්දි එයාගෙ හැසිරීමත් විකාරරූපීවෙන අවස්ථා දකින්න පුළුවන්.

grcග්‍රීක බච්චනලියා

 

ග්‍රීක බච්චනලියා (Bachchanalia) ලෙස හඳුන්වන මෙම උත්සව අවස්ථාව පැරිස් උළෙලේ කීපවරක්ම දකින්න පුළුවන්.

නොදැනුවත්කම නිසාම සමහරෙක් මෙය අවසාන රාත්‍රී භෝජන සංග්‍රහය ලෙස වටහා ගන්නවා.

කලාව හා නිරූපනයට විවිධ අර්ථකතන ලැබෙනවා. කතෝලික සභාව හා වතිකානුව ප්‍රථික්ශේපකරන ප්‍රොතෙස්තන්තවරු ආගම් විශ්වාසවලට  මුල්තැන දුන්නත් කතෝලික සමාජයේ ආටෝප හා උත්සව තදින් විවේචනය කරනවා. ඒ ඔවුන්ගේ ඉතිහාසය හා ගැටුම් පිළිබිඹු කරන අවස්ථාවක අර්ථකතනයක් ලෙස දක්වන්නත් පුළුවන්.

 

453156969 26534576966140756 149572466307775469 nදෙවන රූපයේ ඉන්න හිස නැති කාන්තාව මාරි අන්තොවනෙත් හෙවත් මාරි ඇන්ටනෙට්.
දෙවන රූපයේ ඉන්න හිස නැති කාන්තාව මාරි අන්තොවනෙත් හෙවත් මාරි ඇන්ටනෙට්. ප්‍රංශ විප්ලවයත් සමග මාරි ඇන්ටනෙට්ගේ ආඩම්භරකාරී ජීවිතය අවසන් වෙන්නෙ හිස ගසා දැමීමෙන්. ඒ අවස්ථාව ප්‍රංශ ඉතිහාසයේ ඉතාම වැදගත් අවස්ථාවක්. ඒත් එක්කම කාන්තාවන් ලෙස හැඳපැලඳගත් පිරිමි චරිත වගේම පිරිමින් ලෙස රඟපාන කාන්තාවනුත් අපිට දකින්න පුළුවන්. සංවෘත්ත සංකෘතියක හැදුනු වැඩුනු කෙනෙක්ට මේ දර්ශණ අප්‍රසන්න වෙන්න පුළුවන්. ඒක අසාධාරණ නැහැ. 

නමුත් මේ තමයි ප්‍රංශයේත් පැරීසියෙත් නිදහස් සමාජය. බොහෝ දෙනෙක් අහල නෑ "ඇනේ ෆෝල් ද පැරී " කියන වාක්‍ය. (Les Annés Folles de Paris) ඒ කියන්නෙ පලමු ලෝක යුද්ධයෙන් පස්සෙ පැරීසියේ ඇතිවූ ලිංගික හා සංස්ක්‍රෘතික නිදහසේ උපරිම අවස්ථාව. මේ කාල පරිච්ඡේදය පටන් ගන්නෙ 1880- 90 පමණ දුර කාලයේ සිටයි.

1920 s

බ්‍රිතාන්‍ය වික්ටෝරියා රැජිණගේ දරදඬු පාලනයට ලන්ඩනය යටත් වෙද්දි පැරීසිය විනෝදාශ්වාදයේ නගරය ලෙස ප්‍රසිද්ධියට පත්වෙන්නෙ කාන්තාවන් හා පිරිමින් දෙපිරිසටම එකම විදිහට විනෝදය සපයමින්. උදාහරණයක් විදිහට පසු කලෙක රජකමට පත්වන එඩ්වඩ් කුමරු (වික්ටෝරියාගේ වැඩිමල් පුත්‍රයා) පැරීසියේ රාජකීය නවාතැනක නතරවෙන්නෙ උපරිම නිදහසත් ආශ්වාදයත් ලබාගැනීම පිණිසයි. කැබරේ...  නිරුවත් රංගන ශාලා... කාන්තා හා පුරුශ ගණිකා නිවාස පැරීසිය පුරා වැහි වහිනවා. ඕනෑම අයෙකුට නිදහසේ ලිංගික තෘප්තිය ලබන්න පුළුවන් නගරයක් බවට පැරීසිය පත්වන්නේ  මෙන්න මේ කාලයේදීයි. මේ පැරිස් සංස්කෘතිය වික්ටෝරියානු සංස්කෘතියෙන් සම්පූර්ණයෙන්ම වෙනස්.

2018 06 pride parisඅද වුනත්...  පිරිමි... කාන්තා.. භහු ලිංගික... විශම ලිංගික.. සංක්‍රාන්ති ලිංගික ඕනෑම අයෙකුට සමානව සලකන්න පැරීසිය සමත්වෙන්නෙ මෙන්න මේ තරම් ඈත කාලයක ඉඳලයි.

 

අද වුනත්...  පිරිමි... කාන්තා.. භහු ලිංගික... විශම ලිංගික.. සංක්‍රාන්ති ලිංගික ඕනෑම අයෙකුට සමානව සලකන්න පැරීසිය සමත්වෙන්නෙ මෙන්න මේ තරම් ඈත කාලයක ඉඳලයි. පෙරදිග මෙන්ම  අරාබි සංස්කෘති‍යේ පිරිස් ලතිනෝ-පැරිස්  සංස්කෘතිය දැඩිව විවේචනය කලත් මෙවන් විනෝදාශ්වාද සපයන සමාජශාලාවල වැඩිපුරම දකින්න ලැබෙන්නෙත් ආසියානු හා අරාබිකරයේ පිරිමින් බව කීවොත් පුදුම වියයුතු නැහැ.

ඊ ලඟට අපිට ඇහෙන ප්‍රශ්ණය තමයි මෙවැනි දර්ශණ කුඩා දරුවන් සමග නරඹන්න පුළුවන්ද කියන එක. මේ තමයි හොඳම අවස්ථාව දරුවන්ට කියලා දෙන්න ලෝකයේ විවිධත්වය ගැන. විවිධ සංස්කෘතික පුරුදු ගැන. අද ලෝකය කියන්නෙ විවෘත තැනක්. අද අපි දරුවන්ගෙන් හංගන හැමදේම හෙට දවසෙ ඒ අය ප්‍රශ්ණ කරන්න ගන්නව. මේ පෙන්නෙ ලංකාවෙ හෝ ඉන්දියාවෙ සංස්කෘතිය නොවන බව ඔවුන්ට කියාදිය යුතුයි. ඔබ ඔවුන් වගේ වීම නොවෙයි වැදගත් ..ලොව මෙවැනි සමාජයන් තිබෙනබව දැනගැනීමයි වැදගත්. මෙන්න මේ පණිවිඩය දරුවන්ට නොදුන්නොත් ඔවුන්ට සිදුවන්නෙ අනාගතයේ දවසක අතරමංවීමට පමණයි.

453256184 26534577269474059 7081135383525615307 n

 

සිංහයෙකු හා සංසර්ඝයේ යෙදෙන ස්ත්‍රියක්… උඩුකය නිරුවතින් සිටින අශෝකමාලා…සීගිරි ලලනාවන් වැනි ලාංකික සංස්ක්‍රෘතික අංග  තලේබාන් සංස්කෘතිය තුල දකින්නෙ කොහොමද.? මෙන්න මේ කාරණයයි අපි තේරුම් ගතයුතු.

කූඩුව තුල ඉපදුනු කුරුල්ලන් පියෑඹීම දකින්නෙ රෝගයක් විදිහට. අවසන් වශයෙන් ලෝකයේ විවිධ සංස්කෘතීන් දරාගැනීමට  අපහසු අන්තාගාමී මිනිසුන් තරම්.. විවෘත සමාජයේ මිනිසුන් ලෝකයට හානිකර නැතිබව සටහන් කලයුතුයි.

 
malcom sangසටහන : Malcolm Sang මුහුණු පොතෙන් උපුටා ගැනුණි  
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

විවෘත සමාජයේ මිනිසුන් ලෝකයට හානිකර නැහැ - (Malcolm Sang) | The Leader