The Leader News
BREAKING
Top Ad
Opinion

මනෝ තිත්තවැල්ල කල්පවත්නා සාමයක් වෙනුවෙන් කැප වුණ කෙනෙක්

T

The Leader Desk

February 4, 2020 • 2:38 PM

 මනෝ තිත්තවැල්ල කල්පවත්නා සාමයක් වෙනුවෙන් කැප වුණ කෙනෙක් 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රාජ්‍ය සේවය තුළ ඉමහත් කීර්තියක් අත් කරගත් කාර්යක්ශම හා කාර්යශූර නිලධාරියකු වූ මනෝ තිත්තවැල්ල මහතා හදිසියේ අභාවප්‍රාප්ත වීම ජාතියට සිදු වූ පාඩුවකි .
  • ඔහුගේ  වියෝවෙන්, විශේෂයෙන්ම ඔහු සමඟ සේවය කල මෙන්ම , ඔහු සමඟ මෙම ක්‍රියාවලියට දායකත්වය දැක්වූ සියලුම දෙනා මේ වන විට ඉමහත් ශෝකයට පත් වී ඇත.
  • ඔහුගේ අහිමි වීම ශ්‍රී ලංකාවට මෙන්ම ලෝකයේම තිරසාර සාමයක් බලාපොරොත්තුවෙන් කටයුතු කරන සියලු දෙනාටම අති මහත් පාඩුවක් වනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

2015 යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ඔවුනට තිබූ ප්‍රධානම ගැටලු වූයේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ  ශ්‍රී ලංකාවේ කීර්තිනාමය ආරක්ෂා කර ගැනීම විය. එහි දී එවකට රජයේ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා  විසින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරනු ලැබූ 30/1 යෝජනාවලියේ කර්තව්‍යයන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමේ වගකීම කරට ගත් මනෝ තිත්තවැල්ල මහතා ඒ වෙනුවෙන් ස්තාපනය කරන ලද සංහිඳියා යාන්ත්‍රණ  සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයෙනි  මහ ලේකම්වරයා ලෙස කිසිදු වැටුපක් හෝ දීමනාවක් හෝ නො ගෙන පසුගිය වසර හතර හමාරක් පුරා ඔහුගේ කණ්ඩායමක් සමඟ දිවයින පුරා ගමන් කරමින් ද, එක්සත් ජාතීන්ගේ මෙරට නියෝජිත කාර්යාලය හා ශ්‍රී ලංකාවේ ඇති විදේශීය තානාපති කාර්යාල සමඟ සමීප සබඳතාවක් ගොඩනගා ගනිමින් රට තුළ සැබෑ ඇතිවූ තත්ත්වය, යුද්ධයෙන් අවතැන් වූවන් ගේ, අතුරුදන්වූවන්ගේ,  විනාශ වූ උතුරු නැගෙනහිර පළාත, මෙන් ම අනෙකුත් පළාත්වල රාජ්‍ය්‍ය  ආයතන, කර්මාන්ත, ව්‍යාපාරික ස්ථාන නැවත ගොඩනැගීමේ ක්‍රියාවලිය ට ඔහු ලබාදුන් සහයෝගය අති මහත්ය.

විශේෂයෙන් මෙරට  සංහිඳියා ක්‍රියාවලියේ සන්ධිස්ථාන වූ අතුරුදන්වූවන්ගේ කාර්යාලය පිහිටුවීම, හානිපූර්ණ කාර්යාලය පිහිටි වීමත්, යුද වින්දිතයන්ගේ ඉමහත් සතුටට කාරණයක් විය. එම කාර්යයන්  ඔහුගේ සම්බන්ධීකරණයෙන් සිදු විය. 
 
 mano text 04එපමනක් නොව යුද්ධය තුල අපගේ හමුදා සේවා වල සාමාජිකයන්ට එරෙහිව එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ද, ඉතා විමසිල්ලෙන් කටයුතු කළ ඔහු , හමුදා සේවා වල කීර්තිනාමය ඉහල දැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ හමුදාව මෙන්ම පොලීසිය සමග සමඟ ඉතා යහපත් සබඳතාවක් ගොඩනගා ගැනීම සඳහා " හමුදාව සමඟ සංවාද(Military Dialogue )" මාලාවක් ක්‍රියාත්මක කළේ ය. 


ඒ තුළින් මේරට හමුදා සාමාජිකයන් ට හිමි විය යුතු කීර්තිය නැවතත් අත් කර ගැනීම සඳහා ඔහු විසින් සිදු කළ අමරණීය මෙහෙවර ත්‍රිවිධ හමුදාවේ මෙන්ම පොලීසියේ ඉමහත් ආදරයට හා ගෞරවයට පාත්‍ර විය.

ඔහුගේ  වියෝවෙන්, විශේෂයෙන්ම ඔහු සමඟ සේවය කල මෙන්ම , ඔහු සමඟ මෙම ක්‍රියාවලියට දායකත්වය දැක්වූ සියලුම දෙනා මේ වන විට ඉමහත් ශෝකයට පත් වී ඇත. ඔහුගේ අහිමි වීම ශ්‍රී ලංකාවට මෙන්ම ලෝකයේම තිරසාර සාමයක් බලාපොරොත්තුවෙන් කටයුතු කරන සියලු දෙනාටම අති මහත් පාඩුවක් වනු ඇත.


- සංජීව විමල ගුණරත්න 
(සංහිඳියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ - දේශීය කටයුතු අධ්‍යක්ෂ.)


සබැඳි පුවත් :
මනෝ-අයිවන් හා නෝන්ජල් රනිල් - මනෝ තිත්තවැල්ලගේ හදිසි අභාවයෙන් පසු උවිඳු ලියූ සටහනක් 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...