The Leader News
BREAKING
Top Ad
Opinion

ෆොන්සේකා සහ නිර්MARX - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

September 25, 2022 • 5:20 AM

ෆොන්සේකා සහ නිර්MARX - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “රනිල් ආවේ ලෙනින් ආවා වගේ” කියා නිර්මාල් කියනු දුටුවෙමි. එවිට මා පන්තියේ අත ඔසවා අහන්නේ “එතකොට ජෝසප් ස්ටාලින් එන්නේ කවද්ද සර්?”
  • v=1448911742286667&paipv=0& eav= AfYEmxN1Zu3Sx3EjskcjzHsHGBtanE pU2Vv- uGqtwQtvFaWeNT79Kbe3TYZzZtflKa Y&_rdr මාගේ ලිපිවල නිර්මාල් දේවසිරියන්ව සඳහන් කරන්නේ ඔහු සමග ආරෝවක් ඇති නිසා නොවේ.
  • එය හුදෙක් දීප්ති කුමාර සිය ලිපිවල ලැකාන් වැනි පුද්ගල නාමයක් සඳහන් කරන අයුරින් කරන්නකි.
  • නමුත් නිර්මාල්ට එසේ කිරීමට නොහැකි බව මට විශ්වාසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

වැනි කට කැඩිච්ච ප්‍රශ්නයකි.

ආව වේගයෙන්ම සිෆිලිස් ඔඩුදුවලා ලෙනින් මළා. විප්ලවය ඉවර වෙන්නේ ස්ටාලින් රුසියාවේ දරුණුතම ඒකාධිපතියා වෙලා.


https://m.facebook.com/watch/?v=1448911742286667&paipv=0&eav=AfYEmxN1Zu3Sx3EjskcjzHsHGBtanEpU2Vv-uGqtwQtvFaWeNT79Kbe3TYZzZtflKaY&_rdr


මාගේ ලිපිවල නිර්මාල් දේවසිරියන්ව සඳහන් කරන්නේ ඔහු සමග ආරෝවක් ඇති නිසා නොවේ. එය හුදෙක් දීප්ති කුමාර සිය ලිපිවල ලැකාන් වැනි පුද්ගල නාමයක් සඳහන් කරන අයුරින් කරන්නකි. නිර්මාල් දේවසිරි යනු රෙෆරන්ස් එකකි. ඔහුගේ ෆේස්බුක් පන්තියෙන් "මා නෙරපනු" කියා ඔහුගේ මිතුරන් ඔහුට බලපෑම් කරයි. නමුත් නිර්මාල්ට එසේ කිරීමට නොහැකි බව මට විශ්වාසයි.

 

රුසියාවේ විතරක් නොවෙයි. ප්‍රංශ විප්ලවය ඉවර වෙන්නේත් බොනපාට් රජ වෙලා. ඉරාන විප්ලවය ඉවර වෙන්නේත් කුමෙයිනි රජ වෙලා. නිර්මාල් තටම තටම ගලපන්න හදන ලකේ විප්ලවය ඉවර වෙනවා නම් වෙන්නේ ෆොන්සේකා රජ කරවලා. එහි මතවාදීය ගෞරවය ගෙඩිය පිටින් දෙන්න ඕනා නිර්මාල්ට බව මා නොකියා වෙන කවුරු කියන්නද!

 

ෆොන්සේකා යනු හොඳින් හෝ නරකින් තම අරමුණ කරා යන මිනිහෙකි. ලංකාවේ රාජ්‍යත්වය තමන්ට අවිවාදයෙන් උරුම බව විශ්වාස කරන සහ එම විශ්වාසය විසින් නිරන්තරයෙන් මෙහෙයවනු ලබන සීරියස් මිනිසෙකි. යුධ උපක්‍රම පරයා දේශපාලන උපක්‍රමවල කෙළ පැමිණියෙකි දැන් ඔහු. වෙනකක් තබා තමා විසින්ම වරක් විනාශ කළ බෙදුම්වාදීන්ගේ අනුග්‍රහය පවා ලබා ගැනීමට සමත්ව ඇති කෛරාටික දේශපාලකයෙකි.

“රජ” වෙනවා නම් වෙන්නේ එවැනි මිනිසුන්ය.

සමගි ජන බලවේගයේ සැබෑ නායකයා SF මිස SP නොවේ. පාර්ලිමේන්තුවේ සජිත්ට වඩා වැඩි පුද්ගල බලයක් (personal power) ෆොන්සේකා හොබවයි. සජිත් හැරෙන කල් සිට හිනාවෙන ඔහුගේ පක්ෂ සගයන් ෆොන්සේකාට එසේ කරන්නට බිය වෙයි.

අනුර කුමාරටත් වඩා හොඳට කඩදාසියක් නොබලා නුදී ජන පහත් සංවේග අවුළුවා කතා කිරීමට ෆොන්සේකා දැන් සමත්ය. ස්ටාලින් යන නමේ තේරුම “යකඩ මිනිසා” යන්නයි. ලකේ ඊනියා වාම ලිබරලුන්ට “යකඩ මිනිහෙක්” ලැබී තිබේ.

 

නිර්මාල් කියන්නේ සිස්ටම් චේන්ජ් එකක් ගැන නොවේ. නිර්මාල් කියන්නේ සිස්ටම් කුඩුපට්ටම් කිරීමක් ගැනය. ඔහු නොදන්නවා වුණාට එයත් අර නලින් ද සිල්වා කියන නිවන නිෂ්ටාව කරගත් චින්තනයේ ග්‍රාම්‍ය ඇනෝමලියකි. ශිෂ්ටාචාරය මෙතෙක් අත්පත් කරගත් සියල්ල විනාශ කර බැලීමට ඇති උච්චේදවාදී විභව තණ්හාවකි.

 

නිර්මාල්ගේ “ජනතාව”, නිර්මාල්ගේ “දෙවියන්වහන්සේට” සමාන කරන නිර්මාල් හදන්නේ “මහා ජලගැල්මක්” ඒවා ලෝකය සුද්ද කිරීමටයි.

අරගල කරන නංගිලා සහ මල්ලිලාට සැබෑ "ඒකාධිපති ටිරණිය" යනු කුමක්දැයි කියා අත්විඳින්නට සැලැස්විය යුතුය කියා මා කියන්නේ නැත. නමුත් ඔවුන් ඔය ඕවර් ඇක්ටින් දඟලා දත කන්නේ ඒ ටික කරගැනීමටය. එය ඔවුන්ට සුපිරියටම ලබා දීමට හැකි හොඳම කෙනා ජෙනරාල් ෆොන්සේකාය. රුසියාවේ කොමියුනිස්ට්වාදීන්ගේ රෝගය නිට්ටාවට සුව කරන්නේ සෝවියට් සංගමයේ මාෂල් තැන්පත් ස්ටාලින්ය.

සෙබළුන් යොදවා ජය තහවුරු කිරීමට ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා හොඳින් දනී. දැන් ඔහුගේ සෙබළුන් කරගෙන ඉන්නේ අන්තරේ "දරුවන්"ය. නාගමුව, කන්නන්ගර, ගුණසේකර යනු ජෙනරාල් ෆොන්සේකාගේ හොඳම නිලධාරීන්ය. මුදලිගේ කරන්නේ ඔහුට සෙබළුන් රෙක්රූට් කිරීමයි. නිර්මාල් කරන්නේ එයට අවශ්‍ය මතවාදී සංශය පවත්වා ගැනීමයි.

 

"ජනතාවට ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැකිය" කියමින් නිර්මාල් නිර්මාණය කළ ප්‍රවාදය "යුද්ධය ජයගත හැකිය" යන අභිප්‍රේරකයට වඩා සිය ගුණයකින් ප්‍රබලය. නිර්මාල් යනු ෆොන්සේකාට සිටින වටිනාම පොලිටිකල් න්‍යායාචාර්යවරයායි. මේ ෆොන්සේකාගේ විප්ලවයයි. නිර්මාල් එහි කාල් Marxයායි.

 

ධර්මය අපට මග වේවා!


ජවිපෙ බලය අල්ලන ගේම -(එරන්ද ගිනිගේ)(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

eranda.ginige@gmail.com

2022 සැප්තැම්බර් 25


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

W
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...