The Leader News
BREAKING
Top Ad
Opinion

පොහොට්ටුවට අවශ්‍ය ගෝඨාබය පරද්දන්නද ? - මහචාර්ය නලින් ද සිල්වාට සැකයක් !

T

The Leader Desk

October 14, 2019 • 6:15 PM

පොහොට්ටුවට අවශ්‍ය ගෝඨාබය පරද්දන්නද ? - මහචාර්ය නලින් ද සිල්වාට සැකයක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පොදුජන පෙරමුණ සූදානම් වන්නේ ගෝඨාබය ජනාධිපතිවරණයෙන් පරාජය කරන්න ද?
  • එහෙත් පොදුජන පෙරමුණේ ඇතැමුන්ගේ උද්ධච්ඡ මානසිකත්වය, ජාතික හා වාම කේන්ද්‍රීය කඳවුරේ අනෙක් පක්‍ෂවලට කුඩම්මාගේ නොව ඊටත් පහළ සැලකිල්ලක් ලබා දීම ආදිය හේතු කොටගෙන ගෝඨාභයට පරාජය අත් කර දීමට ඔවුන් උත්සාහ කරන්නේ දැයි ඇසීමට සිදුව තියෙනවා.
  • අපට විවිධ පළාත්වලින් ලැබෙන තොරතුරු අනුව පොදුජන පෙරමුණේ නායකයන්ගේ සිට පහළට ඇතැමුන් ක්‍රියා කරන්නේ තමන්ට තනිව ම දිනන්න පුළුවන් යන මානසිකත්වයෙන්.
  • ඒ ඒ ප්‍රදේශවල පොදුජන පෙරමුණේ නායකයන් ඇතැම් විට අනෙක් පක්‍ෂවල අයට තමන් සමග වැඩ කිරීමට, තම රැස්වීම්වලට එන්න එපා කියනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇල්පිටියේ ජයග්‍රහණයෙන් පසු එවැනි ප්‍රශ්නයක් ඇසීමට සිදු වීම පවා කණගාටුවට කරුණක්. එහෙත් පොදුජන පෙරමුණේ ඇතැමුන්ගේ උද්ධච්ඡ මානසිකත්වය, ජාතික හා වාම කේන්ද්‍රීය කඳවුරේ අනෙක් පක්‍ෂවලට කුඩම්මාගේ නොව ඊටත් පහළ සැලකිල්ලක් ලබා දීම ආදිය හේතු කොටගෙන ගෝඨාභයට පරාජය අත් කර දීමට ඔවුන් උත්සාහ කරන්නේ දැයි ඇසීමට සිදුව තියෙනවා.

අපට විවිධ පළාත්වලින් ලැබෙන තොරතුරු අනුව පොදුජන පෙරමුණේ නායකයන්ගේ සිට පහළට ඇතැමුන් ක්‍රියා කරන්නේ තමන්ට තනිව ම දිනන්න පුළුවන් යන මානසිකත්වයෙන්. ඒ ඒ ප්‍රදේශවල පොදුජන පෙරමුණේ නායකයන් ඇතැම් විට අනෙක් පක්‍ෂවල අයට තමන් සමග වැඩ කිරීමට, තම රැස්වීම්වලට එන්න එපා කියනවා.

ඒ ඒ දිස්ත්‍රික්කවල ප්‍රධාන නියෝජිතයන් පත් කිරීමේ දී පවා මෙතෙක් පත් කළ අය නැතිව පොදුජන පෙරමුණේ වෙනත් අය පත්කර තිබෙනවා. මෙය ප්‍රශ්නයක්. අනෙක් පක්‍ෂ කරපිංච තත්වයට පත් වීමට සූදානම් කියා පොදුජන පෙරමුණේ නායකයන් ප්‍රාදේශීය නායකයන් සිතනවා නම් එය ගෝඨාබයට කරන අසාධාරණයක්.

මධුමාධව අරවින්දට වූ දේ !

මධුමාධව අරවින්දට වූ දේ තවත් උදාහරණයක් පමණයි. අප ඔහුට කැමති වුවත් අකමැති වුවත් ඔහු දේශප්‍රේමියෙක්. ඔහු මුස්ලිමුන් විවේචනය කරන්න ඇති. සිංහලයන් මුස්ලිමුන් හැඳින්වීමේ දී නොයෙක් වචන යොදා ගන්නවා. හම්බයා, මරක්කලයා, තම්බියා ආදී වශයෙන්. ඒ වචනවලට යම් පසුබිමක් තියෙනවා.

ජනප්‍රවාදය අනුව හම්බයන් නම යෙදී ඇත්තේ හම්බන් (සම්පන්) නම් යාත්‍රාවලින් පැමිණි බැවින්. මරක්කල යන්නෙහි ද එවැනි අදහසක් තියෙනවා. මරක්කල කියන්නෙ මරක් කලම් නැත්තන් ලී යාත්‍රාවලින් පැමිණි මිනිස්සු කියන එක. ඒ අය 14 වැනි සියවසේ ඉන්දියාව නමින් අද හඳුන්වන රටේ දකුණේ හින්දු පුනරුදයක් සමග ලංකාවට පැමිණි දෙමළ කතා කරන මුස්ලිමුන්.

ඇතැමුනට අනුව තම්බි කියන එක පසුව පැමිණි දෙමළ කතා කරන ජනයා මුස්ලිමුන් හැඳින්වීමට යොදා ගත් වචනයක්. තම්බි යන්නෙහි තේරුම මල්ලි යන්නයි. මුස්ලිමුන් මෙරටට පැමිණ ඇත්තේ දහහතරවැනි සියවසේ. මේ සම්බන්ධයෙන් මධුමාධව පවසා ඇත්තේත් වැරදි වසරක්.

මුස්ලිමුන් එකල සිංහලයන් සමග හොඳින් ජීවත් වෙලා තියෙනවා. පසුව පැමිණි දෙමළ කතා කරන ජනයා මේ මුස්ලිම් සිංහල සම්බන්ධය දැක මුස්ලිමුන් සිංහලයන්ගෙ මල්ලි යන අරුතින් තම්බි කියා තියෙනවා. මේ සියල්ල ජනප්‍රවාද. එහෙත් මෙහි ඉතිහාසයක් තියෙනවා.

test 15මධුමාධව මොන වචන යොදා ගත්තත් ඔහු පක්‍ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට මහින්ද ගම්මන්පිළට උපදෙස් දුන්නේ නම් එය වැරදියි. මධුමාධව එසේ ඉවත් කිරීම හෝ නොකිරීම හෝ ඉල්ලා අස්වීමට යැයි කීම හෝ පක්‍ෂයේ කටයුත්තක් මිස පිටස්තර නීතිඥයකුගේ කටයුත්තක් නො වෙයි. එවැනි පිටස්තරයකුගේ කීමට මහින්ද ක්‍රියා කෙළේ නම් එය වරදක්.

මා මේ කරුණු මෙසේ කීම ගැන ඇතැමුන් උරණ වෙන්න පුළුවන්. ඔවුන් කියන්න පුළුවන් ජනාධිපතිවරණයෙන් පසු ඒ ගැන කතා කරන්නටත් දැන් ගෝඨාබයගේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කරන ලෙසත්. අප හැකි ආකාරයට ගෝඨාබයගේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කරණවා.

ගෝඨාබය ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතු යැයි අප කීවේ අද ඊයේ නොවෙයි. ඔහු පක්‍ෂයක අපේක්‍ෂකයකු නොව ජාතික අපේක්‍ෂකයා බවත් අප කියා ඇති. අද ගෝඨාබය ජයග්‍රහණය කරවීම මෙන් ම පොදුජන එක්සත් පෙරමුණේ ග්‍රහණයට හසු නොකිරීම වෙනුවෙන් ක්‍රියා කිරීමත් අපේ වගකීමක්. එහෙත් පොදුජන පෙරමුණ කටයුතු කරන්නේ ගෝඨාබය පැරදවීමට ද කියල අහන්න වෙනවා.

ගෝඨාබය ජාතික අපේක්‍ෂකයා නොව පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයා බවට පත් කර ගැනීමට ඒ පක්‍ෂයේ ඇතැමුන් උත්සාහ කරනවා. ඒ විශේෂයෙන් ම මීළඟ මහා මැතිවරණය දිහා බලාගෙන. තම තමන් ඒ ඒ දිස්ත්‍රික්කවල අපේක්‍ෂකයන් වී මන්ත්‍රීවරුන් ඇමතිවරුන් වීම බොහෝ දෙනාගේ අභිලාෂයයි.

පොදුජන පෙරමුණේ ඇතැමුන් අනෙක් පක්‍ෂවලට කිසිම තැනක් නොදෙන්නේ තම රැස්වීම්වලට සහභාගි කර නොගන්නේ දිස්ත්‍රික් ප්‍රධාන නියෝජිතයන් ලෙස පත් නොකරන්නේ ප්‍රධාන වශයෙන් මේ හේතුවෙන්.

එහෙත් පොදුජන පෙරමුණ හිතනවා නම් අනෙක් පක්‍ෂ නැතිව ජයගත හැකිය කියා ඒ උද්ධච්ඡකම නිසා ඇතිවන්නක්. අප කතා කරන්නේ ජනාධිපතිවරණය ගැන. ඇල්පිටිය ප්‍රතිඵලයෙන් පෙන්වන්නේ පොදුජන පෙරමුණට ලැබුණ ඡන්ද ප්‍රතිශතය 56.3ක් පමණක් බවයි. එය සම්මත ප්‍රතිශතය ලෙස ගතහොත් සිංහල ජනතාවගේ ඡන්දයෙන් ගෝඨාබයට ලැබෙන්නේ මුළු ඡන්දවලින් 43% (56.3න් 3/4) පමණයි.

ශ්‍රීලනි පක්‍ෂයේ අනුගාමිකයන් යම් පිරිසක් නමුත් කෙණෙහිළිකම් නිසා ඡන්දය නොදී සිටියහොත් , වඩා භයානක ව වෙනත් අයකුට ඡන්දය දුන්නොත් අසිංහල ජනයාගේ ඡන්ද ලබා ගැනීමට සිදු වෙනවා. මේ ලිපියෙහි ගණනය කිරීම් සිංහලයන් ජනගහණයෙන් 3/4ක් හා අසිංහලයන් 1/4ක් යන පදනමෙන් කෙරෙනවා.

මහින්දට ලැබී ඇත්තේ අසිංහල ජනයාගේ ඡන්දයෙන් 12.79%ක් පමණයි !

පසුගිය ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කරන ලද එක් විශ්ලේෂණයකට අනුව මහින්ද රාජපක්‍ෂට ලැබී ඇත්තේ අසිංහල ජනයාගේ ඡන්දයෙන් 12.79%ක් පමණ. එය මුළු ඡන්ද ප්‍රමාණයෙන් නම් 3.2% (12.79න් 1/4)ක් පමණ. 43%ත් 3.2%ත් එකතු කළ විට ලැබෙන්නේ 46.2%ක් පමණ. ජයග්‍රහණයට එය ප්‍රමාණවත් වන්නේ නැහැ.

ශ්‍රී ල නි පක්‍ෂ ඡන්ද නැතිව අසිංහල ඡන්දවලින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැකි යැයි සිතන්නේ නම් එය මුළාවක්. මෙවර අසිංහල ජනයාගේ ඡන්දවලින් 25%ක උපරිමයක් ලැබුණත් එය මුළු ඡන්ද ප්‍රමාණයෙන් 6.25% (25න් 1/4)ක් පමණ. 43%ත් 6.25%ත් එකතු කළත් ලැබෙන්නේ 49.25%යි. සජිත් එයට අඩුවෙන් ගත්තොත් නම් ගෝඨාබයට දිනන්න පුළුවන්.

මේ ගණනය එළ හරකා මී හරකා සමග බඳිනවා වගේ වැඩක්. අප ඇල්පිටියෙ ඡන්දයේ සිංහල ජනයාගේ ඡන්දවල ප්‍රතිශතය මුළු රටට ම පොදුය යන උපකල්පනයෙන් ගෙන එයට පසුගිය ජනාධිපතිවරණයේ අසිංහල ජනයාගේ ඡන්ද ප්‍රතිශතය එකතු කිරීමක්.

අප පසුගිය ජනාධිපතිවරණය පමණක් සැලකුවොත් ලැබෙන ප්‍රතිශතය කුමක් ද? කලින් කී විශ්ලේෂණයට අනුව ගියවර ජනාධිපතිවරණයෙන් සිංහල ජනයාගේ ඡන්දවලින් මහින්දට ලැබී ඇත්තේ 58.25%ක් පමණ. ඇල්පිටියෙන් ලබා ගත් 56.3% එයට අඩුය කියා මංගල හා වෙනත් එ ජා පාක්‍ෂිකයන් කියන්න පුළුවන්.

එහෙත් ඒ 58.25%ට ශ්‍රී ල නි පක්‍ෂ ඡන්ද සියල්ල ම ඇතුළත්. අද ඉන් කොටසක් කැඩී ගොස්. ඇල්පිටියේ 69% ලැබෙන්නේ පොදුජන පෙරමුණේ හා ශ්‍රී ල නි පක්‍ෂයේ ඡන්ද ප්‍රතිශත එකතුවෙන්. එය 58.25%ට බෙහෙවින් වැඩියි. එ ජා පාක්‍ෂිකයන් 58.25% හෝ වෙනත් ප්‍රතිශතයක් හෝ 56.3%ට අඩු වී ඇත කියන්නේ ඒ බව නොසලකමින්.

පසුගිය ජනාධිපතිවරණය පමණක් සැලකුවොත් ඉහත සඳහන් විශ්ලේෂණයට අනුව මහින්දට ලැබුණේ 58.25%න් 3/4 + 12.79% න් 1/4= 47%ක් පමණ (මහින්දට ලැබුණේ 47.58%ක්. විශ්ලේෂණයෙන් ලැබෙන්නේ ආසන්න අගයන් පමණයි). ඒ එක්සත් ජනතා නිදහස් සංධානය ලබා ගත් මුළු ඡන්ද. මෙවර එය වැඩිවේවි.

එහෙත් මතක තබා ගත යුත්ත ගියවර ලැබුණු මුළු ඡන්ද මෙවර ශ්‍රී ල නි පක්‍ෂයට හා අනෙක් පක්‍ෂවලට කරන කෙණෙහිළිකම් නිසා අඩු වීමට ඉඩ ඇති බව. එමෙන් ම අසිංහල ජනයාගේ ඡන්ද ප්‍රතිශතයත් 12.79ට අඩු විය හැකි බව.

test 16මේ සියළු ගණනයන් නිමිත (ඇස්තමේන්තු) පමණයි. එහෙත් එක් කරුණක් පැහැදිලියි. පොදුජන පෙරමුණ අනෙක් පක්‍ෂවලට කෙණෙහිළිකම් කර ගෝඨාබය පැරදවීමට කටයුතු කරනවා. පොදුජන පෙරමුණ හිතනවා නම් තමන්ට පමණක් දිනිය හැකිය කියා ඉන් කෙරෙන්නේ ගෝඨාභය පැරදවීමයි.

අනෙක් පක්‍ෂවල අනුගාමිකයන් ඡන්දය නොදී සිටීමට හෝ වෙනත් අපේක්‍ෂකයකුට ඡන්දය දීමට හෝ තීරණය කළහොත් තත්වය බරපතළ වේවි.

ශ්‍රී ල නි පාක්‍ෂිකයන් කොහොමටත් තමන්ට ඡන්දය දෙන්නේ යැයි පොදුජන පෙරමුණේ අය හිතනවා නම් එහි වරදක් ඇති බව කියන්න ඕන.

ගෝඨාබය පැරදුණොත් පොදුජන පෙරමුණේ ඇත්තන්ට ඇමතිකමුත් නැති වේවි!''

 -  මහචාර්ය නලින් ද සිල්වා (ජාතික චින්තනය 'කාලය' FB පිටුවෙන් උපුටා ගන්නා ලදී) 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...