බහුතර වෘත්තියවේදීන් පවා යම් පක්ෂයක හෝ කණ්ඩයමක වහලුන් වන අතර විචාරාත්මකව බැලූ විට කිසිදු ආකාරයකින් සිදු නොවීය හැකි දෙයක් තමන්ගේ පක්ෂයේ හෝ කණ්ඩායමේ නායක කාරකාදීන් පවසන්නේ නම් එය කිසිදු විචාරයකින් තොරව පිළිගනු ලබන අතර එපමණක් නොව ඒ අතේ රෝල ප්‍රචාරය කිරීම සදහා ද ක්‍රියාත්මක වේ.
හොදම උදාහරණය බාල ගල් අඟුරු සිද්ධියේදී බොහෝ මාලිමා හිතවාදීන් බාල ගල් අගුරු ආනයනය කිරීමෙන් රටට කිසිදු මූල්‍යමය පාඩුවක් සිදු නොවන බව ප්‍රකාශ කරමින් කුමාර ජයකොඩි සේදීම සදහා අනවරත උත්සාහයක් ගන්නා ලද අතර, විදුලි ඉංජිනේරු වරුන්ද මේ පට්ටපල් බොරුව සමාජ ගත කිරීමට උත්සාහ කරන ලද අතර ඔවුන් විසින් මේ බාල ගල් අඟුරු සැපයීම නිසා පනවන ලද දඩ මුදල මගින් ලංකාවට අති විශාල ලාභයක් ලැබුණු බව ඇඟවීමට උත්සාහ කරමින් සිටි.
මේ සම්බන්ධව මහජන උපයෝගිතා කොමිෂන් සභාව මගින් සකස් කරන ලද වාර්තාව අනුව,

1. වත්මන් ගල් අඟුරු සැපයුම් කරු විසින් සපයනු ලබන ගල් අඟුරු තොග භාවිතා කරන අතරතුර ලක් විජය බලාගාරයේ විදුලිය උත්පාදන ලොග් වලින් ලබා ගත් උපරිම උත්පාදන ධාරිතාවන් හි සාමාන්‍ය සලකා බැලූ විට, එම තොග භාවිතා කරමින් මෙම බලාගාරයට එහි පූර්ණ උත්පාදන ධාරිතවෙන් කළ නොහැකි බව නිරීක්ෂණය වේ.
2. මෙම කාල සීමාව තුල වත්මන් සැපයුම්කරු විසින් ලබා දුන් ගල් අඟුරු තොග නවයම බලාගාරය සදහා භාවිතා කිරීමේදී එහි සාමාන්‍ය ගල් අඟුරු පරිභෝජන අනුපාතය ඉහල අගයක් ගන්නා බව නිරීක්ෂණය වේ.( තාක්ෂණික කරුණු සාමාන්‍ය ගල් අඟුරු පරිභෝජන අනුපාතය යනු නිශ්චිත විදුලි ඒකකයක් නිපදවීමට වැය වන ගල් අඟුරු ප්‍රමාණයයි. ඉහළ අගයක් ගැනීම යන්නෙහි අදහස වන්නේ ගල් අඟුරු වල ගුණාත්මක භාවය අඩු නිසා වැඩි ප්‍රමාණයක් පුළුස්සා දැමීම ට සිදු වීමයි.)
මෙම නිරීක්ෂණයන් ඇතුළු තවත් නිරීක්ෂණ රාශියක් මේ වාර්තාවේ ඇතුළු වේ.
මේ වාර්තාව අනුව බාල ගල් අඟුරු නැව් 9යේ ගල් අඟුරු තොග 9 නිසා දැනට සිදු වී ඇති අලාභය රුපියල් මිලියන 8497 ක් බව එම වාර්තාව අනුව පෙනී යයි.

මීට අමතරව නොරොච්චෝලේ අවට ප්‍රදේශයේ දැවැන්ත පරිසර දුෂණයක් සිදු වෙමින් පවතින අතර මාර්තු 4 දිනයේදී 3 වන ඒකකයේ ගල් අගුරු අඹරන යන්ත්‍ර දෙකක් අවහිර වීම වෙනුවෙන් එහි ජනන ධාරිතාව මෙගාවොට් 170 දක්වා සීග්‍රයෙන් පහත වැටී ඇති බවත් ගල් අඟුරු යන්ත්‍ර අවහිර වීම නිසා ගිනිදැල් ස්ථාවරව පවත්වා ගැනීමට විදුලි බල මණ්ඩලය අධික පිරි වැයක් දරා ඩීසල් විඳීම සිදු කරනු ලැබේ.
රනිල් වික්‍රමසිංහ ගේ බ්‍රිතාන්‍ය සංචාරය සදහා වියදම් වූ මුදල ගැන පශ්චාත් භාගයේ ඉත්තැවන් දුවන උන් ට මේ බිලියන ගණනක පාඩුව සම්බන්ධයෙන් වගේ වගක් නොමැත.
දේවාලේ කපුවා දේවාලේ තුළ මළ පහ කළාට ගද ගසන්නේ නැත.

(සටහන | නීතිඥ නාමල් රාජපක්ෂ)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික
namalraj6@gmail.com
උපුටා ගැනීම - Namal Rajapaksha ෆේස්බුක් පිටුවෙන්.




