ලාල් කාන්ත ගේ නිවස පිළිබද ප්‍රශ්නය එළියට පැමිණ සමාජ මාධ්‍ය වල දිගට හරහට ඔහුට පහර දෙන විට මාලිමා ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දේශපාලන දඩයමක් කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමත් සමග ඇති වූ වේදනාව හා සමාන වේදනාවක් ඇති වුණි.
ලාල් කාන්ත තමන්ට එම නිවස සෑදීමට හැකි වූයේ තමන් විසින් දීර්ඝ කාලයක් ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලිකයෙක් වශයෙන් අත් කර ගත් සමාජ ප්‍රාග්ධනය නිසා බව සදහන් කළත් දේශපාලන විරුද්ධවාදීන් එය නොපිළිගෙන සතර අතේ පහර දෙනු දක්නට ලැබේ.

මම නම් ලාල් කාන්ත කියූ සමාජ ප්‍රාග්ධනය පිළිබද කතාව එක හෙළා පිළිගනිමි.
ලාල් කාන්ත ඔය නිවසට වඩා නිවසක් පවා ලැබීය හැකි මට්ටමේ සමාජ ප්‍රාග්ධනයක් අත් පත් කර ගත් අයෙක් වේ.
3% තිබූ දේශපාලන පක්ෂයක් 1978 ජේ.ආර්. ජයවර්ධන මෙම සමානුපාතික ඡන්ද ක්‍රමය හදුන්වා දුන් පසු තනි පක්ෂයක් හෝ කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ ආසන159 ක් එනම්2/3 කට අධික බලයක් ඒම තේරී පත්වූ මන්ත්‍රීවරු අතරින් මන්ත්‍රීවරු 125 පමණ කිසිදු ඡන්ද දායකයන් නොහඳුනන ලාල් කාන්ත ම වරක් ප්‍රකාශ කළ පරිදි ඔහු ද බොහෝ අය හදුනන්නේ නැත පත් වීමට හැකි වූයේ ඒ මන්ත්‍රී වරුන්ගේ සුදුසු කම් නිසා නොව ලාල් කාන්ත, අනුර කුමාර දිසානායක, විජිත හේරත්, හරිනි අමරසූරිය, වැනි අයගේ සමාජ ප්‍රාග්ධනය නිසා වේ.

උදහරණයක් ලෙස පාඨලි චම්පික රණවක ගනිමු. රටේ ඉහළ මධ්‍යම පංතියේ යම් කණ්ඩායමක් අතර ඔහුගේ දක්ෂතාවය සහ හැකියාව පිළිබද ඇගයීමක් ඇති අතර ඒ අනුව ඔහු වෙත ඉහළ මධ්‍යම පංතියේ වෘතීයවේදීන් රාශියකගේ අවධානය සහ කැමැත්ත ඇති බැවින් ඔහු වෙත යම් සමාජ ප්‍රාග්ධනයක් ඇත. එම නිසා ඔහු වෙනුවෙන් නිවාස, යාන වාහන ලබා දීමට බොහෝ අය ඉදිරිපත් වේ.
හැබැයි සමාජ මාධ්‍ය ජාල වල සදහන් වී ඇති පරිදි නිශ්ශංක සේනාධිපති හෝ ඩඩ්ලි සිරිසේන මේ නිවසට සම්මාදම් වි ඇත්නම් අර්බුදයකි. නමුත් මම එසේ නොසිතමි.
ලාල් කාන්ත ගේ අමාත්‍යාංශය දැවැන්ත අමාත්‍යාංශයක එනම් කෘෂිකර්ම, වාරිමාර්ග, පශු සම්පත් සහ ඉඩම් අමාත්‍යාංශය වේ ලාල් කාන්ත ඉඩම් අමාත්‍යාංශය ට අයත් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉඩම් නීති විරෝධී ලෙස ලබා දී, පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ඇති ගොවිපොල වල් නීති විරෝධී ලෙස බැහැර කිරීමෙන්, කෘෂිකර්ම ඇමැති වශයෙන් පොහොර ගෙන ඒමේ ටෙන්ඩර් තම හිතවතුනට ලබා දීමෙන් මේ නිවාස සහ දේපළ අත් පත් කර ගෙන ඇත්නම් ලාල් කාන්ත ට මෙසේ පහර ගසා අධිකරණ ක්‍රියා මාර්ග වලට ගොස් හීරේ දැමිය යුතු වේ.
එහෙත් හිතුවක්කාර, සොදුරු, ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න ගොඩක් අයට වඩා බරසාර ලාල් කාන්ත ට ඇත්තෙන්ම මේ දේපල ලැබී ඇත්තේ සමාජ ප්‍රාග්ධනය නිසා බව මගේ ස්ථාවරයයි.
ඇත්තටම මට ලාල් ගැන රනිල් ගැන වගේම දුකයි..(සටහන | ජ්‍යෙෂ්ඨ නීතිඥ නාමල් රාජපක්ෂ )
namalraj6@gmail.com
උපුටා ගැනීම - Namal Rajapaksha ෆේස්බුක් පිටුවෙන්..




